නොකියපු දෙයක් වෙන කෙනෙකුට








 නොකියපු දෙයක් වෙන කෙනෙකුට 

කියනු එපා

අනුන්ගේ රහස් තැන තැන නම්

බෙදනු එපා

ඇට නැති දිවෙන් ගෙලවල්

සිදලන්න එපා

ගිලිහුණු වචන ගැන පසුවට

තැවෙනු එපා

කේළම් කියා ලැව්ගිණි

පතුරන්න එපා

ගුණ වයනා කටින් දොස් ටිකකින්

තබනු එපා

දුන්නොත් වචනයක් පසුවට

බිදනු එපා

අවැසි තැනදි නම් මුව ගොළු

කරනු එපා...

උස් පුටුවලින් හිදගන්නට 

කොටවන්න එපා

ලොක්කන් සනසන්න කුක්කන්

සේ වෙන්න එපා

ඇත්ත නැතුව බොරුවක්

රජකරනු එපා

කර්මෙන් ගැලවෙන්න 

එතකොට  හඩනු එපා


ඔයා නොකියපු දෙයක්, තව කෙනෙක් ඔයා කිව්වා කියලා හැමෝම එක්ක කියද්දි දැනේන කළකිරිම ඔයාටත් දැනිලා තියෙනවද? තිබුනත් නැතත් අනිත් අයට එහෙම නොකර ඉන්න.


ඔයා කාලයක් ළගින්ම ආශ්‍රය කරපු කෙනෙක් ඔයා එයාව විශ්වාස කරලා කියපු දේවල් වටේට බෙදන කොට ඒ දැනෙන කලකිරිම ඔයා විදලා තියෙනවද? තිබුනත් නැතත් ඔයා අනිත් අයට එහෙම නොකර ඉන්න


වචනයක් කියාගන්න දිව උදව් උනාට ඒ දිව හැරෙන හැරෙන තාලෙට

වචන පිටකරලා මිනිස්සුන්ට ජිවිතේ එපා වෙන තැනට වැඩ කරනවානම් එහෙම නොකර ඉන්න

දෙපාරක් නෙවෙයි දහපාරක් හිතලා වචන පිටකරන්න ඕනි තැන් වලදි,පරිස්සම් නොවි වචන පිට කරලා පස්සේ පසුතැවෙන්න එපා.


ගින්නක් ඕනෙම නැහැ හැම වෙලාවෙම දුමක් එන්න. කේළම් කියන්නේ හරිම අප්‍රසන්න අත්දැකීමක්, මානසික මට්ටම් වල තියෙන අඩුපාඩු කම් නිසා කේලම් කියන මිනිස්සු හිටියට එයාලවත් දන්නේ නැහැ ඒකත් මානසික දුර්වලතාවයක් කියලා. ඔයත් කේළම් කීම විනෝදxශයක් කරගෙන තියෙනවානම් අදම නවත්වන්න. මොකද ඒක ලෙඩක්, බෙහෙත් අරන් සනීප වෙන්න.

 

රැලි වලට අහුවෙලා කාලෙකට ගුණ වයන මිනිස්සුම තමයි ටික දවසකින්ම දොස් කියන්න පටන් ගන්නෙත් ඒ නිසා ඔයාගේ ගුණ ගැයෙද්දි පරිස්සම් වෙන්න උඩගු වෙන්න එපා.

වචන වලින් මිනිස්සු රවට්ටන්න එපා.අට කිව්වොත් අට, නමය නෙවෙයි.

බැරි දේට බැහැ කියන්න. පස්සේ බැහැ කියන්න හිතාගෙන මුලින් හා කියන්න එපා. මොකද බලාපොරොත්තු තමයි මිනිස්සු ජිවත් කරවන්නේ.හැම දේම මිනිස්සු වොයිස් රෙකොඩින් කරලා තිබ්බේ නැති වුනාට. ඒ හිත්වල ඒ ඇහිච්ච දේවල් පැලපදියම් වෙනවා. හෘද සාක්ෂිය තමයි ලොකුම සාක්ෂිය වෙන්නේ.


මේ කොහොම උනත් අවශ්‍ය තැනදි කට අරින්න තරම් ගොඩාක් මිනිස්සු හයිය නැහැ, වැරද්දට කතා කරපු අයව තනිකරන්න එපා.අසාදාරණයට එරෙහි වෙන්න තරම් නිර්භිත වෙන්න. එහෙම වෙච්ච දවසට මේ රට පවා ගොඩාක් වෙනස් වෙයි.

මිනිස්සුගෙන් උදව් ගන්න විතරක් එයාලව පාවිච්චි කරන්න එපා. ඒ මිනිස්සු ඔයා ගැන දැනගන මයි ඒ උදව් කරනවා ඇත්තේ ඒ අනුකම්පාවට වෙන්නත් පුළුවන් . හැබැයි හැම දේටම සීමාවක් තියෙනවා.   ඒ සීමාව බිදුනාම ඔයා වෙනුවෙන් කවුරුත් මොකුත් නොකරයි. ඒ ඉරිසියාවට තරහට නෙවෙයි . ඔයා ගැන තියෙන කළකිරුණු හැගීම හින්දා.

අනිත් අය ගැන හිතලා වැරදි නොකර ඉන්න තරම් සමහරෙක්ට උසස් මනසක් නොතිබෙන්න පුළුවන් ඒත් ඔයාට අනිත් අය ගැන හිතන්න බැරි නම් තමන් ගැන හිතලාවත් වත් අනිත් අයට කෙනෙහිළි කම් නොකර ඉන්න, මොකද බූමරන්ගයක් වගේ තමන් කල දෙවල් ඉක්මනින්න්ම අපසු එනවා. හොද වගෙම නරකත්.එක මතක තියාගන්න. අපරාදේ එදාට ඇඩුවට වැඩක් නෑ. කර්මය ඒ තරම්ම ප්‍රභලයි



උදාරි ජයතිලක


Post a Comment

0 Comments