අනිත් අයගේ, සතුට ගැන ඔයා, මොනවද දන්නේ?

 




අනිත් අයගේ,

සතුට ගැන

ඔයා,

මොනවද 

දන්නේ?

''අපෝ තාම බැදලත් නැතුව, මොන ජිවිතද හරිම දුකෙන් ඇත්තේ''


''දරුවෙක්වත් නැතුව, මොනවා තිබුනත් මොකටද කෝ එයාලට සතුටක්?


''තාම කුලියටලු ඉන්නේ, වාහනයක්වත් නැහැ බස්වල මයි ගමන්, පවු හරිම දුකක් විදින්නේ'' දරුවොත් දුක් විදිනවා''


'' ඔය පිටට පෙන්න හිටියට හොදට තිබ්බට , සල්ලි උඩ පීනුවට, ඒ දෙන්නා ගෙදරදි හැමදාම මරාගන්නවලු, පවුල ළගදීම කැඩිලා යයි ඔහොම ගියොත්''


'' කොච්චර දක්ෂ වුනත් මොකටද ඒයාට කැම්පස් එකකටවත් යන්න බැරිවුණා, හරිම දුකෙන් ජිවිතේ වැටිලා ඇත්තේ''


'' ඔච්චර අඩු වයසින් බැදලා, තව ළමයිනුත් හදාගෙන, ජිවිතේ විදගන්නේ නැතිව ඉක්මන් වෙලා විදවනවා''


'' එක ළමයෙක් විතරක් ඉදලා මොකටද?   තනියෙන් දුක් විදින්න වෙයි''

'' ඇයි අනේ අර අච්චර ළමයි හදාගෙන දුක් විදින්නේ?''

'' එයා නම් හැමතිස්සෙම පන්සලේ, බණ විතරමයි කියලා, ඒයාගේ සතුට ගැන ඔයා වදවෙන්න යන්න එපා, ඒ එයාගේ සතුට.පොතක් කියවලා, සින්දුවක් අහලා, ෆිල්ම් එකක් බලලා තව කෙනෙක්  හොයන්නේත්  එයාගේ සතුට 

මිනිස්සු අනිත් අය සතුටෙන්ද කියලා බලන්නේ හරිම පටු විදිහට,ඔයාගේ සතුට කියලා ඔයා හිතන දෙයක් තව කෙනෙක් දුකක් විදිහට දකින්න පුළුවන්'


කෙනෙක් සතුට සල්ලිම කියලා හිතද්දි තව කෙනෙක්ට තමන්ගේ පවුල තමයි  සතුට කියලා දැනේන්න පුළුවන්

කලින්ම ගෙදරට ඇවිල්ලා තමන්ගේ පවුල එක්ක ගතකරන එක, කෙනෙක්ට සතුටක් විදිහට දැනුනට. යාළුවොත් එක්ක ෆන් ගන්න නයිට් කලබ් යන කෙනෙක්ට එහෙම පවුලටලම ඇලුණු ජිවිත, බෝරීන් වගේ පේන්න පුළුවන්.

ඉතින් ඔයාගේ හිතින් අනිත් අය සතුටෙන්ද කියලා තීරනය කරන්න ඉක්මන් වෙන්න එපා.

අනිත් අයගේ සතුට ඔයාට සාපේක්ෂව බලන්න එපා.ඒ වගෙම අනිත් අය දිහා බලලා ඔයාගේ සතුට තක්සේරු කරන්නත් එපා.

අනිත් අය දිහා බලලා එයාලාගේ සතුට අනුකරනය කරන්නත් එපා.මොකද ජිවිතේ දැනේන විදිහ මට වඩා ඔයාගේ වෙනස්, ඔයාට වඩා මගේ වෙනස් ඒකයි.


මිනිස්සු ප්‍රශ්න වලින් මිදෙන්න ගොඩාක් දේවල් කරනවා.අනිත් අයට හින්සාවක් නොවෙන ඕනම දේයක් ඔයාගේ සතුට උනාට කමක් නැහැ නේද?


කාගේවත් සතුටක් හැල්ලු කරන්න එපා. මෙච්චර ප්‍රශ්න මැද්දේ උනත් මිනිස්සු සතුට හොයාගෙන යන එක කොච්චර වටිනවද? ජිවිතයෙන් ඵලා යන්නේ නැතිව. ඒකත් නැති කරන්න ඔයාගේ වචන වලට ඉඩ දෙන්න එපා.


තමන්ගේම විදිහකට සතුට ගොඩනගගන්න, ඒත් අනිත් අයගේ සතුට විනාශ කරන්න යන්න නම් එපා


උදාරි ජයතිලක



Post a Comment

0 Comments