ඔයත් කැමති මේ වගේ අයටද?

 




ඔයත් කැමති මේ වගේ අයටද?
මම හරිම කැමතියි, මාව අහගෙන ඉන්න පුළුවන් අයට, සතුට වගේම දුකත්.
මම හරිම කැමතියි, මාව අගය කරන අයට, ස්තූතියි, සමාවෙන්න,වගේ වචන වලට ආදරය කරන අයට
මම හරි කැමතියි, සින්දුවක් අහන්න, කවියක් විදින්න, ෆිල්ම් එකක් රසවිදින්න පුළුවන් ඒ ගැන කථා කරන්න පුළුවන් අය එක්ක ජිවිතේ ගෙවන්න...
මම හරි කැමතියි, මගේ වැරදි මාත් එක්ක විතරක් කියලා, අනිත් අය එක්ක නොකිය ඉන්න අයව ලන් කරගන්න.
මම හරි කැමතියි, ජිවිතේ හැටි එහෙම තමයි කියලා, ඔයාට පුළුවන් කියලා වැටෙන්න නොදි මාව අල්ල ගන්න අය එක්ක විතරක් ඉන්න.
මම හරි කැමතියි, කොච්චර බිසි වුනත් මම වෙනුවෙන් කාලය වෙන් කරගන්න පුළුවන් අය එක්ක ටිකක් කථා කරන්න. 
මම හරි කැමතියි මගේ අතීතය මොකක් වුනත් මගේ වර්ථමානය පිළිගන්න මිනිස්සුන්ව ඇත් නොකර ඉන්න.
මම හරි කැමතියි, බොරු පොරොන්දු දීලා, නැතිනම් බොරු කරලා  මගේ විශ්වාසය කඩන්නෙ නැති අයව ආශ්‍රය කරන්න.
මම හරි කැමතියි, ඇත්ත වෙනුවෙන් කථාකරන අවශ්‍යම වෙලාවල මාව තනි නොකරන අයව ළගින් තියාගන්න.
මම හරි කැමතියි, උදව්වක් ඉල්ලන්න්න, වාසියක් ලගදි විතරක් මාව මතක් නොවෙන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න.
මම හරි කැමතියි, මගේම අදහස් නැතත්, මගේ අදහස් වලට ඉඩක් දෙන මිනිස්සු ළගින්ම තියාගන්න.
මම හරි කැමතියි, පවුල් ජිවිත ලස්සනට ගෙනියන මිනිස්සුන්ට ඉරිසියා නොකර, තමන්ගේ පව්ලත් සතුටින් රැකගන්න මිනිස්සු ආශ්‍රය කරන්න.
මම හරි කැමතියි සල්ලිම නෙවෙයි ජිවිතේ කියලා, ට්‍රිප් එකක් ගිහින්, රස කැමක් හදන් ජිවිතේ ගෙවෙන අයව ළගින් තියාගන්න
මම හරි කැමතියි, දරුවන්ට ආදරෙන් කථා කරන, ආදරෙන් ඉන්න අයව ආශරය කරන්න.
මම හරි කැමතියි, ලේ බැදිම් නැතත් මාව තමන්ගේ කරගෙන සලකන අය වෙනුවෙන් දෙවල් කරන්න..
වයස මොකක් වුනත් ඒක අමතක කරලා, චරිත්වල කොටු නොවී, ගෙවෙන මේ මොහොත සතුටින් ගෙවෙන අය එක්ක කාලය ගත කරන්න.
දන්නවද? මම ජිවිතේට ළන් කරගෙන තියෙන්නේ ගොඩාක් සීමිත පිරිසක් ඇයි දන්නවද ? මම කැමති දේවල් ගොඩාක් අය ළග නැති නිසා.
ඒත් මම හරි සතුටින් ඉන්නව......මම ළන් කරගත්ත අය මේ හැමදෙම නැතත් ගොඩාක් දේවල් තියෙන  ආදර්නීයම අය නිසා, එයාලට මම හරි ආදරෙයි......
උදාරි ජයතිලක

Post a Comment

0 Comments