මම කැමතිම හොද දේවල් මිනිස්සු අනුකරනය කරනවට. එහෙමත් නැතිනම් කොපි කරනවා කියන්නෙත් සමහරු ඔය දේටමයි.
ඔයා කැමතිද කවුරු හරි ඔයාව අනුකරනය කරනවට ? මම නම් කැමති මම කරන දේවල් කවුරුම හරි අනුකරනය කරනවා කියලා දැනේන එකට.
අනුකරණය කරලා අපි හදාගන්න ඔනි හරි දේ මිසක් වැරදි දේ නම් නොවේ.
සතුටින් ඉන්න පවුල් දැකලා ඉරිසියා නොකර, අනුකරණය කරලා හරි ඒ වගේ ඉන්න.
සමාජයේ ට්රේන්ඩ් එක වෙන්න ඔනි එක සැමියෙක්/බිරියෙක් ගාව අවුරුද්දක් වත් ඉන්න බැරි, පවුලක් රැක ගන්න බැරි චරිත නෙවෙයි,
'' එයාලව දැක්කම ඇයි අපිටත් මෙහෙම සතුටින් ඉන්න බැරි කියලා '' ලෝභ හිතෙන තරමේ පවුල්. එහෙම අයව අනුකරණය කරන්න, ඒ අය දිහා කුහක කම් අතහැරලා බලන්න. අඩුපාඩු හදාගන්න. ආදරය කරන කාලේදි විතරක් පනට පණ දීලා ඉන්නවා වගේ විවාහයෙන් පස්සේත් ඒ ආදරය වැඩි කරගන්න.
බැන්දාම නිදහස නැති වෙනවා
බැදලා අමාරුවේ වැටෙන්න එපා
බැන්දට පස්සේ ඉන්නේ වෙනමම කෙනෙක් මම හිතුව කෙනා නෙවෙයි
තනිකඩ ජිවිතේ තමයි සුන්දරම
වගේ කතා වලට නිමාවක් දෙන්න,පවුල් ජිවිතේට මුල් තැනක් දුන්නු ගොඩක් අය සතුටින් ඉන්නවා, සැහැල්ලුවෙන් ඉන්නවා එහෙම අයව කොපි කරන්න.
ඇයගේ/ඔහුගේ උපන් දිනයට හැකි විදිහට තැග්ගක් දිලා සුභ පැතුමක් එක්කරලා ඒ දවස් සමරන්න
විවාහ වුණු දවසත් අමතක කරන්න එපා
සමහර අය එවා මහා ඉහලින් සමරනවා දක්කම එවා විවේචනය කරන්න, අපහාස කරන්න යන්න එපා. ගත යුත්තක් තියෙනවානම් ජිවිතේට ගන්න. අරගෙන සතුටෙන් පවුල ගෙනියන්න ක්රම හොයා ගන්න
මෙච්චර කාලේකට ඔයා නොකරපු දෙවල් වෙන්න පුළුවන්, එත් ඒ දෙවල් ජිවිත වලට ඕනමයි. නැතිනම් වෙන්නේ ඇරියස් ගොඩගැහෙන හිත් වලින් මේ ලොකේ පිරිලා ඉතිරිලා ගිහින් ආදරේ වෙනුවට කුහක කම, නපුරුකම එකතු වෙන එක විතර්යි.
ඔයාට මිල මුදල් හිග වෙන්න පුළුවන් ඒත් එක සතුටින් පවුල් ජිවිතේ ගෙනියන්න බධාවක් කරගන්න එපා,හිත ඇතිනම් පත කුඩාද කියලා හිතලා වැඩ කරන්න. දරුවෙකුට උනත් අම්මා, තාත්තා සතුටින් ඉන්නවා දකින එක්ක ලොකුම සතුට වෙන්න පුළුවන්.
කාලේන් කාලෙට බටහිර සමාජයෙනුත් යල් පැනපු ගිය සxකල්ප ඔයාලව විනාශ කරන්න විවිධ ක්රම වලින් එයි ඒත් එවාට අහුවෙන්න එපා, පවුලට ඇබ්බැහි වෙන්න . ඔව් ඒක පුදුම සතුටක්.
තමන්ගේ දරුවන්නටත් නිදහස දිලා, ආදරේ උපරිමයෙන් පෙන්නලා, එයාලව රැකගන්න හැටි කොපි කරන්න.
අනුන්ගේ දෙවල් හොයන්නේ නැතිව , පාඩුවේ ඉන්න ජිවිත බලලා ඒ විදිහට ඉන්න බලන්න.
ඒ දෙන්න්නා, ඒ පවුල බලන්න ඉන්න ලස්සන , ඔයාලව දැක්කාම අනිත් අයට ඉරිසියා හිතෙන තරමට අනිත් අයව කොපි කරලා හරි ඔයාගේ පවුල ගොඩනගන්න. ලේසි වෙන එකක් නැහැ, කැප කිරිම් ගොඩක් කරන්න වෙයි ඔයාට
හිත් රිදිම් දරාගන්න වෙයි ගොඩාක්
සමහර විට ආත්මාර්ථකාමි කෙනෙක් විදිහට මේ සමාජය දකියි ඔයාව, ඒකට මොකද? ඔයාට වටින්නේ ඔයාගේ පවුල.ඔයාට දවසක ඉතුරු වෙන්නත් , සැනසිම වෙන්නෙත් පවුල.
ඔයාව දවසක කොපි කරයි ගොඩාක් දෙනා, අන්න එදාට ඔයාව අනිත් අය කොපි කරනවට තරහා නොගෙන ආඩම්බර වෙන්න. හැමෝම සතුටින් ඉන්න දවසක මේ ලොකේ ඉරිසියාව, කුහකකම තුරන් වෙලා ලස්සන වෙයි ගොඩාක්
උදාරි ජයතිලක
0 Comments