පමාවු වසන්තය ගැන දුක් නොවන්න,ගිම්හානයේ වේළි ගිය ගස් වැල් පවා යළි වසන්තයේදි පුබුදනවා ඇත,







තම තමන් ඉන්න තැන ගැන සතුටු වෙන්න පුළුවන්.එහෙමත් කෙනෙකුට.මොන දේ ලැබුනත් සැහීමකට පත් නොවි.අනිත් අයත් එක්ක ඔයාව සසදන්න ගියාම ජිවිතේ හරි දුකයි,ඒ වගේම බරයි.

කෙනෙක්, තමන්ගේ ආර්ථික මට්ටම ගැන දුක් වෙන අතරේ, තව කෙනෙක්, ලැබෙන සෙනේහසේ අඩුවක්,ගැන හරි පළුදු වෙලා අතරමන් වුණු පවුල් ජිවිත වල හරි හිරවෙලා ජිවිතය විදවනවා. 

ජිවිතේ හරි රහයි ඒ රස කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.ඔයාට තිත්ත දේ තව කෙනෙක්ට පැනි රහයි.පැනි රස තියෙද්දි ඇයි ඔයා තිත්ත දේ කන්නේ කියලා ඇහුවොත්? කියන්න තියෙන්නේත් අපි කැමති රස වෙනස් කියලම තමයි.හරියට දූරියන් වගේ

ඔයාගේ වටේ සිටින  අය ඔබට වඩා ඉදිරියෙන් සිටින බවක් පෙනෙන්නට ඇති . සමහරු ඔබට පිටුපසින් සිටින බවක් ඔයාට නොදැනේන විදිහක් නැහැ.

නමුත් සෑම කෙනෙකුටම තමන්ගේම රේස් එකක් තියෙනවා, 

සමහරු ඒ තරගෙට පොඩි වයසෙන්ම ආපු අය,

තවත් අය මැදි වයසෙන් ආපු අය

සමහරු තමන්ගේ තියෙන ආත්ම විශ්වාසය මදි කම නිසා අඩිය තියලාවත් නැති අය.

මම ඒ ''තරගය'' සල්ලි මත්තේම නැහෙන්න එකක් නෙවෙයි අදහස් කලේ. සතුට හොයාගෙන යන ගමනක්.

අද මේ මොහොත හොදම දවස, හොදම මොහොත වෙන්න බැරිද?

අලුතෙන් පටන් ගන්න ජිවිතය ආදරෙත් එක්ක්ම.

කෙනෙක්ය ආදරය කරන්න, ඒ ආදරය කියන්න

මගහැරුනු  පවුල් ජිවිත ආදරෙන් තුරුලු කරගන්න

තමගේ වැරදිවලට  ඔයාගෙන්ම සමාව අරගෙන අලුතෙන් හිතන්න.

කෙනෙක් වයස අවුරුදු 30 දී ලබා ගත් දේ ඔබට අවුරුදු 40දි වුවද ලැබිය හැක. පමාවු  වසන්තය ගැන දුක් නොවන්න,ගිම්හානයේ වේළි ගිය ගස් වැල් පවා යළි වසන්තයේදි පුබුදනවා ඇත, 


ඉතින්, ඉවසන්න

ඔබ ප්‍රමාද නැත.

ඔබ වේලාසනින්ද නැත

 මේ හොදම මොහොතයි


උදාරි ජයතිලක


Post a Comment

0 Comments