අතීතකාමය,
අතීතය පෙම් කරන බොහෝ මිනිසුන් මැද,අතීතයට පෙම් නොකරන මා වැනි අයද සිටින බව සලකා අකුරු කරමි.
අතීතයට පෙම් නොකරමි, අසුන්දර වු අමිහිරි අතීතයක් මට නැත, එය දුක, සතුට,සිනාසුන, කදුල, සිත රිදුනු, සිත තැවුණු, ඒවායේ එකතුවක්ම පමණකි. අතීතයට පෙම් කිරිම යනු කොහොම බැලුවත් අද දවසේ සිට හැගිමක් දිය නොහැකි අමුතුම හැගිමකි
අතීතයේ සතුටු වුනු තැන් මතක් වෙද්දි , ඒ සුන්දර මතක සොදුරුය එහෙත්,අද ඉදන් බැලු තැන අතීතයේ සතුට, දුක හැමදෙම අද අමුතුම හැගිමකි.සියුම් වු රිදවීමකි.තවදුරටත් අතිතය, අතීතයටම එක්වි අවසන්ය.අද දවසේ සිනාවට අතීතය බදාවකි. ඉතින් මම අතීතයට පෙම් නොකරමි. අද දවසට, මේ මොහොතට පුදුම තරමේ ලෝභ වෙමි. ඒ,මේ මොහොත ඊළග තත්පරයේ අතීතයට එක්වන නිසාය.
'' එයාට දැන් ඉස්සර මතක නැහැ.'' බොහෝ අය බොහෝ දෙනෙකුට පවසති.
අතීත පාඩම් මතක මිනිසුන්,අතීතයෙන් වර්ථමානය නිවරදි කර ගනි, නොගැලපෙන මිනිසුන්, නොගැලපෙන තැන් වලින් ඉවත් වෙති. ජිවත් වීම පහසු කරවන අය සමග පමණක් ජිවිතේ බෙදා ගනිති. හැලිය යුත්තන් හලති. පිදිය යුත්තෝ පුදති, එය සමහරුන් මුල අමතක කිරිමක් ලෙසට දකිති.
''ඔබ ඊයේ සිටි විදිහ, අද ඔබ සිටින විදිහට වඩා මතක් කරන මිනිසුන්ගෙන්, හැගිමි, වලින් ඇත් වනවානම් අදත් හෙටත් සතුටෙන්ම සිටිය හැක.
එහෙත් ඔබ වෙනුවෙන් අසීමිතව කැපකිරිම් කල,සිමාවෙන් තොරවම ඔබ වෙනුවෙන් පෙනි හිටි අය, ඔබව අසීමිතව දරාගත්ත අයව, අතීතයේ ඔබව, ඔබ විදිහට පිලිගත්ත......... අදත්, හෙටත් හැමදාමත් මතකයේ තබා ගන්න.
''අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ…
''එදා සෙනෙහින් බැදිම අතීතයකි. එහෙත් ඒ ගැන අද දුක් වීම වියෝවකි.වරද ඇත්තේ අතීතයේ පෙම් කිරිම තුල නොව, අද ද අතීතයට පෙම් කිරිමට ගොස් හිත රිදවා ගැනීමෙනි''.
0 Comments