''කවදාහරි තනිවේවි දරුවාව
තව එකෙක් වත් හදාපන්
මැරෙන මොහොතට
වතුර දෙන්නට
එකෙක් මදි බx හිතාපන්......''
මේවා නම් මොන අපභ්රxසද
කියලා මට නම් හිතෙනවා
කවදා හරි සැලකුමක් ගන්නට
දරුවො නොහදා හිතාපන්.......
ලොකු වෙලා උන් කවදාක හරි
ඉගිලෙනවා නැහැ වැරැද්දදක්
ඊයේ අද වගේ හෙටත් උරුමයි
එකේ නැහැනේ පළුද්දක්...........
තනි වෙනවාට බයට හෝ මතු කාලයක ප්‍රයෝජන ගැනීම සදහා දරුවන් හැදිම, රැකිම වෙනවානම් එය ගණුදෙනුවකි.නැතිනම් අනාගත අයෝජනයක් යැයි සිතා සිටිමද පටලවා ගැනීමකි.
විවාහ වු නිසාම දරුවන් සැදිය යුතු නැත, එම දරුවාගේ තනිය ගැන සිතා තව දරුවන් බිහි කිරිම කොතරම් දුරට ප්‍රායෝගික දැයි නොදනිම්.
කෙසේ වෙතත් අපගේ අරමුණු වෙනුවෙන් හෝ අන් අය සතුටු කිරිමට සිතා දරුවන් බිහි කිරිම නම් එම දරුවන්ට සිදුවෙන අසාදාරණයකි.
අද වන විට ලxකාව තුල නම් මේ තත්වය ගැන වඩා සිතිය යුතුය. නැතිනම් අසරණ වන්නේ ඒ නොදරුවන්මය.
පරම්පරාවේ නම් ගෙනයාමට සිතා බැරි අමාරුකම් තියාගෙන දරුවන් හැදිමට පෙර ඒ ගැන සිතන්න
හිත හදාගන්න,
බැරි අමාරුකම් වලදි දරුවන් ඔබව නොසලකා සිටියොත් ඔවුන් ගැන තරහා නොසිතා ඉන්න.
ඔවුන් විවාහ වු දිනක ඔවුන්ගේ ජිවිත වලට අනවශ්‍ය අත පෙවිම් නොකර ඉන්න .
අත්හැරිය යුතු තැන, අත්හැරිය යුතු වෙලාවේදි ඔවුන්ට ඔවුන්ගේ නිදහස දෙන්න.
ඔවුන් මේලොව එලිය දුටුවේ ඔවුන්ගේ අවශ්‍යතාවයට නොව.අපගේ උමනවා වන් නිසාවෙන්ය.
මෙය කියවන ඔබ,
දෙමාපියන්ට සැලකිම අනවශ්‍ය දෙයක් යැයි මා පවසනවා යැයි වැරදියට තේරුම් නොගන්න.
දරුවන් සැදිම වැරැදි දෙයක් බවද මම ලියා නැත. නමුත් අන් අයට ඕනෑ නිසා දරුවන් සැදිම නම් අනුවණ කමකි.
ආදරේ උපරිමයෙන් දරුවන්ට දෙන්න, රැකවරණය නොඅඩුව දෙන්න.ඒත් මතු දිනක පෙරළ ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවන්න.
උදාරි ජයතිලක
0 Comments