හොදම අය, හොදම දේ යනු සාපෙක්ෂ දෙයකි. ඔබට යමෙක් හොද වු පමණින් , මටද එය එසේ නොවනු ඇත

 




හොදම අය, හොදම දේ යනු සාපෙක්ෂ දෙයකි.ඔබට යමෙක් හොද වු පමණින් , 

මටද එය එසේ නොවනු ඇත

කවුරුවත් කියූ නිසා, යමක් ඔබට හොද හෝ නරක වන්නේ නැත.ජිවිතයට ළxකර ගත යුත්තේ ගැලපෙන අය වීම මානසික සුවයට වඩා වැදගත් වේ.

විවාහයකදි මෙය වඩා වැදගත් වේ ලෝකයාට කොතරම් හොද වුනත්, ඔබටත් කොයිතරම් ගැලපෙනවාද යන්න වඩා වැදගත්ම සොයාබැලීමයි.ඔහු හෝ ඇය කෙතරම් අන් අයට හොද වුනත් ඔබට හොද නැතිනම් ජිවිතය විදවිල්ලකි.

ලෝව හොදම,දෙමව්පියන්, සහෝදර සහෝදරියන් ඔහු/ඇය සතුව සිටිනවා වන්නට පුළුවන. නමුත් එක්ව ගමනක් යෑමට ඔබට අදාල වන්නේ ඔවුන් කෙතරම් ඔබ කෙරෙහි හොද වෙනවාද යන්නය.

රැකියා ස්තානයට ඔහු/ඇය කෙතරම් හොද අයෙකු වූවත් ගෙදරදි ඔබට හොද සහකරුවෙකු,සහකාරියකු නොවුනහොත් ජිවිතය අපහසුය.

කෙතරම් ඔහු/ඇය අන් අයට ලස්සන/කඩවසම් වුවත් ඔබට නොදැනේනවානම් ඉන් ඵලක්  නැත

හැමෝටම පිහිට වෙන්න යන අයව පරිස්සමින් ජිවිතේට එක් කරගන්න .මොකද ඒ දේ නිසාම ඔබව දවසක අසරණ වෙන්න පුළුවන්.

ආත්මාර්ථකාමි වීම හෝ  යුතුකම් පැහැර හැරිම අනුමත නොකරමි.එහෙත් ඔහුට හෝ  ඇයට ජිවිතයේ මුල් තැන විය යුත්තේ ඔබවය.

ඔබගේ පදවැලට ඔහු හෝ ඇය තාලයක් විය යුතුය.එය එහෙත් ඔබගේ පදේටම නටන්නෙකු වන්නටද අවශ්‍ය නැත.තවකෙකුට බැදිම යනු, ලේසියට ගත යුත්තක් නොවේ.

ලෝකෙට පරකාසේ වි ගෙදරට මරගතේ නොවන අය ජිවිතයට ලන්කරගෙන ජිවිතේ සතුට ලබාගන්න


උදාරි ජයතිලක

Post a Comment

0 Comments