පුතේ නුඹ මට

 



පුතේ නුඹ මට
ලෝකයක් නොකියමි
නුඹය මගේ සියළු දේ
හද පුරා පවසමි........
ළය පුරා දෝර යන
සෙනෙහසින් නහවමි
ඇසිපියන් නොසෙල්වා
මම නුබව සුරකිමි.......
ලොකු වෙලා දවසක,
ගිය පසුව සරණෙක
අත්හරිමි මා නුඹව
බිද දමා බන්ධන.....
එතැන් සිට ඈතක
වෙලා මම පැත්තක
නුඹ තුටින් ඉදිනු දැක
කදුළු නැහැ ඇස්වල.......
මැනල නොදුන් කිරිවල
ණය ගෙවන්නට නුඹ,
එපා දහිරිය ගන්න
ඒ... ණයක් නම් නෙවෙයි
ගෙවන්නට මම දුන්නු.........


ඔව්......අම්මා කෙනෙක්ට පුතෙක් කියන්නේ හැමදේම.
පුතෙක් ඉන්නවානම් අම්මෙක්ට ලොකු ශක්තියක්,ආඩම්බරයක්......
ඒත්, දවසක අත්හැරගන්න බැරිව ලෝභ වෙන්න හිතන්න එපා. ගොඩාක් ප්‍රශ්න වලට හේතුවක් ඒකම වෙයි. ඇයි දන්නවාද? දවසක ඒ පුතාව විශ්වාස කරලා, තවත් පවුලක ආදරෙන් රැකබලාගත්තු දුවෙක් ඒ පුතා ළගට එනවා, ඒ තමයි යථාර්තය..ඒදා ඉදන් ඒ අයිතිය ඇයට නිර්ලෝභිව දෙන්න.මොකද ගැහැණු හිත්, ආදරය වගෙම අවධානයත් ගොඩාක් බලාපොරොත්තු වෙනවා.කොච්චර කැපවීමි කරලා පුතෙක් හැදුවත් . ඒ පුතා කුඩුවක් හදපු දවසට සමතැන ඉල්ලන්න එපා ඒක ප්‍රශ්නයක් අම්මා කියන්නේ අම්මට ,බිරිද කියන්නේ බිරිදට ඉතින් කොහොම සමාන කරන්නද?

ආදරේ සහ ඉරිසියාව කියන්නේ දෙකක්. ඒ දෙක පටලගත්තු දවසක අසරණ වෙන්නේ අද ඔයා තුරුලට කරගෙන හදන ඒ පුතාම තමයි.
ඉතින් ඒ ආදරේ මොකටද නේද?

හැමදාම කියනවා වගේ පුතෙක් කියන්නේ ආයෝජනයක් නම් වෙයි  
 (දුවෙකුටත් අදාලයි )  මැනලා නොදුන් කිරි කියන්නේ දරුවෙක් වෙන ණයක් කියලා තාමත් හිතනවානම්......ආයෙත් හිතන්න ඒක එහෙමද කියලා.

දරුවෙකුට මේ ලොකේට ආවට පස්සේ දුකක් නොදි තියාගන්න පුළුවන් විතරක් එයාල ඔයාගේ කුසේ ඉඩක් වෙන් කරන්න. ඇයි දන්නවද දරුවො වෙනුවෙන් අපි කරන කැපවීමි සතුටින් කරන්න ඕනි නිසා... විශේෂයෙන් ඒක ණයක් නෙවි. පෙරළා බලපොරොත්තු වෙන.

 බැදිම් කියන්නෙ අළුත් වෙන දෙයක්. ජිවිතේ චක්‍රයක්, ඒක හැමදාටම හැමෝටම පොදුයි....

උදරි ජයතිලක


Post a Comment

0 Comments