ඔව් එහෙම වුනේ හොදට

 




මෙය ඉන්දියාවේ රජෙකුගේ පැරණි කතාවකි; ඔහුට ඉතා සමීප මිතුරෙකු සිටියේය.ඔහු රජුගේ ජීවිතයේ සිදුවන (ධනාත්මක හෝ සෘණාත්මක) සෑම තත්වයක් දෙසම උපේක්ෂා සහගතව බලා මෙය සිදුවුයේ හොදට !!! යනුවෙන් ප්‍රකාශ කිරීමේ පුරුද්දක් තිබුණි. ඔහු සෑම විටම විවිධ දෘෂ්ටිකෝණයකින් දේවල් දෙස බැලීමටත් ජීවිතයේ සිදුවන ඕනෑම දෙයක ධනාත්මක බලපෑම් සොයා ගැනීමටත් උත්සාහ කළේය.


දිනක් රජු සහ ඔහුගේ මිතුරා දඩයමේ ගියහ. ඔවුන් ඝන වනාන්තරයකට ගොස් දඩයමේ යන්නට විය.දඩයමේ යන අතරතුර මිතුරා රජුට තුවක්කු  සූදානම් කළේය. රජු තම මිතුරාගෙන් තුවක්කුව ගෙන ඉලක්කයට එල්ල කළේය. ඉලක්ක කරගත් සත්වයා ඉලක්කයට නිවැරදිව සිටින බව දැනුණු විට, රජු  වෙඩි තැබුවේය. නමුත් මේ අවස්ථාවේ සිදුවූයේ නොසිතූ දෙයකි.


තුවක්කුව වැරදී රජුගේ මාපටැඟිල්ල හානිවිය. ඔහුගේ මිතුරා තුවක්කුව  සූදානම් කිරීමේදී යම් වරදක් කර ඇති බව පෙනෙන්නට තිබේ. ද මෙයින් පසුද,  මිතුරා සුපුරුදු පරිදි ප්‍රකාශ කළේ ''මෙය වුනේ හොදට, කියාය මේයින්  රජු උදහස්විය. වහාම තම මිතුරා සිරගෙට යැවීමට නියෝග කළේය.

මාස දෙකකට පමණ පසු, රජු අලුත්  ප්‍රදේශයක දඩයම් කළේය. පිරිසක් ඔහුව අල්ලා ඔවුන්ගේ ගමට ගෙන ගියහ. ඔව්හු ඔහුගේ අත් දෙක බැඳ, දර ටිකක් එකතු කර, කණුවක් තබා, ඔහුව කණුවට බැඳ තැබූහ. ඔවුන් දර ගිනි තැබීමට ළං වූ විට රජුගේ මාපටැඟිල්ලක් නැති බව ඔවුන් දුටුවේය. මිථ්‍යාදෘෂ්ටික මිනීමරුවන් වූ ඔවුන් කිසි විටෙකත් සම්පූර්ණයෙන් අඩු කිසිවෙකු අනුභව කළේ නැත. එබැවින් මිනීමරුවන් රජුගේ ගැට ලිහා ඔහු පිටත් කර හැරියේය.

ප්‍රාර්ථනා කරපු දේවල් නොලැබි යද්දි, නොසිතුව කරදර අපිව හොයාගෙන එද්දි,අපි ආදරය කරපු අය අපිව දලා යද්දි.එහෙම වෙන්නේ හොදට කියලා හිත හදාගන්න අමාරුයි තමයි. ඒත් මට වගේම ඔයාටත් අත්දැකිම් වුනේ ඒ දේවල් එහෙම වුනේ අපේම හොදට කියලා අද දවසේ ඉදන් හැරිලා බලපුවාහම දැනේන.
ඔබ අතීතයේ කදුළු සැලු කාරණාවන්ට අද දවසේ සිනාසෙනවා විය හැක. නැතිනම් අතීතයේ සිනාසුණ මතකන් වලට අද දවසේ හඩනවා වෙන්නටත් පුළුවන.
අතීතයේ ඔබ කදුළු සැලු ඒවාට අද දවසේ සිනාසෙන්නේ නම් බොහෝ විට ඔබ ජීවිතය දිනා ඇතුවාට සැකයක් නැත.

''එහෙම වුනේ හොදට'','' මෙහෙම වෙන්නේ හොදට'' යැයි උපෙක්ෂාවෙන් බලා ජිවිතය විදින විට, පසුතැවිම් අඩුය, දුක්බර විදවීම් අඩුය, සිතේ සැනසීම වැඩිය.එහෙම නොවෙන්න්නේට ජිවිතය ජිවත් කරවීම පහසුද නැත

''එහෙම වුනේ හොදට'' යැයි සිතා ජිවත් වීමට දැනටමත් ඔයාට හුරුවෙලා නම්, ප්‍රශ්න හමුවේ පීඩාවට පත්වි සිටින, ජිවිතයේ සෘණාත්මක දේ ගැන පමණක් සිතා වදවෙන ඔයාගේ ආදරණී‍යන්ටත් හුරුකරවන්න. එක් සිතක් හරි සුවපත් කරවන්න ඔයාටත් හැකිවේවි.

උදාරි ජයතිලක

Post a Comment

0 Comments