කියන්නේ නැති දේවල් අහන්න එපා...
ඇත්තම හේතුව ඔයා දැනගෙන ඉද්දිත්, ඒ ඇත්තම ඇත්ත සගවගෙන ඒ අය ඔයත් එක්ක ''එහෙම වුනේ මේ නිසා කියලා මුසාවක් කියන අවස්ථා වලට ඔයා මූණ දීලා තියෙනවද?
ඒ වගේ වෙලාවට ඒ ඇත්ත ගැන නොවිමසා ඉන්න පුළුවන් නම් කවුරුවත් අපහසුතාවයට පත් නොවෙන්න පුළුවන්,
එයා ඔයාගේ හොදම යාළුවෙක් වෙන්න පුළුවන් නැතිනම් දන්න හදුනන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඇත්ත ඔයාගෙන් හන්ගන්න එයාටත් හේතු ඇති.
ලැජ්ජාව
ඔයා ගැන විශ්වාසයක් නැතිකම
අවස්ථානුකුලව රැවටීමටකට
තමන්ගේ සමාජ තත්වය නැතිවෙයි කියන බය
ඔය කී නොකි මොන හේතුව හරි වෙන්න පුළුවන්.
ගහ දන්න මිනිහට කොළ කඩා පාන බව දැනගනත් ඒ බව නොදන්නවා වගේ ඉන්න පුළුවන් නම්.
'' හානේ ඇත්තද? ඒ නිසාද''
කියලා අහන්න පුළුවන් නම් එයාට තවත් සතුටු හිතෙයි . ඔයා මුකුත් මේ ගැන දන්නේ නැහැ කියලා.
ඒත් එහෙම සගවන දෙවල් මිනිස්සුන්ගෙන් අහන්න යන්න එපා. මොකද හැම කෙනාම තම්න්ගේ ආත්ම ගරුත්වය තත්වය ගැන ගොඩක් හිතනවා.
අනිත් අය සගවන්න උත්සහා කරන කුණු අවුස්සන ටිකක් හරි ආසාවක් තියෙනවානම් ඔයා ඔයාගේ හිත පාලනය කර ගන්න. ඒක කාටත් හොදයි.
ඒ වගේම ඔයාගෙන් ඇත්ත සගවන්න උත්සහා කරන කෙනා ගැන ඔයාට තියෙන විශ්වාසය ගැනනම් දෙපාරක් හිතන්න උත්සහා ගන්න.
දන්න හදුනන හැමෝම යාලුවෝ නෙවෙයි...
ඔයා හිතවත් හැමෝම ඔයාට හිත්වත් නැහැ
යාළුවො උනත් හැමෝම කල්‍යණ මිතුරන් නෙවෙයි.......
මේ දෙවල් තෙරුම් ගත්තම ජිවිතේ පසුතැවිම් අඩුවෙලා.රැවටෙන එක නවත්තගන්න ඔයාට පහසුවක් වෙනවා..
හැමෝම ඔයා වගේ නෙවෙයි ඒක මතක තියාගෙන ඉන්න එතකොට හිනාවෙලා ඉන්න පුළුවන්
උදාරි ජයතිලක
0 Comments