ජිව්තේ වැටෙන තැන්
අපමණව හමුවේවි
හිත තලා දමන අය
අඩු නැතුව රිදවාවි
අඩන්නට හේතු නම්
ඇස් අස්සේ නලියාවි
ඒත් හිත තද කරන්
ජිවිතේ දිනවාවි.....
අද වැඩියෙන් හිනාවෙන්නේ,අතීතයේ අඩපු මිනිස්සු.වැටි වැටි නැගිටපු අය දවසක ශක්තිමත් වෙනවා ආයේ කවදාවත් කාටවත් වට්ටන්න බැරිවෙන තරමට, ඒ තමයි ජිවිතය හැමදාම හැමෝටම වරදින්නේ නැහැ.සිමාවක් නැතුවම දරාගන්න හුරුවුන හිත්වලට සැනසීමක් ලැබෙනවා දවසක ඒ තමයි ජිවිතය. ඉතින් ඉවසන්න ඒ දවස් දුර නැහැ.
ඔයත් එහෙම වෙන්න,වැටෙන තැනෙන් නැගිටලා,රිදිච්ච හිත් දරාගෙන,ඇස් අස්සේ තද වෙච්ච ඒ කදුළු දවසක සතුටු කදුළු වෙලා ගලගෙන යන දවසක් එනවාමයි ජිවිතේට.
ගිම්හානය අවසන් වෙලා වසන්තය එනවාමයි, ඒ දවස ගැන හිතලා අද වැඩ කරන්න, ඒ වෙනුවෙන් ඔයාට වරදින්නේ නැහැ.
ඔයාට හිනාවුණ, ඔයාට බැහැ කියපු,ඔයා පරදින කම් බලන් ඉදපු අය දවසක පසුතැවේවි. ඉතින් කාගෙන් වත් පළිගන්න කාලය වැය කරන්න එපා, ඒ තමයි හොදම පළිගැනීම.
ඔයාගේ ගෙවිච්ච දවස් ගැන දන්නේ ඔයා, ඒවා දරාගත්තෙත් ඔයා,තවත් මොකටද දේවල් ඔයාට දිනන්න ඕන හැමදේම ඕනෑවටත් වැඩිය ඔය ලැබිලා තියෙන්නේ.
මම දන්නේ එක දෙයයි ''වරදින්න ඕන කෙනෙකුට හරියන්න''
අදට වඩා හොද දවසක් කොහෙන්ද අළුතෙන් හැමදේම පටන් ගන්න.තත්පරයක් වත් මග හැරගන්න එපා, සතුට වගෙම සැනසීමත් කල්යාවි අපරදේ!!!
ඉතින් නොසැලි ඉන්න, ඔයාට ඔයා ඉන්නවා මොහොතින් මොහත හරියාවි ජිවිතය.වෙනස් වෙයි ජිවිතය හොද විදිහට.ඒ හැමදේම වුනේ ඔයාගේ හොදට
ජිවිතය ඔයාව දිනවාවි අනීවාර්යෙන්!!!
අදම පටන් ගන්න ඔයාට ජය
උදාරි ජයතිලක
0 Comments