වෙනස් විදිහට බලන්න වෙනස් වෙලා පෙනේවි.......


වෙනස් විදිහට

බලන්න

වෙනස් වෙලා

පෙනේවි.......

 ජිවිතයේ වෙනසක් අවශ්‍ය වෙලාවට, ජිවිතයේ දිහා,මේ සිද්ධ වෙන දේවල් දිහා මිනිස්සු දිහා මොහොතකට හරි වෙනස් විදිහකට බලන්න.හැබැයි වෙනස්ම විදිහකට. මේ හැම දේ ගැනම නිදහසේ බලන්න. නරකයි කියලා හිතුන දෙවල් හොද වෙලා, හොදයි කියලා හිතුන දෙවල් නරකයි කිය්ලා පෙනෙවි එතකොට.දුක අමතක වෙලා සතුටත්, ප්‍රශ්ණ අමතක වෙලා උත්තරත් ලැබෙව් ඔයාට. ඒක කොන්දේශියක් තියෙනවා ඔයා ඒ හැම දෙම දිහා අලුත්ම කෙනෙක් වෙලා බලන්න. එහෙම වුනේ හොදට කියලා විතරක්ම හිතන්න........


ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතලා හිත තලාගන්න වේලාවේ. මේ දේවල් වෙන්නේ,වුණේ මගේම හොදට කියලා හිතන්න හුරු වුන දවසේ ඉදන් හැම දේම හොදින් වෙනවා කියලා ඔයාට තේරෙන්න ගනියි.


ඔයාව හැර දා ගියපු අය ඉන්නවානම් දුක් වේවි ඉන්න එක නතර කරලා. ඒ ගැන වෙනස්ම විදිහටම හිතන්න බලන්න. වෙන්දා නොදැනුනු නිදහසක් දැනේවි ඔයාටත්


ඔයා ජිවත්වෙන්නේ ඔයාගේ හිතට අනුව අඩුපාඩු එක්ක වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂ දෙයක් ඔයාට ඔය දේවල් හිමිවෙලා තියෙද්දි. එහෙමවත් නැති අය මේ ලොකේ ඉන්න බව මතක් කරගන්න.


ඔයාගේ ගෙදර ඔයාගේ හිත නිවන, සනසන එකම තැන කිය්ලා හිතන්න. මාළිගාවක් නොවෙන්න පුළුවන්. ඒ තරම් හිත නිවෙන තැනක් නැහැ කියලා ඒ දෙවල් දිහා බලන්න. ලෝකේ කොහේ ඇවිද්දත් නතර වුනත්. ඔයාගේ ගෙදර ඔයාගේ ඇදට වැටුනහම දැනේන හුරුකම වැඩි අන්න ඒ නිසා කියලා හිතන්න.  ගෙදර හැදෙන පොල්සම්බෝලෙට උණු බතට අනිත් හැම කෑමම යටයි කියලා වෙනස් විදිහකට හිතන්න.


ෆිල්ම් එකක් බලලා, ටිකක් නිදහසේ ඇවිදලා. ඔයාව ට්කක් පෙනුමෙනුත් ලස්සනට වෙනස් කරලා, සින්දුවක් අහලා, කන්ණාඩිය ඉස්සරහට ගිහින් අහන්න හිතන්න මට සතුටින් ඉන්න බැරි ඇයි කිය්ලා. 


තවත් කෙනෙක්ට ඔයාව පාවිච්චි වෙන්නේ නැති විදිහට වෙනස් වෙන්න. ඔයාගේ හොද හිත වෙනස් කරගන්න නෙවෙයි කිව්වෙ ඒක ඔයා ලග තියාගෙන. පරිස්සමින් මිනිස්සුන්ව විශ්වාස කරන්න, උදව් කරන්න, 

එයාල මට එහෙම කල කියලා හිත රිද්දගන්න එපා. මිනිස්සු එහෙම තමයි කියලා වෙනස් විදිහට බලන්න, හිතට පහසු නොරිදෙන විදිහට


අනිත් අයගෙන් සතුට හොයන්න කලින් ඔයාගෙන් අහන්න ඔයාව සතුටින් ඉන්න මොනවද ඕන කියලා.


මේ හැමදෙම තවකාලික වුනත් ඒ බව දැනගෙන මේ මොහොත දිහා වෙනස්ම විදිහට බලා වෙනස් වෙන්න.


ඔයා වගේ තව අය නැහැ.  ඉතින් ඔයා ඔයාම වෙන්න, වෙනස් විදිහට බලලා හැමදමත් සතුටින් ඉන්න


උදාරි ජයතිලක


Post a Comment

0 Comments