''ඇයි මොකද කට නැද්ද?
අහපු ප්‍රශ්නේට වත් උඹට
උත්තරේ දී ගන්න.......
හැමදාම පන්තියේ
අන්තිමට ඉදගන්න
ගෙදර දුන් වැඩේවත්
නොකර ඇති පොත දෙන්න........
මෙහෙම දරුවන් හදන
අම්මලත් මෙහෙම ඇති''
ඇස් දෙකත් කදුළුවල
බොද වුනා කිව්වාහම.....
අහපු ප්‍රශ්නේට වත් උඹට
උත්තරේ දී ගන්න.......
හැමදාම පන්තියේ
අන්තිමට ඉදගන්න
ගෙදර දුන් වැඩේවත්
නොකර ඇති පොත දෙන්න........
මෙහෙම දරුවන් හදන
අම්මලත් මෙහෙම ඇති''
ඇස් දෙකත් කදුළුවල
බොද වුනා කිව්වාහම.....
පොත අරන් ගියේ මම
පෙර දිනේ ගෙදර වැඩ
හැමදාම මේ ලෙසට
කල නිසයි
පෙර දිනේ ගෙදර වැඩ
හැමදාම මේ ලෙසට
කල නිසයි
මග නොහැර
ගුරුතුමි බැන්නාට........
දන්න උත්තර පවා
දෙන්න මම හරි බයයි
ඒ ඇයිද දන්නවද?
මුල් දිනේ නුඹ බැන්නා
මම ප්‍රශ්න ඇහුවාම.......
ඉතින් කොහමද ටීචර් ?
මමත් උත්තර දෙන්නේ?
මමත් කැමති ටීචර්
ඉස්සරහා ඉදගන්න
එදා නුඹමයි කිව්වේ
පසුපසට මට යන්න....
නොකල වැරදිත් අරන්
හැමදාම සැර වෙන්න
කියනවද මගේ ටීචර්
වැරදි ටික දැනගන්න......
දෙන්න මම හරි බයයි
ඒ ඇයිද දන්නවද?
මුල් දිනේ නුඹ බැන්නා
මම ප්‍රශ්න ඇහුවාම.......
ඉතින් කොහමද ටීචර් ?
මමත් උත්තර දෙන්නේ?
මමත් කැමති ටීචර්
ඉස්සරහා ඉදගන්න
එදා නුඹමයි කිව්වේ
පසුපසට මට යන්න....
නොකල වැරදිත් අරන්
හැමදාම සැර වෙන්න
කියනවද මගේ ටීචර්
වැරදි ටික දැනගන්න......
''ඔයා ඉස්කොලේ යන්න
අම්මී වගේමයි තමයි
ටීචරුත් එහේ ඉන්න''
එහෙම කියලයි අම්මා
හැමදාම මට කිව්වේ......
පන්තියේ අවුරුද්ද
ගෙවිලා දැන් භාගේටම
ඒත් නුඹ බනින්නෙම
නොකළ වරදටමද කොහේද?
වාර විභාගේ ලකුණු
දැක්කාම දින නුඹ කිව්වේ
අම්මී වගේමයි තමයි
ටීචරුත් එහේ ඉන්න''
එහෙම කියලයි අම්මා
හැමදාම මට කිව්වේ......
පන්තියේ අවුරුද්ද
ගෙවිලා දැන් භාගේටම
ඒත් නුඹ බනින්නෙම
නොකළ වරදටමද කොහේද?
වාර විභාගේ ලකුණු
දැක්කාම දින නුඹ කිව්වේ
''කොපි කලා නේද නුඹ?
මේ තරම් තරු ගන්න...''
මේ තරම් තරු ගන්න...''
ලියපු මේ දේවල් කියවලා අපි නම් මෙහෙම දරුවන්ට කරන්නේ නැහැ කියලා ගුරුවරියක් වෙච්ච ඔබ තරහා ගන්නවත්, දුක හිතන්නවත් එපා. කෙටියෙන්ම කිව්වොත් ඔයාට මේක අදාල කරගන්න එපා.
ඒත් තමන්ගේ වෘත්තියේ වැදගත් කම වත් නොදන්න, අහින්සක හිත් තලන මේ වගේ අයත් ඉන්නවා. ඔයාට වගෙම මටත් මුණගැහිලා තියෙනවා.
දරුවෙක්ගේ දක්ෂතාව හදුනගන්න බැරි,අගය කරන්න බැරි තමන්ගේ රැකියාව මොකක්ද කියලා හිතලාවත් නැති අය ඉන්නවා.
''ඒ ටීචර් මට කැමති නැහැ.'' එහෙම දෙයක් දරුවෙක් කිව්වොත් සැලකිලිමත් වෙන්න. කොතැනක හරි වැරැද්දක් තියෙනවා.
දුවෙක් උනත් පුතෙක් උනත් ඉස්කොලේට ගිය දරුවා ආපසු සතුටෙන් එන එක තමයි හැම අම්මෙක්ම පාර්ථනා කරන්නේ. ඒත් ඒක එහෙම නොවෙනවානම් ඒ ගැනත් හිතන්න වෙනවා.
දරුවෙක්ම අපහසුතාවයට පත් කරලා සතුටු වෙන වීඩියො පවා පසුගිය කාලේ මම වගෙම ඔයත් දකින්න ඇති.
දරුවෙක් පාඩමට සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවත් තරහා ගන්නවානම් , හිතගන්න පුළුවන් නේද ඒ මමත්වය ගැන
ලෝකයේ තිබෙන රැකියාවල් වලින් තමන්ගේ රාජකාරිය යහපත් වු මානසිකත්වයෙන් කරන ඔනම රැකියාව තමයි ගුරුවරයෙක්ගේ රැකියාව. තමන්ගේ ගෙදර ප්‍රශ්න හෝ ආයතන ප්‍රශ්න අහින්සක දරුවන්ගේ පිටින් යවන්න නම් කොහෙත්ම අවසරයක් නැති රැකියාවක්. මොකද උදේ හවස පරික්ෂා කරන සම්ප්‍රදායික රාමුවකට කොටුවෙච්ච විනය හැදිම කෙසේ වෙතත්, අනාගතේ යහපත් පොර්ෂකින් යුතු මිනිසුන් බිහිවෙන්න ඕනි පාසැල් වලින්ම තමයි.
හැම දරුවෙකුටම එක වගේ සලකන්න බැරි නම් ඒ වෘත්තියේ ගරුත්වයෙන් නම් වැඩක් නැහැ.
ගහලා බැනලාම විතරක් නෙවෙයි දැන් මිනිස්සු ඊට වඩා සාර්ථකම ක්‍රම දැනගන්න ඕනි ළමෙක්ව ගොඩනගන්න. කිරි හොද්දයි ඔයාගේ දරුවඉ පටලගන්න එපා. හැදි නොගැවට ලස්සනට ගොඩනැගෙන දරුවොත් ඉන්නවා.
මේ මම හිතන විදිහ, මොකද මමත් දරුවෙක්ට පුළුවන් හැම අවස්ථාවකම දඩුවම් නොකර ඉන්න උත්සහ ගන්න මවක්.වැදගත්ම දේ, ඒ හිතේ සතුටම විතරයි.එයාගේ වැරදි හරි විදිහට පෙන්නන්න. මොකද එයාලට කියන්නේ ලමයි කියලා.
උදාරි ජයතිලක
0 Comments