වෙනස් වීම...........




වෙනස් වීම...........


වෙනස් වු විට, පෙර නොසිටි විලසින්

ඇසෙයි අවලාද,දොස් කියති,පද හදති

මුල අමතක වෙලා ගිහින්

කෙළෙහි ගුණ නොදත් නිසාලු !!!

තෙපලයි සිටිනා තැන නොව

නොසිටිනා තැනවල.

ඒත්,...වෙනස් වන්නට හේතු...............

විමසයිද? අසයිද? කිසිවෙකු

''ඇයි නුඹ මෙහෙම?''

තව දුරටත් රැදෙන්නට බැරිම තැන

ඉවසීමේ සීමාවන් ඉක්මවා ගිය කලට

ඉද හිටවත් පෙනේ පුප්පා නොසිටියහොත්

දර මිටි පවා බැදීමට පවා

තමන් ගන්නා බවට අවබෝධ වු විට

වෙනස් වු බව කියන්න්ට තිබුණා

මොහොතකටවත් ඇසුවානම්

වෙනස් වන්නට හේතු........


වෙනස් වීම,

 

වෙනස් වෙන්න වෙනවා, ඔයා දන්නවද? වෙනස් නොවි ඉන්න හරි අමාරුයි. හිත් රිදිමි, මගහැරිම්, පාවිච්චි වීම්, නොගැලපිම් ළගදි වෙනස් නොවි ඉන්න හරි අමාරුයි.


ඉස්සර ඔයා හරි අහින්සකයි. අපි කැමති එහෙම හිටිය කෙනාට ඔයා දැන් හරි වෙනස්, ඒත් ඒ වෙනස් වීමට හෙතු දන්නේ අපිම විතරයි නේද?

''පහත් තැනින් යයි ගලා ජලේ" කාලයක් යද්දි තේරුම් යනවා නම් මෙහෙම ඉදලා හරියන්නේ නෑ කියලා ඔයා වෙනස් වෙන්න.....


නපුරු වෙන්න ඕනි තැනදි ටිකක් නපුරු වෙන්න, අසාධාරණය දැක්කම නිහඩව විදගන්නේ නැතිව ඔයා වෙනුවෙන් කථා කරන්න. ඔයා දන්නවද එහෙම නැතිව ඉහ ගහගෙන ඉන්න අමාරුයි. 


ඔයා අනිත් අයට ඕනි විදිහට ඉන්නකන් එයාලට ඔයා ගොඩක් හොද වෙන්න පුළුවන්, ඒත් වෙනස් වුන දවසට ඒ ඔයාගේ හොද එයාලට ඉක්මනටම අමතක වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් එයාලගේ විදිහට අපි නොසිටියොත් අන්න ඒ වේලාවේ ඉදන් එයාලට අපිව සෙට් වෙන්නේ නැතිව යනවා.ඒකයි ඇත්ත

ඉවසීම ගොඩක් හොදයි, ඒත් පමණට වඩා ඉවසද්දි ටිකක් පරිස්සම් වෙන්න. ඔයාට ඔයාවම නැතිවෙන්න පුළුවන්. 


මිනිස්සු වෙනස් වෙද්දි, අපි එවට හැඩ ගැහුනාමත් එයාලා කියන්නේ ඔයා දැන් වෙනස් කිය්ලා, ඔයාව මගහරිනවා කියලා දැනේනවානම් ඔයා බය නැතිව වෙනස් වෙන්න, ඒත් හේතුව දැනගන්න මොකද ඔයත් නොදන්න වැරැද්දක් ඔයා ළග තියෙන්න පුළුවන්


ඔයාට සලකන විදිහටම ඔයාත් එයාලට සලකන්න ගත්ත දවසට සමහර විට කියයි ඔයා වෙනස් වෙලා කියලා. ඒක එහෙම තමයි නේද?


ඔයා දන්නවද ගොඩාක් අය ඔයාට හරියනවට කැමති ඇති, ඒත් එයාලට වැඩියෙන් අඩුවෙන්...

අමාරුවෙන් ජිවිතේ ගොඩදාගෙන ඔයා සතුටින් ඉද්දි මිනිස්සු කියයි ඔයා වෙනස් වෙලා කියලා



මම නම් හිතන්නේ අපි වෙනස් වෙන්න ඔනි, පරිසරයට අනුව වෙනස් නොවුනු සත්තුන්ට පවා පැවැත්තමක් තිබුනේ නෑ.


ඔයා කල හොද ඔයාට ඉතුරු වෙයි, ඒත් හොදක් අහන්න බලාපොරොත්තු අඩුවෙන් තියාගන්න. ඇයි දන්නවද මිනිස්සු ඔයාගේ හොද දකින්නේ හරිම අඩුවෙන්.


ඉතින් සතුටින් ඉන්න..........


උදාරි ජයතිලක



Post a Comment

0 Comments