මේ තමයි නුඹේ දෙවැනි අම්මා
කියලා පෙන්නුවේ නුඹවයි
ගිහින් සිරිකත වෙයන් මගේ දුවේ
අම්මා කිව්වේ එහෙමයි..........
දෙවැනි ගමනේ මැදින් ආසිරි
පිළිගත්තේ මා.....නුඹමයි
යද්දි දින දෙක, නුඹේ සිනහාවන්
දුටුවේ නැහැ මට පුදුමයි.......
''පුතා ආසම මම උයන දේ
කන්න විතරයි ළමයෝ ''
කිව්ව දින නුඹ උයන හීනේ
කදුළු එක්කලා වැටුණේ.........
මගේ වැරදිම කියා තැන තැන
මාව නපුරිම කෙරුවේ
නුබේ දුව මිස නැතේ කිසිදින
මාව දුව ලෙස දැක්කේ......
පුතා නම් නුඹේ උදුර ගන්නට
නොවේ මx මෙහේ ආවේ
හුරතලේ මැද හැදුණු දුවෙකිය
මගේ මව්පිය සෙවණේ...........
නුඹේ මව්ගුණ උතුරලා යයි
නුඹේ දරුවන් ළගදි
එකම වරදයි මා දන්නේ මගේ
ඒ නුඹට ලේලිය වීමයි
නැන්දම්මා ලේලිය අතර නොක්කඩු ඇතිවීමට නිශ්චිත වු කාරණාවක් නොමැති තරම්ය.බැදිම් අත හැරගැනීම්ට ඇති නොහැකියාව වැඩිවු විට එය වඩාත් දරුණු වේ.
ලොව හොදම දුව, අම්මා වු පලියට හොදම ලේලියක් හෝ නැන්දාම්මා කෙනෙකු විය නොහැක.ජිවිතය රෝදයකි කැරකෙන. යම් යම් කාලවලදි අවස්ථාව අනුව බැදිම් ලිහා දැමු කල ප්‍රශ්න අවම වේ.
කොයිතරම් අමාරුවෙන් පුතෙකු ලොකු කලද, ඔහු විවාහ වු පසුව එය ඔවුන්ගේ ජිවිතයයි. පුතුගේ ජිවිතය ඇයට බාර දිය යුතුය. එය ඔබට, මට අපි හැමෝටම දරුවන් ඔවුන්ගේ කැදලි තනාගත් පසු මුහුණ දීමට වන පරම සත්‍යකි.
නැන්දාම්මා කෙනෙකු නොවි මවක් වන අයද
ලේලියක් නොවි දුවෙක් වන අයද අප අතර ඇත,
එය සැබෑම වාසනවකි. එයට උගත් කම,වත් පොහොසත් කමවත්, බලපාන්නේ නැත. හොද තෙරුම් ගැනීමත් සමගම ජිවිතයේ ඇත්තට මුහුණ දී යථාර්තය තේරුම් ගැනීම ප්‍රමානවත්ය.
කෙසේ වුවද විවාහයෙන් පසුව පවුලක් ලෙස වෙනම ජිවත් වීම හැමෝගෙම හොද හිත ආරක්ෂා වීමට හේතු වනු ඇත
(පවුල් ප්‍රශ්ණ වලට මූලිකම හේතුවක් වන නැන්දම්මා ලේලි ගැටුම් අසා ඇත්තෙමි. දැක ඇත්තෙමි ඒවා මේ සටහනට දායක කර ගත්තෙමි. මෙය මාගේ පුද්ගලික අත්දැකීමක් නොවේ)
උදාරි ජයතිලක
0 Comments