දැක්ක තැන වැදවැටි






 දැක්ක තැන වැදවැටි

පා පතුල් නමදින්න

ඔහොම නම් මිනිසුන්ට

පුදන්නට පුළුවන්ද?.............

පිදිය යුතු අය මිසක්

අනිත් අය නමදින්න

කුඩා කාලේදිම ඔබත්

දරුවන්ට පහදන්න......

මේ තරම් මිනිසුන්ට

අඥාන වි ඉන්න

ඇත්තටම හිතෙනව

වල කපන් හැxගෙන්න........

සද්ධාව ඉතිරිලා

මොළේ ඇත යටවෙලා

මේවට වගකියන

අය කොහෙද හැxගිලා........


 ඕනෑම දෙයක් වැඩි වු කලට එය විෂ විය හැක, මෙවැනි දේ දකින්නට ලැබෙන්නේ, නැතිනම් දකින්නට සලස්වන්නේ, ප්‍රශ්න වලින් පීඩා විදින මිනිසුන්ට ඒවා අමතක කරවීමටද යැයි මොහොතකට සිතේ.

යෝදාගෙන ඇති පින්තුරය අදාල සිද්ධියට සම්බන්ධ නැතත්, නැවත් නැවතත් ඒවා සමාජ මාධ්‍ය තුල බෙදා හැරීම සුදුසු නැත යැයි සිතමි.

අපෙන් පසුව ඉන්නා අනාගත පරපුරවත් මෙවායින් මුදා ගත හැකි නම් අගනෙය. ගුණධර්ම, සාරධර්ම රැකීම කෙසේ වෙතත්. අද දවසට සුදුසු ලෙස නම් එවා වෙනස් කල හැකි නම් එයද හොදය. රැකගෙන ආ සියළු දේම නිවැරදි වන්නට මෙන්ම වැරදි වන්නටද පුළුවන.

පුදන්නට අවැසි අය විතරක් පිදිමට හුරු කල යුතු බව මට සිතේ.

කෙසේ වෙතත් බොහෝ අයට කොතැනක හෝ වැරදි ඇත. මේ අබුදස්ස කාලයයි. එහෙත් එහි කෝලමක් නොවන්න.............

උදාරි ජයතිලක

Post a Comment

0 Comments