සිත නිවෙන, හදන තැන නවතින්න

 



කෙනෙක් ගේ ජිවිතේ ලබාගන්න ඕන, නැතිනම් ලැබිය යුතු වැදගත්ම  දේ මොකක්ද කියලා, මම ඇහුවොත් ඔව් ගොඩාක් දෙනා කියයි, සල්ලි, යාන වාහන වත්කම,රැකියාව, උගත්කම කියලා කියයි ගොඩාක් අය, ඒක ඇත්තක් ඒවා ඕන තමයි ඒත් මම හිතන්නේ කෙනෙක්ට තියෙන්න ඕන වැදගත්ම දේ හිතේ නිදහස කියලා......

මානසික ආතතිය පිරුණු, කොයි වෙලාවේ මරාලයක් ඔලුවට පාත්වෙයිද කියලා බයෙන් ජිවිතේ ගෙවන්න වෙනවානම්, රැකියාවක් කරන්න වෙනවා නම් ටිකක් හිතන්න වෙනවා නේද?

සමහර අය ඉන්නවා මානසික නිදහස කියන වචනයේ තේරුම්වත් හිතන්න වෙලාවක් නැති අය, හැමදේටම වඩා මුදල්, තත්වය ඉස්සර වෙන ලෝකයක එක අතකට ඒක පුදුමයකුත් නෙවෙයි.

දුකක් දැනුනම ඒ දුක අහන්න, ඒ හිත් හදන්න කෙනෙක් නැතිනම්, ඔයාගේ වැරදිම දකින, අය විතරක් නම් ඉන්නේ...ඒ ගෙදර කොයිතරම් ලොකු වුනත්, මිල මුදල් ඉතිරිලා ගියත් වැඩක් නැහැ නේද?


අනිත් අයගේ අඩුපාඩු හොයන්නේ නැතිව

තව කෙනෙක් විවේචනය කරන්නේ නැතිව

අනිත් අයත් එක්ක තරගයක් නැතිව 

ඊයේ ඔයා සහ අද ඔයා ගැන විතරක් සසදන

සල්ලිම ජිවිතේ කියලා නොහිතන

තමන්ගේ පවුලට මුල් තැන දෙන

ඔයාව වටින තැන්වල ජිවිතේ නතරවුන


ගොඩක් අයට මානසික සුවය කියන්නේ මොකද්ද කියලා දැනේනවා ඇති.

මානසික සුවයට මුල් තැන දෙන මිනිස්සු ඒ දේට ඇබ්බැහි  වෙනවා, ඒ නිදහසට පුදුම තරමේ ආදරය කරනවා.....


මම දන්නවා කෙනෙක්ට මානසික නිදහසක් මේ ජිවිතේ ලබාගන්න ඒ තරම් පහසු නැහැ.ඒත් ඇවිත් යන්න ආපු මේ ජිවිතේ ගැන විනාඩියට හරි හැරිලා බැලුවොත් අපි ගොඩාක් අය හති දාගෙන දුවන්නේ කොහාටද කියලා හිතන්න මොහොතක් එයි.පොඩ්ඩක් නැවතිලා ආයෙත් හිතන්න......


උදාරි ජයතිලක

Post a Comment

0 Comments