හොදයි කියන අය ඇත්තටම හොදයිද?
ඕන දේටත් කථා නොකරම
හුගක් අය හොද නාමේ ගත්තා
වැරදි දැකලා මුකුත් නොකරම
සද්ද නොකරම ඉවත බැලුවා.......
උඩින් පෙන්වන බොරු මුණු ළග
බොහො දෙනා ගුණ කථන වැයුවා
එයා නම් හරි හොදයි කියලා
වටේ රැදෙමින් උඩම තිබ්බා........
හරි වැරැද්දට කට ඇරියොතින්
උන්ව තනිකර පට්ට ගැහුවා
හරිම දේ හරි හරි ලෙසට වෙද්දි
බොහෝ ඇස්වල කටුත් ඇනුණා....
බොරුව ලග නැවතෙන හිත්, ඇත්ත ළග නවතින්නේ ගොඩාක් අඩුවෙන්.
වැරැද්ද ලගදි කථාකරපු,විරුද්ධ වෙච්චි අය හැමදාමත් තනිවුණා,
මාවාපාන හිත්වත්කම් ළගදි, චාටු කථා ළගදි ''එයා හරිම හොදයි කියන්න'' ගොඩාක් දෙනා ගොඩාක් ඉක්මන් වෙනවා.
තමන්ට අසාධාරණයක්,වැරැද්දක් වෙද්දිත් නිහඩ බව රකිනවනම් ඒ කෙනා සමාජයට ගොඩාක් හොද කෙනෙක්.
තමන්ගේ හිත් දිගින් දිගටම පීඩාවට පත් කරද්දිත් මුනිවත රකිනවානම්, මිනිසුන්ගේ හොදයි කියන කැටගරි ඒකට එයාව වැටෙනවා, එහෙම තමයි හොද නරක මනින මිම්ම,අහින්සකයි, හරිම හොදයි කියන මිම්ම.
තරහා හිත් තුල තදකරගෙන හිනාවෙන්න, ඉරිසියාව කුහකම පුරෝගෙන බොරු හිතවත්කම් පාන කොට ගොඩාක් අය එයාලට කිව්වේ '' එයා හරිම හොදයි කියලා''
ඇත්ත ඇත්ත විදිහට කියපු, හිතේ ඉතිරි නොකරගෙන තරහා පෙන්වපු අය හැමදාම අනිත් අයට පෙනුනේ නපුරු විදිහට.
චාටු කතා නැතිව කියන්න තියෙන දේ මූණටම කිව්ව ගොඩාක් අය, ගොඩාක් දෙනුකුට වැරදියට පෙනුනා.
බැරි දේට හා නොකියා බෑ කියපු අය,ගොඩාක් දෙනෙකුට පෙනෙන්නේ දුෂ්ඨ චරිත විදිහට, ඒත් කටින් විතරක් උදව් කරන මිනිස්සු හරිම හොද වෙනවා,
තමන්ගේ පාඩුවේ ජිවත් වෙන මිනිස්සු දිහා ගොඩ දෙනෙක් බැලුවෙම ආත්මාර්ථකාමි මිනිස්සු විදිහට,
හිතට එකගව ජිවත් වෙන අයට තමන්ට තමන් විතරක් හිටියත් ඇති ඇයි දන්නවද? හොද නරක වෙන් කරලා හදුනගන්න බැරි මිනිස්සුන්ව සැහිමකට පත් කරන්න බැරි නිසා
උදාරි ජයතිලක
0 Comments