වැරදියට දැන ගන්න කලින් එයාට කියන්න..........

 




වැරදියට දැන ගන්න කලින් එයාට  කියන්න............

 

මුඛය, අමාශය  ආහාර, පෝෂණය, ජිර්ණය  සම්බන්ධයෙන් -ආහාර ජිර්ණට පද්ධතියය

නාසය,පෙණහැල්ල  ආශ්වාස,ප්‍රාශ්වාස, ඔක්ෂිජන්, කාබන්ඩයොක්සයිඩි සම්බන්ධයෙන් -ශ්වසන පද්ධතිය 

හෘදය, ශිරා, ධමනි, රුධිරය-  රුධිර සන්සරණ පද්ධතිය

යෝනිය, ශිෂ්ණය, ඩිම්භ, ශුක්රාණු,ප්‍රජනන පද්ධතිය - අම්මෝ කුණුහරුප,ලැජ්ජාව, සන්ස්කෘතිය 


දරුවන්ගෙන් මේවා සගවා යම් අපයෝජනයක් වු පසු ,යොවුන් වියේදි ගැහැණු දරුවෙකු නොදන්නා කමින් රැවටී ගැබ්ගත් විට   -''ඉවරයි උඹ අපේ මුණේ දෑලි ගැවා''


අපිට කොහේ හෝ වැරදි ඇත.


කුසගින්න දැනුනු කල අහාරද

පිපාසය දැනුනු කල වතුර මෙන්ම

එයද මූලික අවශ‍යතාවයකි. වැදගත්ම වන්නේ අන් ඒවාදි මෙන්ම නොව, එහිදි ඇති කරන්නවු හිකිමීමයි, විනයයයි. එම හැගිම් පාලනය කිරිමේ ඇති හැකියාව මත මිනිසුන් බොහෝ විට තිරිසනුන් ගෙන් වෙනස් වේ. අප දරුවන් හුරුකල යුත්තේ ස්වයන් පාලනයකට මිස. දැඩි නීතිරිති මැද හිර කිරිම නොවේ.

මිනිස් සිරුර යනු සෛල වල එකතුවකින් සෑදි අවයව නිර්මාණය වී විවිධ වු කාර්ය්‍යන් ඉටුකිරිමට බලා සිටිනා විශ්මිත වු නිර්මාණයකි. නමුත් මිනිස් සිරුර තුල ඇති සමහර අවයව සහ කාර්ය්‍යන්  ගැන කථා කිරිම අප වැනි රටක  අසභ්‍යය, සxස්කෘතිය විනාශ කිරිමකි. ඉතාමත් පහත්ය. ඒත් ඇත්ත ඇති සැටීයෙන් පැවසුවහොත් එවන් කරුණු සැගවීම තුල අනාදිමත් කාලයක් තුල අපචාරයන්ට ගොදුරු වන්නේද අපෙම දරුවන්ය.රැකගත් සන්ස්කෘතියක තරම දිනපතා ඇසෙන්නාවු දුක්බර සහ පිලිකුල් සහගත පුවත් වලින් ඔබට මෙන්ම මා හටද තේරුම් ගත හැක


අද තාක්ෂණය බොහෝ දියුණුය, පෙර පාසැල් යන දරුවාට පවා අන්තර්ජාලය තුල සැරිසැරිමෙන් සහ වෙනත් වු මාර්ග ඔස්සේ ඔබ දරුවාගෙන් වසන් කරන්නට තැත් කරන ඒ මැජික් වචනය එනම් ලින්ගිකත්වය දැනගැනිමට හැකියාවක් ඇත.වරදවන්නේ එතැනම නොව ඔබ සගවන බොහෝ දේ ඔවුන් දැනගන්නේ වැරදි ක්‍රම හෝ වැරදි පුද්ගලයන්ගෙන් වීමය, එහිදි ඔවුනට ඇතිවන කුතුහලය සහ වැරදි වු වැටහීම් ඔවුන්ගේ ජිවිත විනාශ කිරිමට පවා හේතු වනවා ඇත.


ඔබ තාමත් කුඩා යැයි සලකන ඔබේ දරුවා ඔබ දන්නවාට වඩා යමක් හොද හෝ නරක වු මොන ක්‍රමයකින් හෝ දැනගෙන ඉන්නවා විය හැක.

දරුවෙකු සන්වර ලෙස හැදිම කරුණු සැගවීමකින් නොව කරුණු කියදෙමෙන් වඩා සාර්ථක කර ගත හැක. එවිට ඔවුන් තුල ඇතිවෙන හික්මීම සහ සන්වර ගති ඇතිවන්නේ අවබෝධයෙන් මිස අනාවබෝධයෙන් නොවේ.

මේ ඔබ හෝ මම ජීවත් වු යුගය නොවේ.සමවයස් වල තම විරුද්ධ වු පාර්ෂ්වයෙන් දරුවා ඇත් කිරිම හෝ තහxචි දැමීම තුලින් දරුවන් ආරක්ෂා කිරිම කෙතරම් සාර්ථක දැයි නොදනීමි නමුත් ඔබගේ ලැජ්ජාව පසෙකින් තබා දරුවාට  පරිස්සම් විමට, ආරක්ෂා වීමට කියා දීම ඔබේ යුතුකමකි. පාසැල් විෂය නිර්දේශය තුලට මෙවැනි කරුණු ඇතුලත් කරනකන් බලා ගෙන ඉන්න එපා. කියා දෙන්න හැකි විදිහට. ඇත්තම ඇත්ත වන්නේ ලැජ්ජාව, සන්ස්කෘතිය මේ හැම දෙට වඩා වටින්නේ අපිට අපේ දරුවන් බව අමතක නොකරන්න. 

දරුවෙකු විනය ගරුක හික්මීමක් සහිතව සෑදීම යනු, ..........


ගැහැනු දරුවෙකුගේ ඔසප් වීමකදි ඒ ගැන ලැජ්ජා වීමට හෝ සැගවීමට ඉගැන්වීම නොවේ ඇයට සනීපාරක්ෂක තුවා මිලදි ගැනීමට වත් නොහැකි ලෙස පෞරුෂය දුර්වල කිරිම නොවේ.


නව යොවුන් දරුවෙකු ස්වයන් වින්දනය කිරිම අපරාධකරුවෙකු සේ දැකීම නොවේ, (ඉන්දියවේ නිෂ්පාදනය  වු OMG 2 සිනමා පටය ඉන්දියාවට මෙන්ම ලන්කාවට එක සේ වැදගත් වන නිර්මාණයකි,එහි දෙමාපියන්ගේ ඇති අනාවබෝධය තුලින් දරුවන් පීඩාවට පත්වන අකාරය සුන්දර ලෙස පෙන්වා දෙයී


නව යොවුන් හැගිම් ගැන විවෘත ලෙස කථාකිරිමට නොහැකි ලෙස ඇය හෝ ඔහු ගොළු කිරිම නොවේ.


විරුද්ධ ලින්ගිකයන්ට ආකර්ෂණය වීම වැරද්දක් ලෙස පෙන්වීම නොවේ. '' උඹට දැන් එච්චරයි අඩු'' යොවුන් හැගිම් තෙරුන් නොගන්නා. තම යොවුන් විය කෙසේ ගත කලා දැයි අමතක බොහෝ මවුපියන්ගේ ඒ මිහිරි වදන් පෙළ මෙය වේ. එයින් පසු අනාගතයේ  ඔබ දරුවාට දොස් නගන්නේ. ''උබ ඇයි අපිට ඒ ගැන නොකිව්වෙ යන්නයි.'' ඔවුන්ගේ සිතුම් පැතුම් තෙරුම් නොගැනීම දෙමාපියන් බොහෝ දෙනෙකුගේ වරදකි. හොමෝන ක්‍රියාකාරීත්වය ඇති ඔනෑම සමන්‍ය දරුවෙකුගේ හැගිම් වෙනස් වීම තෙරුම් නොගැනීම ඔබේ  වරදකි.

අළුත උපන් නන්ගිලා, මල්ලිලා රෝස කැලයෙන් හෝ කපුටු කැලයෙන් ගෙන එන බව පැවසීම නොවේ.


ප්‍රජනනය, දරුවන් බිහිකිරිම යනු කුණුහරුප ලෙස දැකීම හෝ මැජික් ලෙස දැකීම හුරු කලේ කවදා කොතැනක කවුරුන්ද යැයි නොදනිමි. එහෙත් දරුවන්ගේ ඒ ඒ වයසට අදාලව අවශ්‍ය දැනුම ලබා දීම. කලෝචිත මෙන්ම සුදුසුම අවශ්යැතාවකි. ඒය රසස් ලෙස රකින තාක් ඔබේ දරුවා අනාරක්ෂිත බව මතක තබාගන්න.

 අඩුමගානේ අනාගතයේ හෝ පාපතරය්න්ට රැවටී මල් කැකුළු මිලින වීම නැවතීම ටිකක් හෝ අඩු වි. තවද '' බඩේ අමාරුවට රෝහල් ගතකල නව යොවුන් තරුණිය දරුවෙකු බිහිකරයි වැනි සිරස්තල අප ඇස ගැටීම අඩු වනු ඇත.''

තාමත් කියලා දුන්නේ නැතිනම් අනිසි විදිහට දැනගන්න කලින් ඔබේ මල් කැකුලට අදම  කියාදෙන්න '' අසිරිමත් සිරුර ගැනත්'' ඒවා මැජික් නොවන බවත්..............


උදාරි ජයතිලක

Post a Comment

0 Comments