හැමෝටම තියෙනවා කථාවක්,



හැමෝටම තියෙනවා කථාවක්,
ඒ කථාව ගැන මුකුත් නොදැන
කී දෙනෙක් ගැන
වැරදි සිතිවිලි
ඔයාගේ හිත තුල
මැවෙන්නට ඇතිද?
එයා එහෙම වෙන්න
හේතුවක් ඇති
අහේතුකව වෙනස් වුණු අයටත්
කථාවක් ඇති,
ඔයාවත් මමවත්
නොදන්න...............

.


එහෙම වෙන්න එයාටත් හේතුවක් ඇති. ඔයාවත් මමවත් නොදන්න. 

එයා එහෙම කරන්නේ එහෙම නොකර බැරි හින්දා වෙන්නැති

''ඇයි එයා ඒ තරම් ආත්මාර්ථකාමි?'' ඔයා එහෙම හිතන කෙනා එහෙම වෙන්න ඇත්තේ උදව් කරන්න ගිහින් රැවටිලා හති වැටුන නිසාම වෙන්නත් පුළුවන්.

''කොහේවත් යන්නේ නෑ ගෙදරමයි'' එයා ගෙදරම ඉන්නේ මිනිස්සු අහන ප්‍රශ්න එයාව අසරණ කරන නිසා වෙන්නත් පුළුවන් නේද?

''බලන්න හයියෙන් කෑගහලා හිනාවෙන හැටි'' ඔයා දන්නවද එයා එහෙම හිනාවෙන්නේ මොහොතකට හරි හිතේ දුක හන්ගන්න වෙන්නත් පුළුවන්.

''බලන්න එයාගේ කිසි පිළිවෙලක් නෑ බලන්න එයාගේ ඇදුම දිහා'' ඔයා මෙහෙම කියන කෙනා ඒ ඇන්දේ එයාට තිබ්බ හොදම ඇදුම කියලා ඔයා නොදැන කියනවා ඇති

'' අපෝ ඔය කී වෙනි කෙනාද හරියට ඇදුම් මාරුකරනවා වගේ කොල්ලෝ මාරු කරන්නේ'' එහෙම ඔයා අපහාස කරපු කෙනා තාමත් තමන්ට ගැලපෙන කෙනා හොයාගන්න බැරුව අසරණ වෙලා ඉන්න තරම නොදැන එහෙම කියන්න ඔයාටවත් මටවත් අයිතියක් නෑ.



''පිට ගැණු ඔහොමම තමයි නැන්දම්මාලාට සලකන්නේ නෑ මහා නපුරියක්'' ඔයා කාට හරි එහෙම කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න එයා එහෙම නපුරු වුනේ කාගේ වරදින්ද කියලා. ඒ ඉවසීම ඔයාට හිතාගන්නවත් බැරුව ඇති සමහර විට.


ගොඩාක් දේවල් ඔයාටම වෙනකන් ඔයත් තව එක විනිසුරුවෙක් විතරයි අනුන්ගේ ජිවිත වල.එදාට ඔයත් සමහර විට එහෙම වෙයි. ඒ නිසා අනිත් අයව තීරණය කරන්න කලින්. හැමෝටම නොකියුව්ව කථාවක් තියෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා.


උදාරි ජයතිලක



Post a Comment

0 Comments