හොදට
තියෙන
පවුල් නසන
වස විෂ....
ඕනෑම දෙයක් ප්‍රමාණය ඉක්මවා ගිය විට, එය අහිතකරය, වස විෂ බවට වුවද පත්විය හැක. විවාහ වු පසු එලෙස අධි මාත්‍රා වලින් මහර පුරුදු ළන් කරගතහොත්, හොදින් දන්නා කියන දේ, අය වුවද විෂ වි පවුල නැසිමට හේතු විය හැක.
ප්රවේශමෙන්ම භාවිතා කල යුතුය. වහා ගිණි ඇවිලෙන සුළු දේ නම් හැකිතාක් ඈත්ම කර තබා ගත යුතුය.
කලකදි ජිවිතයට ඔසු වැනි වු දේත් විවාහයෙන් පසුව වස විය හැක.
පර්ස්සම් වෙන්න.
සමහර වස විෂ ගැන කථා කිරිමෙන් බහුතරයකගේ ගල් මුල් වලට පවා මේ ලියන අහිxසක මා අසුවිය හැක. මුල අමතක කර ආත්මාර්තකාමි ලෙස දැකිමටද හැක, එහෙත් කිරිමට දෙයක් නැත. තිත්ත වුනත් මෙය ඇත්තකි.
පිළිගැනීමට අපහසුමනම් දවස ගානේ උසාවි වල දික්කසාද නඩු වල පැටලෙන අයගේ ජිවිත කතා ගැන , හෙතු ගැන විමසිලිමත් වන්න..........
කුඩා කල දෙමාපියන්,නැදෑයන් ළග හුරතල් වු ඔබ විවාහයෙන් පසුවද ඔවුන් ළග ඒ අයුරෙන්ම හුරතල් වීම විෂ වීමකි. ජිවිතයේ විවිධ කාල වල සුදුසු ලෙස තමාගේ ජිවිතයේ අන්ක් එක ලබා දීම වෙනස් විය යුතුය. කාලයට තාලයට එය සන්වේදි විය යුතුය. නැතිනම් වන්නේ එක් පාර්ශවයකට ලොකුම අසාධාරණයකි. විවාහයෙන් පසුවද මව්පිය බස් වලට මුල් තැන දීම විවාහය නැසීමට හේතුවකි. කිරිමට දෙයක් නැතිනම් එය,ඔබට මට මෙන්ම සියළු ජිවිත වලට කෙදිනක් හෝ මූණ දීමට සිදුවන පරම සත්‍යයකි.
''බැන්දාට පසු යාලුවො ඔක්කොම අමතකයි''. සම්පූර්ණයෙන් අමතක නොකලත් පවුලට මුල් තැන දී යම් තරමින් හෝ ඈත් වීම සාර්ථක පවුලකට අත්දුටු ප්රත්යය්ෂ වු ඔසුවකි. එය බොර්රන් නැත. හරිම සරළය. හොදම මිතුරා, මිතුරිය ඇය කරගන්න. ඒවිට සැගවීමටකිසිත් නැත, උපාසක චරිත රගපෑ යුතුව නැත. හිතට එන ඔනැම කුණු ගොඩක්, ජරාවක් නොහොබිනා කතාවක්, වචනයක් කීමට තරම් එය ප්‍රභල කරගන්න. අව්ශ්ය් නම් අඩියක් ගැසිමට තරම් සමීප කරගන්න යාලුවෙකුගේ අඩුපාඩුව ඉක්මනින්ම මගහැරි ගොස් සමහර පාප මිත්‍ර ඇසුරෙන් පවා වලවල් වල නොවැටි ඇත් විය හැක. ඔබට මිතුරන් සිටිය හැක, එය අවශ්‍යය ඒත් හොදම මිතුරා, මිතුරිය ඇය කරගන්න.
සැකය යනු, වහා ගිණි ඇවිලෙන සුළු පවුලක් නසන්නාවු වස විෂකි. අන් අය මොනවා කිව්වත් ඔහුව, ඇයව විශ්වාස කිරිමට තරම් අවශ්‍ය විශ්වාසය ගොඩනගා ගන්න. එයට දවසක් මදිය ඉවසිම සහ අවබෝධයේ ශක්තිය මත එය ගොඩනැගෙනු ඇත. වැලළි ගිය කුණු සොයා විවාහය ගදගස්සවා නොගන්න.ඇයගේ/ ඔහුගේ අතීතය බාර ගන්න. වර්ථමානය, අනාගතය සතුටින් වැලදගන්න. නමුත් ඒසේ වු පමණින් ඒ විශ්වාසය කඩ නොකරන්න. මේවාට කර ගැසිය නොහැකින් නම් සුළු කාලයක තෘප්තියකට අන් ජිවිත එපා නොකරන්න.
අනියම, යනු නියමයක් නොමැති වු දෙයකි. සුළු කලයට සුන්දර ලෙස දැනුනද දිර්ඝ කාලීනව දිවි පවා තොර කල හැකි උග්‍රම විෂකි.
පුදුම දෙයක් නම් කනවිට රස පළතුරක් වීමය.නොලැබෙන හො මගහැරුන දේ සොයා යැම මනුෂ්‍ය ගතියකි, එහෙත් ඒවාට සමාව දීමට කවුරුත්ම කැමති නැත. හරිම කෙනා පමා වී හමු වී නම් හොදම දේ රැවටීම් නොකර, වෙන් වී ගොස් උන්ම සමග විසිමය. ඔබ නිසා ජනිත වු දරුවන් පවුය. එහෙත් හැමදේටම වටින්නේ තමාගේ සතුට යැයි සිතන කලට ජිවිතය වරද්දවා ගැනීම හෝ හදාගැනීම ඔබටම බාරය. ඒවායේ රිටන් විදගැනීමට තරම් නිර්භිත විය යුතුය.
පමණ ඉක්මවා මත්වීම, පසුකාලීනව අක්මාවට හොද නැත,වර්ථාමානයේ පවුල් ජිවිතය හොද නැත.තවත් උග්‍ර වු වසකි. සිහියෙන් හිදවත් විසදීමට අපහසු දේ විසදාගැනීමට මිනිසුන් මත් වෙති. ආතල් ගැනීමට මත් වෙති, සතුටට, දුකට මත් වෙති, සෙට් වීමට මත් වෙති. මත් නොවුනොත් පිරිමි කමට නිගාවක් කියා සිතා මත්වෙති, ඒසේ මත් වී, තිරිසනුත් ටත් එහා යති, පිරිමි කම එය යැයි සිතති. ගෙදර ගැහැණියට චණ්ඩි කම් පෙන්වති. හොදම දේය එය නියම වු පිරිමි කම යැයි සිතති.
නොකියාම බැරිය පමණ ඉක්මවු සමාජ මාධ්‍ය භාවිතය පවුල් ජිවිතයට විෂය.තමන් වෙනුවෙන් බලා ඉන්නා ආදරනීයන් මග හැරෙති. ඔවුන් වෙනුවෙන් කාලයක් නැත. කෑවාද බීවාද සනීපෙන්ද කියා සෙවීමට වත් කාලය නොමැති වේ. ඉන්බොක්ස් වල හොර රහසේ ඒසේ විමසන්නට බොහෝ අය පිරි ඇත.ඇත්ත ජිවිතය මගහැරි සිහින ලෝකවල ජීවත් වීමට සමාජ මාධ්‍ය සමහරක් වෙලාවට විෂක් ලෙස ක්‍රියාකරයි. පමණ ඉක්මවා යෑම ඇබ්බැහිය, පවුලට ගෙන එන විෂ බොහො වැඩිය.
මුදල්, රැකියාව වු කල ජිවත් වීමට අත්‍යවශ්‍යම වු දෙයකි. එහෙත් ජිවිතය,සල්ලිම රැකියාව විතරක්ම වු කල එයද වස විසකි. මොකද බොහෝ ආයතන ඔබගේන් හුරාගෙන වැඩගෙන අවසන් වු කල ඔබව දොට්ට දමන්නේ, පහත්ම වු අකාරවලින්ය. එවිට ඔබ මානසිකව බින්දුවටම බැසි අවසන්ය.( හැම ආයතනම එසේ නොවුන ඇත, එහෙත් බොහෝ අත්දැකිම් වලට අනුව එය එසේය්.)
සැසදීම වැඩිවු කල විවාහය විෂ වි,එය නැසි යා හැක. අල්ලපු ගෙදරට, ඉස්සරහා ගෙදරට, පිටිපස්සේ ගෙදරට, යාලුවන්ගේ ගෙදරට, නෑයන් ගේ ගෙදර හෝ එහි වෙසෙන අය සමග ඔබ්ගේ පවුලේ අය සමකරන්න හිතන්න වත් එපා.පේන දේ වලට වඩා නොපෙනෙන දේ වැඩියි. තේරෙන දේට වඩා නොතෙරෙන දේ වැඩියි. ඔබට ඇති දේ ඔවුනට නැත, ඔවුනට ඇති දේ ඔබට නැතිවිය හැක.
උග්‍ර විෂ, මරාන්තික විෂ, නිර්විෂ, සුලු විෂ ඇතිවෙන දේ, තවත් ඕනෑ තරම් ඇති. මේ ටිකක් විතරයි.මේ මොන විෂත් ඔයාගේ පවුලට ලන් කරගන්න එපා, මොකද හැම විෂක්ම අත් බෙහෙත් වලට හිලෑ නැහැ. පමණ ඉක්මවා ගියොත් වහා නැසෙන සුළුයි. හැම දේම පමන ඉක්මවා යන්න එපා. ඔය ජිවිතේ අපරාදේ, ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොද නැති බව සිහි තබා ගෙන සතුටෙන් ජිවිතය, පවුල රැක ගැනීම්ම නුවන පහල වේවා !!!!
සතුටින්ම ඉන්න......
උදාරි ජයතිලක
0 Comments