ඔව් මම වෙනස් අම්මා කෙනෙක්,
කිරි හොද්ද හැදි ගලා හැදුවට,මගේ දරුවෙකුට ගහලා, බැනලා හදන්නේ නැහැ කියලා, මම හිතාගෙන හිටියේ ගොඩාක් කාලේක ඉදන්. මොකද මම දැකලා තිබ්බා ගොඩාක් වේලාවට පොඩි දරුවෝ දෙමව්පියන්ගෙන් ගුටි කෑවේම, බැණුම් ඇහුවේම දෙමව්පියන්ට එයාලගේ හිත්වල පීඩනය දරාගන්න බැරිවුණ අවස්ථාවල. ඉවසීමෙන් දෙයක් දරුවෙකුට අවබෝධ කරවන්න බැරි දුර්වල කම් තිබුන අවස්තාවල. අන්න ඒ නිසා කවදාවත් මගේ දෝණිට මම අතක් උස්සලා නැහැ.හැබැයි වැරැද්ද දැක්ක තැන ඉවසීමෙන් කියලා දුන්නා.නොගැහුවට ආයෙත් ඒ දේ කරලා නැහැ එයා.
අත්දැකිම් නැතිවුනත් මට, වටපිටාවේ අයට ඔනෑ විදිහට නැතුව මගේ විදිහට එයාව ගොඩනැගුවා කියලා කිව්වොත් හරි.බත් වලට හබුන් නොකියා එයාට සුදුසු නිවරදි භාෂාවෙන් ඒ වචන කියලා දුන්නා.
ටිකක් ලොකුවෙලා ඇවිදින වයසට ඇවිත් දග කරද්දි මගේ ගෙදර, මගේ කාමරේ ඒ විදහටම තිබුණා. විශේෂයෙන් කණ්නාඩි මේසේ මගේ බඩු හන්ගලා තිබ්බේ නැහැ . දවසක් දෙකක් නේල් පොලිෂ් , ලිප්ස්ටික් ටිකක් ඒ අත්වල ගාගෙන හැඩ බල්නන ඒ අසාව යනකන්ම ඉඩ දුන්නා. එකේ ප්‍රතිඵල ද මම දන්නේ නැහැ අද වෙද්දි ඒ දේවල් දිහා බලන්නේවත් නැති ගොඩාක් චාම් දරුවෙක් එයා.
''ළමයි ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න එපා එයාලා නරක් වෙනවා'' මේ කතාව කවදාවත් විශ්වාස කලේ නැති කෙනෙක් මම. මගේ අසාවල් පැත්තකින් තියලා එයා ඉල්ලන හැම දේම අරන් දුන්නා මම. කවදාවත් දෙයක් ඉල්ලලා අඩපු නැති දුවෙක් එයා. අද වෙද්දි එයා අපෙන් දෙයක් ඉල්ලන්නෙම නැති තරම්.ගොඩාක් පුන්චි දේවල් පවා ගොඩාක් අගය කරලා භාරගන්නවා.
'' පුන්චි ලමයි වැඩිහිටියන්ගේ කථාවලට පනින්න හදන්න එපා මේ ලොකු අයගේ කථා '' කවදාවත් මම එහෙම කිව්වේ නෑ.
එයා පුන්චිම කාලේ ඉදන් අම්මයි, තාත්තයි මැද්දේ ඉදන් අපේ කතාවලට අපි වාඩි කරගත්තා. එයාගෙනුත් විසදුම් ඇහුවා, අපේ ප්‍රශ්න ගැන තේරෙන විදිහට එයාට කිව්වා.මිනිස්සු මොන වගේද, ජිවිතේ කොයි වගේද කියලා අද වෙද්දි හොද අවබෝදයක් එයාට තියෙනවා.
''හැම වැඩිහිටියෙක්ම කියන දේ අහන්න, එයාලට ගරු කරන්න''මෙහෙම මම කවදාවත් කියලා නෑ වයස පැත්තකින් තියලා ගරු කල යුතු අයට පමණක් වයස ගැන නොසිතා නිසි ගරුත්වය දෙන්න මම පුරුදු කලා. ''හැම වැඩිහිටියන් කියන දෙම අහන්න''. කවුරු මොනවා කිව්වත් එහෙම වුනොත් හොදට තියෙයි. ඒ ගැන විස්තර මම මොකට කියනවද? පත්තරයක් , නිවුස් ටිකක් අහලා බලලා ඒ ගැන තීරණය ඔයාලම ගන්න. පොඩි දරුවන්ට වැඩිපුර කරදර වුනේ කාගෙන්ද කියලා.
හුරතල් අඩි උස්සලා නටන්න පටන් ගත්ත දවස්වල, පැන්සල අරන් අදින්න හදපු දවස්වල, ඇහෙන සින්දු කියන්න පටන් ගත්ත දවස්වල . අපෝ ඔයාට බැහැ කිව්වේ නැහැ. අත්පුඩියක් ගහලා, ෆොටෝ එකක් ගහලා එයාව ඉහලින්ම උස්සලා තිබ්බා. විඩීයෝ එකක් අරන් ෆෙස්බුක් දැම්මා ඒ මගේ ලොකුකමට නෙවෙයි. එයාටම වෙන්වෙච්ච නමක් එයාට හදන්න. තමන් ගැන ආත්ම විශ්වාසයක් දෙන්න. ඒ කොමන්ට් මම එයා ලග තියාගෙන කියෙව්වා. මේ බලන්න ඔයාට හැමෝම හොදයි කියලා. ඉතින් එහෙම එයාගේ ආත්ම විශ්වාසය මම අලුත් කලා.
එළිවෙනකම් නිදාගන්න එපා.'' මෙහෙම නම් කවදාවත් කියලා නැහැ නිවාඩු දවසට ඇති වෙනකම් නිදාගන්න, ඉස්කොලේ වැඩ නෙවෙයි ඔයා ආස වෙන ඕනම දෙයක් කරන්න. පොත් බදාගෙන ඉන්න එපා, ඒ තමයි මම වෙනස්ම මම.
''ඔයාගේ ආගම දහමට නැබුරු වෙන්න'' කිසිම දවසක බල කරලා නැතුව ඇති. ඒත් හැම ආගමක තියෙන ගතයුතු දේ ගන්න නම් ඔයාට කියලා දුන්නා. ජිවිතේ අහිමි විම් දරාගන්න, මේ මොහොත සතුටින් ඉන්න, කිසිම අන්සතු දෙයක් නොගෙන ඉන්න, බොරු නොකර ඉන්න, කාටවත් හින්සා නොකර ඉන්න එකේ වටිනාකම ඔයාම තේරුම් ගන්න කම් හිටියා. ඒ දෙවල් පෙන්නුවා.
'' ඔයත් ඒයා වගේ වෙන්න කවදාවත් කිව්වේ නැහැ'' ඒත් ඔයා ඔයා වගේ වෙන්න, ඊයෙට වඩා, අදත් අදට වඩා හෙටත්, ඔයා ඔයාටම වඩා හොද වෙන්න දියුණු වෙන්න. ඒච්චරයි මම ඉල්ලුවේ. ඉල්ලනෙත්.
''මගේ සැබෑ නොවුන හීන ඔයා එළිකරගන්න ඕනි, ඇයි මම එහෙම කියන්නේ ? එයාට තියෙන්නේ එයාගෙම හීන.
''ඔයා කවදාක හරි හොද තැනකට ගිහින් අපිට සලකන්න'' මම එයාව බිහිකරාට එයාව බලාගත්තට එයා මට ණය නැහැ. මම එවා කරන්නේ මම එයාගේ අම්මා නිසා. එයා මගෙම දරුවෙක් මිසක් මගේ අනාගත අයෝජනය එයා නෙවෙයි . කවදක හරි එයා එයාගෙම කුඩුවක් හදපු දවසට මම එයාට පිටස්තරෙක් . ඉතින් එයා සතුටෙන් ඉගිලෙන්නම ඕනි මාත් එක්ක නෙවෙයි එයාගෙම පැටව් එක්ක.
..අම්මමයි, තාත්තයි දරුවන් ළගදි, අම්මා තාත්තා චරිතේ ඒ විදිහටම ඉන්න ඕනි'' එහෙම කොහොමද දරුවෙකුට ලන්වෙන්නේ? එයාගේ හිත හරියටම දැන ගන්නේ, ඉතින් මම එයාට යාලුවෙක්. තනි දරුවෙක් වුණු එයාට සහෝදරියක්.වෙලාවකට එයාටත් වඩා වයසින් බාලයි මම. අපිටත් හොද නරක එයා කියලා දෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ මදිද?
අම්මාගෙයි, තාත්තාගෙයි ආදරේ වෙලවකට විතරක් දකින අරුමයක් කරන්න එපා.තුරුල් වෙලා, හැම වෙලාවෙම ඇගේ දැවටිලා ඉන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි කියන්නේ දරුවෙක්ගේ ලොකුම සතුට. දවසක අපි වගේ ආදරෙන් ඉන්න එයත් හුරුවෙයි එතකොට.
''හැමෝම ඔයාගේ යාළුවො'' හැමෝම දරුවො තමයි, ඒත් හැමෝම යළුවො නෙවෙයි ඉරිසියාව, කුහකම ලමයින් අතරෙත් ඉහවහා ගිහින්. ඉතින් ඇයි මම කියන්නේ හැමෝම ඔයාගේ යාලුවො කියලා.විෂ පිරුණු මිනිස්සුන්ගෙන් ඇත්වෙන්න අපි ඉගෙන ගන්නේ දැන්, එත් එයාලා දැන්ම්ම එහෙම වුනාට වැරැද්දක් නැහ නේද? හිතට සතුට ගෙන අය එක්ක ව්තරක් ජිවිතේ බෙදාගන්න්න අවුරුදු 12ක් වෙද්දිම එයා දැනගෙන
ටැටු එකක් ගහලා අමතර කරාබුවක් දලා හිටියට අම්මාව එයාට අම්මෙකුට නොගැලපෙන් කෙනෙක් නෙවෙයි. මොකද අවස්ථානුකුලව අදින විදිහ ගැන අදහසක් මට තියෙන නිසා. කොන්ඩේ බැද්න් සාරි ඇදලා සම්ප්‍රදායික අම්මෙක් නොවුනට. එයා හරි නිදහස් දරුවෙක් මම ගාව. මොකද බාහිරින් කොහොම වෙතත් ඇතුලාන්තයෙන් එයාට කිසිම අඩුපාඩුවක් මගෙන් නොවෙන නිසා.
අපි අපෙම විදිහට මේ විදිහට ඉදලා. ''මේ ලොකේ ඉන්න හොදම අම්මා තාත්තා ඉන්නේ මට කියලා එයා කියද්දි''. අම්මේක් විදිහට මම ඉන්න තැන දැනගන්න අනිත් අයගේ විවේචන තවත් මට ඉතින් මොකටද?
අනාගතේ ගැන නොදනිමි. එහෙත් වර්ථාමනය තුලින් අනාගතය දකිමි.
දරුවෙක් හැකි ඉහලින්ම ඔසවලා තියන්න උත්සහාගන්න ඒත් ඒ හැමෝටම ඉහලින් නෙවෙයි. එයාට රිසි විදිහට පියාබන්න පුලුවන් උසකින් නැතිනම් මේ ජිවිතේ එයාට හරි බරක් වෙයි.
උදාරි ජයතිලක
0 Comments