*හැදු මව්පියන්ද, වැදු මව්පියන්ද දරුවෙකුට වැඩියෙන් ආදරේ?,
*ගොඩාක් දැනෙන්නේ කාගේ ආදරයද?
*කවදාක හරි දවසක ඒ මගහැරුණු තැන් සොයා යා යුතුද?
*දරුවෙකු වැදු පමණින්ම මාපියන් විය හැකිද?
*තමන්ගේ දරුවෙකු අසරණ කම නිසා අන්සතු කිරිම කොයි තරම් *සධාරණද?
*ලේ කිරි නොවු පමණින්,දැනේනා දරු සෙනෙහස මිල කල නොහැකිද?
තීරණය ඔබ සතුයි.........
උදාරි ජයතිලක
අහන්නත් බැරි, නොඅසාත් බැරි
පැනයකි හිත හැමවෙලේ
අම්මා වාගේද? තාත්තාගේද?
රූපේ ඇත්තේ කැඩපතේ.........
අහම්බෙන් වගේ ඇස ගැටුනේ අද
ෆයිල් කවරෙක ඇති කොළේ
වෙනස් වීලද දැක්කේ අද මx
දෙමාපිය නම් කලබලේ.......
මටත් ඇහුණා දවසකදි අර
මගුල් ගෙදරක ගිය වෙලේ
ඕකි කොහොමත් පිට එකි නෙවැ
හැඩට උන්නට දැන් මෙහේ.........
තෝරගන්නට බැරිව පැටලි
ඇස් දෙකත් කදුලින් තෙමේ
කිසිම දවසක නැහැනේ අඩුවක්
ඒ දෙන්නා මට නම් කලේ..........
කිසිදාක නැහැ නුහුරු සුවදක්
අම්මා තුරුලේ උන් වෙලේ
තාත්තා නම් කොහොමටත් මට
ආදරෙයි නේ පණ වගේ......
ඉතින් නොඅසමි කිසිදාක මම
රහස දැනගත් අද උදේ
එපා හින්දනේ විසිකලේ මx
පුxචි කාලේදි කුණු ගොඩේ....
0 Comments