ඒ පිරිමි..........
දරා සිටියාට ඈ
දසමසක් කුස ගැබක්
දරු ගැබින් මිදුණු කල
ඒ බරත් හිස මතින්
තබාගත්තේ ඒ පිරිමි........
කුස පිරෙන්නට කෑම
රස පදම ගැන දැනන්
ඈ ඉව්වේ තුන් වේලේ
බර දැරුවේ ඒ පිරිමි.......
අයාලේ දිව්වාට
සමහරක් පිරිමි හිත
වරද දුටු තැන බැදුනේ
තනියෙන්ද ඒ පිරිමි...........
සැපට නිදනා විටත්
ඈ පැටව් වටකරන්
රෑ දිවා නොබලාම
දුක් වින්දේ ඒ පිරිමි...........
පුතුන් රජ කරන්නට
දූවරුන් රකින්නට
ගැලුව දාඩිය බින්දු
පැසසුමක් නොලබාම
පිසළුවේ ඒ පිරිමි...........
කවි බොහෝ විට ලියන්නේ ගැහැණුන් වෙනුවෙන්මය. පිරිමින් වෙනුවෙන් කවි ගී ලියවුණා මදි යැයි සිතමි.
සැලකිය යුතුයි..............
පිරිමින් පෙනෙන්න්ට බැරි ගැහැනුන් මා සමග එකග විය යුතු නැත, ඔවුන් නිසා අසීමාන්තිකව දුක් ගැහැට විදි, ගැරහුම් අපහාස ලබා ඇති ගැහැණුන් ගැන අසා ඇත්තෙමි, දැක ඇත්තෙමි, කියවා ඇත්තෙමි. ඉතින් ඒ බව දැන දැනත් මා සමග එකග වන්නට මම නොකියමි.
තමා ආර්ථිකව සවිමත් වු පමණින් අනුන්ගේ ඇමවල් ගිල දමා, සමාජ රැලි කරපින්නාගෙන. නිකරුනේ පිරිමින් හෙලා දකින.පිරිමින් අභිබවා යැමේ රෝග වලින් පෙලෙනා ගැහැනුන්ට මෙය අදාලම නොවන බවත් දනිමි.
ගැහැණුන් පීඩාවට පත් කරන, අපහාස කරන, තමා සමග සිනාසුන කථා කල පලියට ඇයව ඉතා ලාබ භාන්ඩයක්ක් සේ සලකන, වගකීම් විරහිත පිරිමින් සදගා මේ කවි අදාල නොවන බවත්ද පවසමි.
පිරිමි ආත්මයක් ලැබිම පෙර පිනක් සේ සලකති.ඒත් මේ ජිවිතය තුල පිරිමියෙකුගේ හිස මත පැටවෙනා බර සුළු කොට සැලකිය නොහැක
නියම පිරිමියාට.................
එක් වේලක් වත් සිය දරුවන්, බිරිද කුසගින්නේ තැබීම ඔහුගේ සිතට වදයකි
දියණියක් සිටිනාවනම් ඒ බර තවත් වැඩිය. ඇයගේ පරිස්සම ඔහුගේ සිතට වදයකි
දරුවන්ගේ අධ්‍යාපනය නිසි අයුරින් සාර්ථකව නිම වෙන තෙක් ඔහුගේ හිතට වදයකි
සිය බිරිදගේ, දරුවන් අන් අය ඉදිරියේ ආර්තික අඩුපාඩු කම් නිසා ලැජ්ජාවට පත්වීම ඔහුගේ හිතට වදයකි.
දෙයක් ඉල්ලු සැනින් දරුවෙකුට එය ලබා දෙන්නේ බොහෝ විට මවකටත් වඩා පියෙක්මය.
ගැහැණුන් හිතනවාට වඩා පිරිමියාට ඇති පීඩනය වැඩිය. එසේ වුනත් ඔඅහු එය දරා ගනී.
පිරිමින් වැඩිපුර හැඩුවේ නැත බොහෝ විට දරා ගත්තා පමණකි.කදුළු වලට බර හැල්ලු කරගන්නට ගැහැණුන්ට සේ පිරිමින්ට අපහසුය.
ඔබගේ පියා මෙන්ම සැමියාද පිරිමියෙකි. ඒත් ඔවුන් කිසිදා එකිනෙකාට සසදා වද නොවන්න. ඒ දෙදනාම වෙනස් වු ආකාරයට ඔබට යුතු කම් ඉටු කර ඇත.
උදාරි ජයතිලක
0 Comments