හිත,
හැදෙන
තැලෙන
බිදෙන
රිදෙන
සැනසෙන
වචන.............
අකුරු එකතු වි හැදෙන වචන, වචනයක් විතරමද? සමහරෙක්ට එය වචනයක් පමණක් වුවද, තවකෙකුට වචනයක් නිසා,
සිත,
හදාගනි, තලාගති, රිදවගති, සැනසෙති.......
ඉතින් අකුරුවල එකතුවට එහා ගිය බලයක් වචන වලට නැතැයි කිව හැකිද?
කාගෙනවත් වචනයක් අහා ගැනීමට නොදි සමහරු පරිස්සම් වෙති
තවත් අය අනුන්ගේ වචන තුට්ටුවකට මායිම් නොකර තමන්ගේ විදිහට ජිවිතය ගෙන යති.
හිත හැදෙන වචනයක් හෝ අන් අයගෙන් ලබා ගැනීමට තවත් සමහරු පෙරුම් පුරති
කෙනෙක්ගේ වචන විශ්වාස කර රැවටී ජිවිතය මදි නොකියන්න වරද්දවා ගත් ජිවිත හඩා වැලපෙති.
වචනවල එල්ලිම මතක් කර කර අනේකාට පහර ගසන අයද හිග නැත
කෙසේ වුවත් ඇතෙකු ලවා වත් නැවත අද්දවා ගැනීමට නොහැකි දේවලින් වචන වලටද මුල් තැන හිමිවේ.
''වෙච්ච දේවල් අමතක කරන්න, මෙහෙම වෙච්ච එකම කෙනා ඔයා නෙවෙයිනේ''
''අපි තව ටිකක් ඉවසලා බලමු අපිට හරියයි දවසක''
''කවුරු නැතත් ඔයත් එක්ක මම ඉන්නවා"
'' එහෙම වුනේ හොදට "
''ඔයාට ඒක කරන්න පුළුවන්''
හැමදේම ලිය නොවුනත් මේ හිත හැදෙන වචනය. මේවාට වටිනාකමක් දෙන්නට බැරි තරම්ය.
හිතක් හැදිමට ශතයක් වත් වැය නොවේ. ඒත් වචන නිසා හදාගත් හිතකට එහි වටිනාකම කෝටියකටත් එහාය.
ජිවිතයේ වැටෙන්නට පුළුවන් උපරිමය පසුකල පසුත් මැරුණු හිත් වචන නිසාම මිනිසුන්ගේ හිත් පණ ගසා යළි නැග එයි.එය පුදුම බලයකි.
''ඔයාට පුලුවන් මොනාද" ඔයා මොනවද මම වෙනුවෙන් කලේ'' කප්පරක් දර දිය ඇද අවසානයේ මෙහෙම ඇසු හිත් නොතැලි තියේවිද?
තැලෙන හිත් දැක දැක තව තවත් ඒ හිත්ම තලන්ට මිනිසුන් පෙලඹෙන්නේ පුදුමාකාර වු ස්වයන් වින්දනයක් ලබමිනි.
සමහරෙකුට ඇති එකම විනෝදයද අන් හිත් තැලිමය.වචන වලින් තැලෙන හිත් දැක සතුටෙන් හිත් පුරවා ගනිති. මානයෙන් හිත් පිරිගිය කෙළෙහි ගුණ ගැන අඹ මල් රේණුවක් තරම් වු හැගිමක් නැති මිනිසුන් හිත් තැලිමේ පුරෝගාමින්ය.
''ඔව් මම හෙට දෙන්නම් "
''තව සතියක් ඉවසන්න''
'' මම පොරොන්දු වෙන්නම්''
''මාව විශ්වාස නැද්ද"
''වැඩේ කෙරුනා කියලා හිතාගන්න"
''ඔයාට ඒ ජොබ් එක ශුවර් මට ඔව්වත් වැඩද?
''ඔයාට නොකරන දෙයක් තියෙනවාද"
ඉන්න මම තව ටිකකින් බලලා කෝල් කරන්නම්,,
ඇසෙන විට මේවා මී පැණි රසය . සිත තත්පරයට හෝ හැදෙති.ඒත් මෙවැනි වචන වලින් හැදෙන හිත් ඊළග තත්පරයේදීම රැවටුනු බව තේරුම් ගනි.
'' එයා බොරුවක් කරන්නේ නැහැ'' මතක තියාගන්න ඔයා වගේ නෑ හැමෝම.බොරුවෙන්ම ජිවත් වෙන මිනිසුන්ට මේවා අරුමයක් නොවේ. ඔවුන්ගේ ශබ්ද කෝෂයම මෙවැනි වචන වලින්ම පිරි ඇත. සමහරුගේ මේ බිදන වචන රැකියාවේම කොටසක් වන අවස්ථාද ඇත. ඒ හැර අන් පිහිටක් ඔවුනට ඇත. බොරුවෙන්ම අන් ජිවිත මුලා කරති.
හිත් බිදින්නට ලේසිය ඒත් බිදුණු හිත් හැදිමටද අපහසුය. වරක් හෝඅ බිදුණු හිත් පිරියම් කිරිම පහසු නොවේ.
'' ඔයා මහත් වෙලා, කලු වෙලා, ඇදිලා ගිහින්'' මෙසේ කියමින් මුණ ගැහෙන මිනිසුන්ගේ හිත් රිදවා සතුටු වන අය හිග නැත.
'' බැන්දේ නැද්ද තාම?''
දරුවෙක් තාම නැහැ නේද?
'' එක ලමයෙක් මදි එයා තනිවෙයි''
''රස්සාවක් නැද්ද තාම?''
මේවා හිත් රිදෙන වචනය නැතහොත් මේවා මහා අප්පිරියා වචනය. හිසරදය හැදෙන ඒවාය. ඒත් මෙවා පවසන උන් ඒවායි ගන්නේ පුදුම වු ආතල් එකකි නැතිනම් ජොලියකි.
අපහස උපහාස සමච්චලය වැනි දේ වලින් හිත් රිදවන්නේ හීනමානය මෙන්ම ජිවිතය ඇරියස් වලින් පුරවා ගත් හිත් විතරමය
හිස් වචන, පරුෂ වචන, බොරු වචන යනු ඇත් කරගත යුතු දේවල්ය. හිත් තැලිම, බිදිම, හිත් රිදවීම, බොරුව, කේලම් බයානක බවින් වැඩිය.
සැනසෙන වචන ජිවිතයට නැතුවම බැරිය ඒත් එය බොරුවෙන් තොර විය යුතුය, සැනසෙන වචන යනු චාටු වචන නොවේ. ඇත්ත ඇති සැටියෙන් පවසා හිත් සනසන්නේ නම් වටිනාකම වැඩිය. මොකද බොරු සැනසීමට ආයුෂ හිගය.
''ඇත්ත තිත්තය ඒත් එහි පැවැත්ම වැඩිය
බොරුව මිහිරිය නමුත් තාවකාලිකය''
හිත් සනසන විට, බලාපොරොත්තු දෙන විට බොරුවට නොව ඇත්තට මුල් තැන දෙන්න.
හිත් තලන. රිදවන, බිදවන අය අතරේ හිත් හදන කෙනෙක් වෙන්න.
උදාරි ජයතිලක
0 Comments