පුxචි මට වඩා බර පොත් මල්ල ඉස්කොලේ
උහුලන්න බැරිතරම් බරයි මට මගේ අම්මේ
උදේ හය වෙද්දි මx, ගෙදරිනුත් පිටවෙන්නේ
ටියුෂනුත් වැඩි නැද්ද? දෙකෙන් පසු මට ඉන්න.......
අහනවා ටීචරුත් හැමදාම ඉස්කෝලේ
ඇයි පුතේ ගෙදර වැඩ නොකරාම නුඹ එන්නේ?
රෑ වෙලයි මම ගෙදර හුගක් දවසට එන්නේ
ඉතින් නැහැ වෙලාවක් ගෙදර වැඩ කරගන්න.......
විභාගේ ලකුණු ටික මදිවෙලා බනිනකොට
වරද කොතැනද කියලා නැහැ හිතට තේරෙන්නේ
දුව පැනලා සෙල්ලමින් ටිකක් වත් මට ඉන්න
බෝණික්කො පැටව් ටික හඩනවා මx එක්ක
ජනේලෙන් එහා අර පේන ලස්සන ලෝකේ
හීනයක් වගේයි මට එයාලත් මගේ වයසේ
නිදහසක් ලැබුනොතින් ලොකුවෙලා වත් මටත්
සෙල්ලමක් කරන්නද ? තරහා නැහැ නේ අම්මේ
අද වයස කුමක් වුවත් ඔබ මෙන්ම මමත්, ගෙවුනා වු ළමාකාලය රිසි සේ විදගත්ත අය වෙමු. අදටත් ''අපේ කාලයේ නම්''............කියා මතක් කරන්නේ කොයි තරම් සතුටකින්ද? එහෙත් ඒ සතුට අපේ දරුවන්ට ළමා දීමට අකමැති වීමට තරම් අපි ආත්මාර්ථකාමි වී ඇත්තේ.නොනැවති දුවන්නාවු තරගය නිසාම වන්නට පුළුවන. පාසැල් අධ්‍යාපනයෙන් නොනැවති කඩමුඩියේ දරුවන් දක්කාගෙන යන ටියුෂන් කලාව සධාරනය කිරිමට හෝ හේතු දහසක් ඔබට තිබෙන්නට පුළුවන. ඒත් ඒ හැමටම වඩා පුන්චි දරුවන්ගේ නිදහස, සතුට අගය කරමි,
සුදුසුම, අවශ්‍යම අවස්ථාවක අමතර පන්තියකට යාම අපරාධයක් නොවුනත් එය ළමා හින්සනයක් තරමටම වන්නේ බොහෝ දෙමව්පියන් 1 ශ්‍රේණ්යේ සිටම හෝ ඊටත් පෙර දරුවා අනවශ්‍ය ලෙස පීඩාවට පත් කිරිමයි.
ඇත්තටම වරද ඇත්තේ ඔබගේය ඔබට,
ඇත්තේ පුදුමාකාර තරගයකි
අන් දරුවන් යන නිසාම එය ඔබේ දරුවාටද අනීවාර්ය කර ඇත
හැමටම ඉහලින් දරුවා සිටිය යුතුමයැයි සිතීම
තම තමන්ගේ මානසික මට්ට්ම අනුව තව හේතුද ඔබට තිබිය හැක. මා ඒවා නොකියමි. තමගේන්ම අසා දැනගන්න
නිකටමට හෝ අන්තර්ජාලය හෝ වෙනත් රටවල සිටිනා මිතුරන්ගේන් අසා දැන ගන්න. ඒ බොහෝ දරුවන්ගේ නිදහස ගැන.
ශිෂ්‍යත්වය, සමාන්‍යපෙල විෂයන්ට අමතරව තවත් ඉගෙනීමට මෙන්ම දරුවන් දක්ෂ තවත් බොහෝ දේ ඇති බව. ඒවායින් ජිවිතය දිනාගන්නා බව. අපේ දරුවන් ගෙවන්නේ කෙතරම් පිඩාකාරි ජිවිතද?
අනෙකාට ඉහලින් යාමේ සිතිවිල්ල පාලනය කරගත් විට දරුවන් මෙන්ම ඔබද නිදහස් වනු ඇත.
ඉතින් සන්වේදි දරුවෙකු ඔබේ දරුවාගෙන් දැකීමට ඔබට අයිතියක් නැත.ඔවුන් දන්නේ විශයන් කිහිපයක්ම පමණි.
''උගත මනා ශිල්පයමයි මතු රැකෙනා'' එය ඇත්තකි එහෙත් අපේ දරුවන් ඉගෙන ගන්නේ ශිල්ප නොව විභාග සමත් වීමේ ක්‍රම පමණි.
උදාරි ජයතිලක
0 Comments