අතාරින්න ඒත් අද නෙවේ, එයාලව අතාරින්න ඕනම තැනදි.

 





දුවෙක් උනත් පුතෙක් උනත් අපේ ඇස් මායිමෙන් දුරස්  වෙද්දි, ඒ කටහඩ ඇහෙන්නේ නැති වෙද්දි, ගෙවෙන ඒ තත්පරෙත් කල්පයක් වගේ නේද?ඔව් අම්මලා තාත්තලා බහුතරයකට  එහෙම තමයි.

කාලය කියන්නේ අපි  හිතනවාටත් වැඩිය ඉක්මනින් ගලාගෙන යන දෙයක්.මේ කාලය කොච්චර සුන්දර උනත් කාලය කියන්නේ නවත්වන්න බැරි දෙයක්, 

ඒක නිසා වෙන්නම ඇති දෙමව්පියන්ට දරුවෝ හැමදාමත් පොඩි කාලේ වගේ දැනෙන්නේ.

එ මොනදේ කොහොම උනත්, ආදරේ කොයිතරම් ප්‍රභල උනත් මතක තියාගන්නම ඕනි දේ දරුවන්ගේ ජිවිත අයිති එයාලට මිසක් අපිට නෙවෙයි කියන එක.තෙරෙන වයසට එනකන් මග පෙන්නුවත්, තනියම එයාලගේ ගමනක් යන දවසට එයාලව දුරස් කරන්නම ඕන. 


අපි මොන කැපවීම එයාලා වෙනුවෙන් අද කලත් ඒ හැමදෙම ආයිත් එයාලගෙන් බලාපොරොත්තු නොවි ඉන්න එක තමයි හොදම දේ. එතකොට හැමෝම හැමදම සතුටින්.

වයසට යද්දි අපිව බලාගන්න ඔනි කියලා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අද මෙහෙම නම් එයාලා ලොකු වෙද්දි මේ හැමදෙම ගොඩාක් වෙනස් වෙලා තියෙවි.

අතාරින්න ඒත් අද නෙවේ, එයාලව අතාරින්න ඕනම තැනදි. මොකද නිදහස කියන්නේ හැමෝටම ඕනි දෙයක්.


උදාරි ජයතිලක

Post a Comment

0 Comments