ගැලපෙන බව දැනුනු පසු පමණක් ප්‍රේම කරන්න පසුවට ගලපාගැනීමට තරම් අනුවණ නොවන්න.....

 ගැලපෙන බව

දැනුනු පසු පමණක් 

ප්‍රේම කරන්න

පසුවට ගලපාගැනීමට 

තරම් අනුවණ 

නොවන්න.....

මේ දවස්වල අහන දකින දේ ගැන, කථා කිරිම අදහස් ලිවීම පවා නිෂ්පල වෑයමකි. කවුරු මොනවා කිව්වත් සමහර සිදුවීම් වල ඇත්තම හේතු දන්නේ ඒවාට මුහුණ දුන් අය පමණි.කේසේ වුවත් අහින දකින දේ වලින් ජිවිතයට ගත යුතු දේ නම් අපමණකි.


''මටම කැපෙන රූපේ, මාගේ තරමට උස හොදා තියරිය කිසිවිටකත් සැබෑ ප්‍රේමයට වල0ගු වන්නේ නැත. පොරොන්දම් 18 කේසේ වෙතත් සැබැ ආදරය රැදෙනුයේ පිට ඔපය කේසෙ වෙතත් අධ්‍යාත්මික ගැලපීම් තුලමය.


එකිනෙකාට ගරුකිරිම ඇති විට

අදහස් බෙදා ගැනුනු විට

හීනමානය නැතිවු විට

සැකය නැති වු විට

අව0ක බව ඇති තැන

බොරුව නැති තැන

සහයෝගය ඇති තැන


ඇත්ත ආදරයට පණ ලැබේ. එය දුටු මොහෝතෙම ඇතිවෙනවා යැයි කියන ස0සාරගත ප්‍රේමයට වඩා එහා ගිය බැදිමකිදෙදෙනෙකුට එක්ව ජිවත්වීමට අවශ්‍යම විවිධ කරුණු ගැලපුන තැන. ආදරය ජිවිතය ළ0 කරගන්න


''ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවු හැම දේ'' නම්

 මානසික නිදහසකින් ඉතිරි කාලය ගෙවීමට මුල් වන්නේ නැත. සත්‍ය ආදරය යැයි මුලා වීමට පෙර කෙදිනක හෝ එක් වහලක් යට ජිවත්වීමට පුළුවන් දැයි මදක් ඉවසීමෙන් කාලයට ඉඩ දෙන්න.


ඔබේ ඇසට ප්‍රිය වු පමණින් එය සැබෑ ආදරය යැයි සිතා එය මුළු ජිවිතයම කරගන්න එපා.


දින දෙක තුන ආදර කථාව ගෙවි ගිය සැනින් පුදන්න ඇති සියළු දේ පුදන්නට තරම් ඉක්මන් නොවන්න. සමහර දේ වලට රිවර්ස් නැත.

සමාජයට බයෙන් හෝ වෙනයම් හේතුවක් නිසා තමන්ගේ තීරණ ගැනීමට පසුබට වෙන්න එපා.

එක්කෙනෙක් හෝ දහදෙනෙක් හෝ සිමාවන් සහිතව ආශ්‍රය කර නිවරදිම තීරණය ගැනීම ඔබගේ අයිතියකි.නැතිනම් වන්නේ ජිවිතයේ ඉදිරිය ඔබට පමණක් නොව ඔබේ දරුවන්ටද දුක් විදිමටය.විවාහයෙන් පසු නොගැලපීම් ගැලපෙනවා යනු හීනයකි. මිනිසුන් ගෙන එන ජන්ම ගති අත්හැරවීම හරිම වෙහෙසට පත්ව් වීමකි. ජිවිතය එපා වීමකි.


''මුළු ලොව මගෙන් අසාවි ඔබ ගැන කුමක් කියන්දෝ'' 


කියලා නම් බයේ ඉන්න එපා. ඔබේ ජිවිතයට වගවන්නේද වගකියන්නට වන්නේද ඔබටම පමණි. මේ ජිවිතය කොයි තරම් කල් තිබේ දැයි ඔබට මෙන්ම මටද කිමට නොහැක. ඉතින් ඒ කෙටි කාලය තුල අන් අයගේ වැරදි සැදිමට හෝ ඒ වැරදි වලින් හෙම්බත් වීමට තරම් දිගු නැත. හිතට ගැලපෙන ඔබව ගැලපෙන අය ළග විතරක් නවතින්න. ඉතින් ජිවිතය සුන්දර වේවි


උදාරි ජයතිලක

Post a Comment

0 Comments