රැස් කරති, පොදි බදිති ඉනි වැටට මරාගති

 






රැස් කරති, පොදි බදිති

ඉනි වැටට මරාගති

කිසිදා නොමියනා ලෙස

බොහෝ අය දිවි ගෙවති......

අනුන්ගේ සතුට දැක

බර හිතින් හුල්ලති

කපන්නට සිතුණ විට

අනුන්නටම වළ කපති

රෑ කැපු ඒ වලේ

මහ දවල් උන් වැටෙති............

අඩි තබා නැග්ග විට

ඉණි මගේ ඉහලටම

නැගුන ඉණි මගම උන්

උඩ ඉදන් බිම හෙලති......

කිසිදා නොමැරෙනා ලෙස ජිවත් වන අය බොහෝය........

ඒවැනි හිත් දකින කලට ඇතිවන්නේ අප්‍රසන්න වු හැගිමකි. ඇයි එයලා එහෙම, ඒත් ටික කාලයක් යද්දි තේරුම් යනවා මිනිස්සු එහෙම තමයි කියලා....

අනුන්ගේ යහපතක් දරන්න බැරි වෙන්න පුළුවන් ඒත් අයහපතක් නොකර ඉන්න....

ජිවිතේ හැමදාම එකම විදිහට ගලාගෙන යන්නේ නැහැ හැමදාම හරියනවා වගෙම වරදින අවස්ථාත් එනවා .ඒ තමයි ජිවිතය ඉතින් ඇයි අපිට අනිත් අය එක්ක තරගයක්.

හරි පුදුමයි නේද ජිවිතය. ඊයේ හිටපු අය අද නැහැ. අද ඉන්න අය හෙට අහිමි වෙන්නත් පුළුවන්.අනිත් අයට ඉරිසියා කරන්න, අයහපතක් කරන්න තරම් අපිට ජිවිතේ වෙලාවක් තියෙනවද?


තමන්ට ආදරේ කරන තමන් ආදරේ කරන අය එක්ක ඉන්න ගොඩාක් ආදරණිය හිත් වලට අනුන්ගේ අයහපත පතන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ නේද?


ගොඩාක් අය, ගොඩාල් වේලාවට ඉරිසියා කරන්නේම, කුහක කම් කරන්නේම තමන් වැඩිපුර දන්න අයටමයි , නොදන්න මිනිස්සුන්ට නෙවෙයි. ඒ නිසයි කියන්නේ ඔයාගේ සාර්ථකත්වය, අනාගත සැලසුම් අනිත් අයට කියද්දි පරිස්සම් වෙන්න කියලා. හැමෝටම හොද හිත් පිහිටන්නේ නැහැ.

ගොඩාක් අය තමන් දන්න අයගේ දෙයක් අගය කරන්න මැලිවෙනවා. වචන එකතු කරන්න දන්නේවත් නැහැ.

ඔයා අලුතෙන් දෙයක් පටන් ගනිද්දි, තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගනිද්දි, ඔයාගේ ජයග්‍රහණයකදි. ඔයාගේ දරුවෙකුගේ දිනුමකදි උනත් සුභ පතන්නේ අගය කරන්නේ වටිනා කමක් දෙන්නේ. අප ළගින්ම ඉන්න අය නෙවෙයි. අපි හිතන්නේ වත් නැති මිනිස්සු. මොකද තමන්ගේ ළගම ඉන්න අය දියුණු වෙනවට ළගින් ඉන්න මිනිස්සු හරි බයයි. ඔයා ව්‍යාපාරයක් පටන් ගත්තත්  දන්නම අයගෙන් ලැබෙන සහයෝගය හරිම අඩුයි.ඒ තමයි එයාලට දැනේන බය


මිනිස්සු ගොඩාක් වෙලාවට අනිත් අයට හරියනවට කැමති ඒත් ඒ තමන්ට වඩා අඩුවෙන් ඒකයි ඇත්ත. හැමෝම එහෙම නැහැ. ඒත් ඔයත් එහෙමද කියලා දන්නෙත් ඔයාම තමයි.ලියන මම නෙවෙයි


උදාරි ජයතිලක


Post a Comment

0 Comments