දහසකුත් බලාපොරොත්තු හීන මැද, පෙරුම් පුරා සුභ මොහොතක දෑගිලි රන් හුයෙන් බැදෙන්නේ. වෙන්වීමක් පතාගෙන නොවේ. සxසාරයක් පුරාවට එක්ව ගමනක් යැමටය.
එක්ව ජිවත් වීම තුල නොගැලපීම් මතුවීම අසාමාන්‍ය නොවේ. එය අසාමාන්‍ය වන්නේ. දින කිහිපයක් යාමට මත්තෙන් වෙනස්ම කෙනෙකු එලියට ආ විටය. මෙතෙක් සගවා සිටි සැබෑ මුහුණු ගැලවුනු විට. දරාගැනීම අපහසුම හැගිමකි.
මිනිසෙකුට මුවා වී සිටි යක්ෂයින්, එළියට ආ විට දෙදරා යාම ඇරඹේ.
දික්කාසාදය, කිසිවිටකත් අනුමත නොකරමි. උල්පන්දම්ද නොදෙමි.
එහෙත් දරාගෙන සිටිම, උපදෙස් දීමට එහා ගිය පිඩාකාරි බවකි.
ජිවිතයට අත්වැල වීමට කෙනෙකු තොරාගැනීම පටු සිමාවකට කොටු වුන තැන ජිවිතය අසාර්ථක වන්නට පුළුවන.
තීන්දු තීරණ මෙන්ම වාසනාව, අවාසනාවද සුන්දර වු විවාහයකට හේතු වනු ඇත.
දහසකුත් බලාපොරොත්තු හීන මැද, පෙරුම් පුරා සුභ මොහොතක දෑගිලි රන් හුයෙන් බැදෙන්නේ. වෙන්වීමක් පතාගෙන නොවේ. සxසාරයක් පුරාවට එක්ව ගමනක් යැමටය.
එක්ව ජිවත් වීම තුල නොගැලපීම් මතුවීම අසාමාන්‍ය නොවේ. එය අසාමාන්‍ය වන්නේ. දින කිහිපයක් යාමට මත්තෙන් වෙනස්ම කෙනෙකු එලියට ආ විටය. මෙතෙක් සගවා සිටි සැබෑ මුහුණු ගැලවුනු විට. දරාගැනීම අපහසුම හැගිමකි.
මිනිසෙකුට මුවා වී සිටි යක්ෂයින්, එළියට ආ විට දෙදරා යාම ඇරඹේ.
දික්කාසාදය, කිසිවිටකත් අනුමත නොකරමි. උල්පන්දම්ද නොදෙමි.
එහෙත් දරාගෙන සිටිම උපදෙස් දීමට එහා ගිය පිඩාකාරි බවකි.
ජිවිතයට අත්වැල වීමට කෙනෙකු තොරාගැනීම පටු සිමාවකට කොටු වුන තැන ජිවිතය අසාර්ථක වන්නට පුළුවන.
තීන්දු තීරණ මෙන්ම වාසනාව, අවාසනාවද සුන්දර වු විවාහයකට හේතු වනු ඇත.
ජිවිතය විදිය යුතුමය. අන් අයගේ ප්‍රතිචාර ගැන සිතා මේ ලද ජිවිතය විදවිය යුතුද?
පලමු ආදරය අවසන් ආදරය වීම නියමයක් නොව.වැදගත්ම දෙය පසුව හෝ ගැලපෙන තැන නතර වීම පමණි.
(කෙනෙකුගේ විවාහයක් කැඩි බිදි ගිය පසු එහි ඇද කුද සොයා තව තවත් ඔවුන්ව පෙලා දැමීමට ඔබට අයිතියක් නැත. තුවාලයක වේදනාව දන්නේ එහි අයිතිකරුවා පමණි. එහෙයින් මොහොතින් මොහොත එය කොනිති නොගසන්න.මෙය මාගේ පුද්ගලික අත්දැකීමක් නොව මෙතුවක් වු ජිවිත කාලය තුල ඇසු, දුටු දේ වලින් එකතු වු ලියවිල්ලක්ම පමණි..)
ගියේ දීගෙක යළි හැරෙන්නද
කුමන කරුමෙද මේ වුනේ
රන් හුයෙන් බැදි මාරු කල මුදු
දෙපැත්තක හිද වැලපුනේ.........
දවස් හතකුත් යන්න පෙරමය
සැබෑ ගති නුබේ මතු වුනේ
පියවි සිහියක හිටියේ නැහැ නුඹ
මත්වෙලා ගෙට ගොඩ වුණේ........
යසට හිටි මගේ කොල්ලා වැනසුවේ
නුඹ නෙවෙයි දැයි හැතිරියේ
කියා පවසන නැන්දම්මා
හිටියේ හරහට ඈ මගේ.....
තවත් කටකට බත් බෙදන්නට
මව්පියන් නැහැ මැලි වුනේ
වරෙන් මා දු අපිට වැඩි නැහැ
එහෙම කියලයි ගෙන්නුවේ..........
අද නැතත් හරි යාවි හෙට නුඹ
එහෙම හිතලයි ඉවසුවේ
ගිහින් කුලගෙට මාස තුනකින්
ආවේ හැරිලා බැරි තැනේ.......
දීග ගිය දුව ගෙදර ආවද
නැදැයෝ ටික දෙයි වදේ
සැබෑ හොද හිත් කොහෙද උන් ළග
ඇනුම් පදමයි තෙපලුවේ...........
විදපු දහ දුක් කෑව ගුටි බැට
රිදුම් දෙන්නේ නැහැ තවත්
නුබට පෙම් කළ වරදටද මම
ඉහිළුවේ මේ හැටි දුකක්........
උදාරි ජයතිලක
0 Comments