හැම ගෙදර ලස්සන වෙන්නේම , ආදරේ මහා ගොඩක් පිරුනම......

 






හැම ගෙදර ලස්සන වෙන්නේම

ආදරේ මහා ගොඩක් පිරුනම

බදාමෙන් සවිවුණ බිත්තිද

දෙදරනවා ආදරේ හැලුනම.........


පිරුනාට මුළු ඉඩම ගෙදරට

තාප්පය අහස උස බැන්දට

කාමරත් මහා ගොඩක් තිබුනට

සතුට නැතිනම්, ඒ ගෙදර කුමකට?.....


ලොකු ඇදක මෙට්ටයක් රැදුනට

නිදියන්නේ දෙපැත්තක හරහට

පුxචි උන් හැxගිලා ඇඩුවම

ආදරේ විසිවෙලා මුල්ලක......


තම පවුල අxක එක වෙන තැන

ඒ ගෙදර වඩිනවා සිරිකත

උතුරද්ද්දි ආදරේ සෙනෙහස

එන දුකත් පැනි රහයි එතකොට..........

හැම ගෙදර ලස්සන වෙන්නේම

ආදරේ මහා ගොඩක් පිරුනම



මහා විශාල ඉඩමක් පිරෙන්නම, ගෙයක් තිබුනට ඒ ගෙදර ජිවත් වෙන හිත් ආදරේන්, සතුටෙන් පිරිලා නැතිනම්?

කොච්චර ලොකු ගෙයක් වුනත්, ඒ ගෙදර බිත්ති ඒ හිත් වගෙම දෙදරලා යන්නේ අපිටත් නොදැනීමයි.ලොකේ කොහේ ඇවිදලා ආවත් ඔයාගේ ගෙදර, ඔයාගේ අයත් එක්ක දැනෙන සතුට හැමදාම රැකගන්න.ඉන්න හිතෙන තැන ගෙදර කරගන්න, මොන දුක ආවත් ඒ දුක් පැණි රසක් වෙයි ජිවිතේ බෙදාගත්තම, කවුරු හිටියත් තමන්ගේ පවුලට ජිවිතේ මුල් තැන දුන්නු මිනිස්සුන්ට වරද්දන්න අමාරුයි.


ගෙදරක් ලොකු වෙන තරමට, සැනසීම ලැබෙන්නේ නැහැ වගේම, ගෙදරත් පොඩි වෙන තැරමට සැනසීම පොඩිත් නැහැ.සරලවම කිව්වොත් ගෙදරක ප්‍රමාණය සතුටට සාපේක්ෂ නැහැ.


ගෙදරක පිට පෙනුම, ඇතුලත පෙනුම වගේම, ජිවත්වෙන අයත් ලස්සනට ඉන්නම ඕන.


අනිත් අයට ඉහළින් යන්න නෙවෙයි හිතේ සැනසීම ඉහල යන ලෝකෙට බර නැති ගෙයක් හදාගන්නත් අමතක කරන්න එපා.


කොතැනක හිටියත් සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න.....


උදාරි ජයතිලක



Post a Comment

0 Comments