බොරු හිතවත්කම්, ළග රැවටෙන්න එපා !!!
ඇත්තම කෙනා ගැන හරියටම නැතත් ටිකක් හරි දන්න අපිට, සමහර අවස්ථාවලදි, සමහර අය හැසිරෙන විදිහ දැක්කම අනේ!!! කියලා හිතිලා නැද්ද? හාත්පසින්ම වෙනස් කෙළින්ම කියනවානම් ඒ දාගෙන ඉන්නේම වෙස් මූණක්.
සමහර අයට අපිත් එක්ක්ම දොස් කියලා, අපේ හිතත් බිදලා,මුකුත් නොවුන ගානට පණට පණ හරි දෙන්න ඒ අයත් එක්කම කල් ගෙවන මිනිස්සු . මුනිච්චාවට හිතවත් කම් තියාගන්න ගොඩාක් අය ගොඩාක් දක්ෂයි.
හිතවත් බව පෙන්වලා අපි හැමෝගෙම රහස් දැනගන්න දක්ෂ අය, පසුවට '' කාටවත් කියන්න එපා'' ඔයාට විතරයි කියන්නේ කියලා. රට ගමටම ඒ රහස් බෙදන හැටි, අත්විදලා තියෙනවද?
හොදට හොයලා හිතලා බලන්න. අපි හිතවත් කියලා රැවටෙන්නේම ඒ වගේ අයට නෙවෙයිද?
හැමෝටම හොද වෙන අයව ටිකක් පරිස්සමෙන් ආශ්‍රය කරන්න, එයාල තමන්ගේ බොරු හොද තියාගන්න ඕනම පවා දීමක් කරනවා.අපි කාටවත් එච්චර හොද වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නැහැ.
මොකුත් නොවුන ගානට හැමදේම අමතක කරලා ජිවත් වෙන්න අමාරුයි. මොකද බිදෙන හිත් ඒ තරම් ඉක්මනට හැදෙන්නේ නැහැ.
අමතක කරන්න එපා කොයි තරම් යාළුකමක් තිබුණත් ඔයත් එක්ක අනිත් අයගේ වැරදි කියන ගොඩාක් අය, ඔයාගේ වැරදිත් අනිත් අය එක්ක කියන බව. සැලෙන්න එපා ඔයා හිතුව හිතවත්කම ඒ වගේ අය ළග ගැවිලාවත් තිබිලා නැහැ.
0 Comments