කවරය, දිහා විතරක් බලලා, පොත් තෝරාගන්න එපා..........

 කවරය,

 දිහා විතරක් බලලා,

පොත් 

තෝරාගන්න එපා..........


කවරය දිහා විතරක් බලලා,ඔයා තෝරගත්ත පොත් කීයක පිටින් පෙනුන වටිනා පෙනුම නැතිනම් ලස්සන ඇතුල් පිටුවලත් තිබුනද?


පිට පෙනුමට රැවටිලා

ඔයාට තිබුණ කලබලයට

අනිත් අය හොදයි කියපු නිසා

අනිත් අයත් ගත්ත නිසා

ට්‍රෙන්ඩ් එක, ඒක නිසා

ඉල්ලුම වැඩි නිසා


ඔය වගේ මෙකි නොකි ගොඩාක් හේතු මුල් කරගෙන පිටින් බලලා ගත්ත සමහර පොත් කියවගෙන යද්දි ඒක ඔයාගේ ටේස්ට් එක නැතිනම් රසය නොවිච්ච වෙලාවක ඒ පොත පැත්තකට කලා වගේ ,ඔයා ගත්ත සමහර තීරණ නිසා ජිවිතේ අත්හරින්නවත්,මග හරින්නවත් බැහැ නේද?

ලස්සන මිල අධික කවරේ නිසාම පොතේ ඇතුල් පිටුවල තියෙන දේවලුත් ඒ වගෙම ඇති කියලා ඉක්මන් වුණා වගේ,....

මිනිස්සුන්ගේ බාහිර පෙනුමට රැවටිලා, ජිවිතේ වරද්දගත්ත අය,ජිවිතේ මගහැරුනු අය, විදවන අය අපි අතරේත් කොයිතරම් නම් ඉන්නවා නේද?

සමහර පොත් තියෙනවා පිට පෙනුම හරිම සරළයි.ලාභ පෙනුමයි මග හැරිලා යන්නමයි හිතෙන්නේ, ඒත් මොහොතකට නැවතිලා, පිටු පෙරළගෙන යද්දි පෙරවදන වගේම , ඇතුල් පිටුත්, පසුවදන වෙනකන්ම හිතට ගොඩාක් ගැලපෙනවා. පිට ලස්සනට විතරක් රැවටිලා පෙර වදන වගෙම ඇතුල් පිටුත් ගැලපීමක් නැති පොත් වගේ නම් නෙවෙයි.

ඔයත් කෙනෙකුගේ හැකියාවන්, චරිතය සහ දක්ෂතා තීරණය කිරීමට ඉක්මන් වෙන්න එපා


කෙනෙක්ගේ පිට පෙනුම බලලා,ඒ කෙනාට චරිත සහතික දෙන්න ඉක්මන් වෙන්න නම් එපා


පිටින් දැකපු  පලියට, රැල්ලට වගේ විවේචනය කරන්න වගෙම,ගුණ ගයන්න ඉක්මන් වෙන්නත් එපා.එච්චර ඉක්මනට හිත් තේරුම් ගන්න පහසු නැහැ.


පොතක් තෝරද්දි වැරදි තීරන ගත්තට, ජිවිතේට තෝරා ගැනීම් කරද්දි හිතට වගේම බුද්ධියටත් ඉඩදෙන්න...........


උදාරි ජයතිලක

Post a Comment

0 Comments