දිනයක් වෙන් කලාට හැම දවසක්ම වැදගත්

 






දිනයක් වෙන් කලාට

හැම දවසක්ම වැදගත් 


දරුවන් සතුටින් තියන්න, එයාල ආස කෑමක් අරගෙන දෙන්න. එයාලව අගය කරන්න,තුරුලු කරගෙන සිපගන්න.ආදරෙන් කතා කරන්න. හිතේ තියන ආදරේ පෙන්වන්න දවසක් වෙන් වෙන්නම ඕනද? ඒ ඇතිද?


ගුරුවරයෙක් අගය කරන්න, ගරු කරන්න.ඒ සේවය අගයන්න එක දවසක් ඇතිද?


ආදරේ දෙන්න,ආදරේ ලබන්න ඒ ආදරේට තිළිණයක් තිළිණ කරන්න ,

අත් දෙක අල්ලගෙන ගමනක් යන්න.කවියක් සින්දුවක් ලියන්න, කියන්න.

හිතේ තියෙන ආදරේ වචන වලට පෙරලන්න එක දවසක් ඇතිද?


අම්මා,තාත්තට ආදරේ දෙන්න,අගය කරන්න,ඉපදුන දවසේ ඉදන් වෙච්ච ණ්ය ගෙවලා ඉවර කරන්න එක දවසක් ඇතිද?


ගස් වැල් සුරකින්න.මිහිකත සුරකින්න එක දවසක් ඇතිද?


නොකියපු වගෙම මගහැරැණු වෙන් කෙරුණු දවස් කොයිතරම් ද මේ 365 තිස්සේ.

වෙන් කෙරුණු දවසට විතරක් වැදගත් වෙලා. අනිත් හැම දවසකම ඒ දේවල් මග හැරෙනවනම්. නොසලකා හරිනවනම් .කොයිතරම් බොරුවක්ද ඒකම.


අපේ දෙවල් ගෙවෙන හැම මොහොතකම අපිට වැදගත්..  මේ ජිවිතේ  ඊලග  තත්පරය ගැන ඔයාටවත් මටවත් කියන්න බැහැ.පසුතැවිම් ඉතුරු කරගන්න එපා.දවසකට වැදගත් වෙලා අමතක වෙන සමහර අය. ඊලග අවුරුද්දේ ඒ දවස එද්දි ඔයා ලග නොහිටින්නත් පුළුවන්. ඒක තමයි ජිවිතේ.

හැමදේම විකිණෙන ලෝකයක් ඇතුලේ ඔයත් හිරවෙන්න එපා.රතු රෝස මලකට, චොකලට් පෙත්තකට එහා ගිය දෙයක් තමයි අපේ බැදිම්.

ඔයා සතුටින් ඉන්න ගමන්ම අනිත් අයටත් ඒ සතුට බෙදලා දෙන්න.


හිතේ පිරිලා තියෙන ආදරේ, සෙනෙහස,ගරුත්වය පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ ළගින්ම ඉන්න අයට ලෝභ නැතුව දෙන්න. දවසක් වෙන් කරන්න එපා


අපි වෙනුවෙන් කරපු දෙවල්,කරන දෙවල් අගය කරන්න දවසක් එනකන් ඉන්න එපා. පුලුවන් හැමවෙලාවෙම අගය කරන්න


දවසක් වෙන් කරලා සල්ලි නාස්ති නොකලට. මිල කරන්න බැරි  අවධානය, කාලය පුළුවන් හැම වෙලාවෙම තමන්ගේම අය වෙනුවෙන් ලබලා දෙන්න. 

දවස් තුන්සිය හැටපහෙන් තුන්සිය හැට හතරක්ම, පාරට කුණු බෑග් පිටින් විසිකරලා , අනිත් මිනිස්සුන්ගේ ගෙවල් ඉස්සරහා කුණු මල්ලක්ම දලා යන අය රැල්ලට එක දවසක් ටොෆි කොලයක් ඇවිලුවාහම ඇතිද?

ටොෆි කොලයක් වත් පරිසරයට නිකරුනේ අපිලිවෙලට එකතු නොකර, එක දවසකට පරිසර හිතකාමි නොවි. ගස් වැල් වලට ආදරේ කරන්න,ආරක්ෂා කරන්න


එක දවසකට විතරක් අනිත් අයට පෙන්න වගේ තරගෙට ෆොටොස් දාලා තෑගි දීලා ඔයා මේ රවට්ටන්නේ සමහර විට ඔයාවම වෙන්නත් පුළුවන්.

හැම දවසක්ම අපේම දවසක්, ඒක විශේෂ දවසක් කරගන්න හැම මොහොතේම උත්සහ ගන්න. එදාට හැමදේම වෙනස් වෙලා ඔයාගේ ලෝකයම ලස්සන වෙයි.

ඔයාට රැකගන්න තියෙන දෙවල් හැම වෙලාවෙම රැකගන්න. හෙට නැතත් ඒ දෙවල් වල ප්‍රතිපල  ඔයාටම ලැබෙයි  දවසක.

පසුතැවිම් ඉතුරු කරගන්න එපා. මේ මොහොත ආයෙත් එන්නේ නැහැ.


උදාරි ජයතිලක




Post a Comment

0 Comments