මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්.........

 





මුලු ලොවම නැතිවුනත්

එකම හදවතක්

ඇත ඔබේ නාමයෙන්.........


වැඩියෙන්ම සතුටෙන් ඉන්නේ,යාලුවෝ,නැදැයො. හිතවතුන් පිරිවරාගෙන ඉන්න අයද? නැතිනම් ඔයාව තේරුම්ගත්ත, ඔයාව ඔයා විදිහටම පිළිගන්න කැමති එක්කෙනෙක් හරි ඉන්න අයද? උත්තරය මොකක් උනත් සතුටෙන්ම ඉන්නේ හිතේ සැනසිම මොකක්ද්ද කියලා හරියටම තෙරුම් ගත්ත අය තමයි.

දුකක් දැනුනම දුක බෙදා ගන්න

සතුටක් ළගදි හවුල් කරගන්න

අඩන්න ඕනි තැන්වලදි බදාගෙන අඩන්න

වැටෙන තැන්වලදි අතදෙන්න

මුළු ලෝකයක් ඔයා වැරදියි කිව්වත් ඔයා හරියි කියන්න

අනිත් අය ඔයාව පහත හෙලද්දි ඔයාව අගය කරන්න

නපුරුකම්,රණ්ඩු වලට ඇතුලතින් තියෙන ඔයාගේ ආදරය දකින්න

ඔයාගේ අවලස්සන ලස්සනක් විදිහට දකින

කෙටියෙන්ම කිව්වොත් ඔයාව වටින අය ගොඩාක් නැතත් එක්කෙනෙක් හිට්යත් ඔයාගේ සතුට රැදේවි.

හිතන් එපා ආදරණිය හිත් නවකථා වලට, සිනමාවට විතරක් සිමාවෙලා කියලා.ඇත්ත ජිවිතයෙත් අපිට මුණගැහෙනවා, මුණගැහෙයි, මුණගැහිලා ඇති. ඒත් මිලමුදල්, බලය, තණ්හාව තරගකාරීත්වය නිසා අපිට එහෙම අය මග හැරෙනවා, මගහැරිලත් ඇති.


විෂ ඇති අය එක්ක,විෂ රැදුනු තැන් මගහැරයන්න.ජිවිතේ විඩාවක් කරගන්න එපා. හිත් සනසනවා වෙනුවට හිත් රිදවන, වට්ටන තැන් නැතුවාට කමක් නැහැ


කවුරුත්ම නැතිනම් හුදකලාවත් හොදයි කවදාක හරි සැනසීම රැදෙන තැනක්,කෙනෙක් මුණගැහෙනකම්. එදාට මගහැරගන්න එපා. එතකන් සතුටෙන් ඉන්න


උදාරි ජයතිලක

Post a Comment

0 Comments