ඔබ හොදක් කලත් , නරකක් කලත් මිනිසුන්ට ඒ ගැන පැවසීමට දෙයක් ඇත. ඉතින් නොසැලෙන්න

 





අනිත් අය වෙනුවෙන් දෙවල් කරන්න ඒත්, නැවත ප්‍රති උපකාර හෝ ස්තුතියක් වත් බලාපොරොත්තු නොවි.

අනුන්ට නරකක් කරලා බැණුම් අහන මිනිස්සුන්ට වඩා.අනිත් අය වෙනුවෙන් හොද කරලා බැණුම් අහන මිනිස්සු වැඩියි.

ඒ වගේ අත්දැකිම් එකින් එක ජිවිතේට  එකතු වෙද්දි, කා වෙනුවෙන්වත් කිසිම දෙයක් නොකර ඉන්න තත්වෙටම එනවා.ඒක වැරදි නම් නැහැ. එහෙම ඉන්නකොටත් මිනිස්සු කියන්නේ මොනවද දන්නවද?

"ආත්මාර්ථකාමි එහෙමත් නැතිනම් හරිම කුහකයි. "

අනිත් අයව සතුටු කරන්න හරිම අමාරුයි. ඒත් තමන්ගේ සිත සතුටෙන් තියාගන්න ඔයාට පුළුවන් වෙන්නම ඕනි.

හිතට එකගව ජිවත් වෙන්න නිවරදි විදිහට. අනිත් අයගේ මල් වලින්උදම් නොවි,ගල් වලින් සැලෙන්නේ නැතිව.

ඔබ, සම්ප්‍රදායික වු  විට අනිත් අයට ඔබව දූපත් වැසියෙකි.

ඔබ, නූතන සිතිවිලි සහ ගති පැවතුම් වලින් යුක්ත වු විට ඔවුනට ඔබව සන්කර නැතිනම් කමකට නැති එකෙකි.අපගේ ස0ස්කෘතියට නොගැලපෙන එකකි. 

ඇත්තටම ප්‍රශ්නය ඇත්තේ ඔබ තුළ නොව ඔවුන්ගේ ඇස්  ගැටෙනා දෙය දෘශ්ඨික ස්නායුව මගින් මොළයට ගෙන යන්නාවු පණිවිඩය මොළය තේරුම් ගන්නා අකාරයකට අනුවය. තමන්ගේ අත්දැකිම්,සිතුවිලි එයටම එකතු වි ඕනෑම දෙයක් තෙරුම් ගැනීමට, ඔබ පිළිබද විවිධ චිත්‍ර මවාගෙන අන් අය ඉදිරියේ පැවසීමට, ඔවුන්ගේ ඇති හැකියාව මතය. ඒ සදහා ඔවුනට අයිතියක් ඇත. 

මේවා ගැන වද නොවන්න. මේ තත්පරේත් නාස්ති නොකර තමන්ගේ සතුට හොයාගන්න. ඔබ නිවරදි නම්, මේ ලෝකයෙන් යන දා සතුටෙන් යාමට.......... ඔබට හැකිවනු ඇත!!!


උදාරි ජයතිලක

Post a Comment

0 Comments