අපි
හැමෝම දරාගන්නවා
එත් ඒ,
තමන්ගෙම
විදිහකට........
ජිවිතේ දරාගෙන ජිවත් වෙන හැටි මට වඩා ඔයා වෙනස් වගේම තව කෙනෙක් ඊටත් ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්,
ජිවිතේ ප්‍රශ්න එක්ක ඉස්සරහට යද්දි ........අපි අතරෙත් ඉන්නවා තමන්ගෙම විදිහකට දරාගන්න අය.................
හැමදේම හිතේ තියාගෙන තනිවම දරාගන්න අය
හැමදේම හිනාවකින් යටපත් කරගෙන දරාගන්න අය
හිතට දැනුනු අය එක්ක දරාගැනිම් බෙදාගන්න අය
කවියක් , සින්දුවක් අහලා දරාගන්න අය
කවියක් සින්දුවක් ලියලා දරාගන්න අය
තමන්ගේ ආගම මොකක් උනත් ආගමට ගොඩාක් සමීප වෙලා ජිවිතේ දරාගන්න අය
අනිත් අයගේ සතුට වෙනුවෙන් දරාගන්න අය
තමන්ගේ දුක, වේදනාව,තරහා සමාජ මාධ්‍යට එළි කරලා දරාගන්න හුරුවෙන අයත් ඉන්නවා. ඒ ගැන හොද නරක නම් නොකියා ඉන්නම්. මොකද ඒ වගේ දේවල් වලින් තමන්ගේ තත්වය දශමයකින් හරි අඩුවෙන්න පුළුවන් කියලා හිතෙන නිසා.
මේ මොන දේ කලත් අපි හැමෝම ජිවිතේ කිසිම කෙනෙකුට හානියක් නොවෙන විදිහට ජිවිතේ දරාගන්න විදි ටිකක් තමයි ඒ.
ඔයයි,මමයි ජිවිතේ ඒ විදිහට දරාගත්තට, කිහිප දෙනෙක් ජිවිතේ දරාගන්න හදන්නේම හොද විදිහකට නම් නෙවෙයි. ඒ කිහිප දෙනා නිසා ගොඩදෙනෙක් ගේ ජිවිත දරාගන්න බැරි තරමට වුනත් පත්වෙන්න පුළුවන්.
කෙනෙක්ගේ දියුණුවක් බලන් ඉන්න බැරි තරමට දැනෙන ඉරිසියාවකදි, මඩ ගහලා දරාගන්න අය
පුළුවන් හැම වෙලාවෙම අනිත් කෙනාගේ නැති නරකක් මතුකරලා, අපහාස කරලා දරාගන්න අය
සමාජ මාධ්‍යට ඇවිත් අපහාස,උපහාස වලින් ජිවිතේ දරාගන්න උත්සහා කරන අය
අහිමි විම් දරාගන්න බැරිව ජිවිත වලින් පළිගෙන දරාගන්න හදන අය
කේළම් බොරුවලින් මිනිස්සු තරහා කරවලා දරාගන්න හදන අය....
මේ වගේ අයත් ජිවිතේ දරාගන්න උත්සහා කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ දරාගන්න හුරුවෙන්න හොද ක්රමයන් නම් නෙවෙයි.
හොද හරි නරක වලින් මිනිස්සු දරාගන්න උත්සහා කරද්දි , දැකලා තියෙනවද දරාගන්න පොඩ්ඩක්වත් හුරු නොවුනු අය ජිවිතේන් පලායන හැටි, මානසික දරාගැනිම් වලින් හෙම්බත් උනත් ජිවිතේ අත්හරින්න අපිට අයිතියක් නැහැ.
තමන්ව දරාගන්න උත්සහා කරන ගමන් තව කෙනෙකුට හොද විදිහට දරාගන්න උදව් වෙන්න පුළුවන් නම්,
තොණ්ඩුවකට, කෝච්චියකට, පාලමකට , ජිව්තේ දරාගන්න බැරිව බිලිවෙන අය ටිකක් හරි අඩුවේවි.
සියළු දේ දරාගැනීමට, දරාගෙන ජිවත් වන්නට ශක්තිය ලැබේවා!!!!
අමතක කරන්න එපා ගිම්හානයේදි වේළුනු ගසුත් වස්සානයේදි යළි
දළුලන බව
උදාරි ජයතිලක
0 Comments