කතා හදන උන් සේරම බෝසත්ද?


ජිවත්වීම ලේසි නැත.කොටින්ම ඉහ ගහගෙන සිටිම ඊටත් වඩා අමාරුය. අනිත් අය සතුටු කරමින් ජිවත් වීම කරන්නම හිතාගන්නවත් බැරි තරමටම අමාරුය.

නූපන් දරුවන්ට පවා උප්පැන්න ලියන අයගෙන් අඩුවක්ම නැත. එහෙම උන්ට අමතක එක දෙයක් ඇත ඒ... ඔවුන් ඉන්නේද වීදුරු ගෙවල් වල බවය.


ලස්සනට ඇන්දත් වැරදිය.මගුලක යෑමට හැර ලස්සනට ඇද පැළද පාරට බැසිම අවලම් ගමනකි.අම්මෙකු නම් කොණ්ඩ ගෙඩියක් බැද සායක් හැට්ටයක් නොඇදිම නොහබිනා කමකි. විළුබ තෙක් දිගට ඇද අඩි හතරක් පහක් පැලුවාට සාය වීනීත ඇදුමකි.දිගට කලිසමක් ඇදීම අම්මෙකුට හරි අවුලකි.මෙහෙම හිතන හිත්වල දිග පළල ගැන කියන්නටත් බැරිය.

 


තාතෙක් නැතුව අම්මේකුට තනිව තමන්ගේ දරුවා ජිවත් කරවීමට වඩා අමාරු වන්නේ වටේ පිටේ වුන්ට එය  මැජික් වු විටය. කුලි වැඩක් කර සල්ලි සෙව්වද. සමහරුන් හිතන්නේ ලෝකයේ පරණම රැකියාව කරන බවකි. ඉතින් ඒ ගැහණියට මග තොට තනිව බැස යා නොහැක. 

පිරින්මින්ටත් වඩා ගැහැනියකට කතාවක් හදන්නේ ගැහැනියක්මය.අන්න එය හරිම අවුලකි.

ගැහැණියෙකුට පිරිමියෙකුට උදව්වක් කිරිමට බැරිය...පිරිමියෙකුට ගැහැණි‍යකුට උදව් වක් කිරිමට බැරිය. එසේ වන්නේ නම් එය අසම්මතයකි.මේවා මෙහෙම හිතන්නට කොහෙන් කොහොම පුරුදු වුවා දැයි හිතිමත් කාලය කා දැමීමකි.

කෙල්ලෙකුට කොල්ලේකුට පමණක් නොව කොල්ලො දෙදෙනෙකු වැඩිපුර ඇයි හොදයි කම් පවත්වන්නේ නම් ඔවුන් ගේය...විවාහය ටිකක් හෝ කල් යන්නේ නම්  ඔහු කොලුකාරයෙකි.මෙහෙම හිතන්නට කතා හදන්නට මේ දූපතේ මිනිසුන් කොහොම පුරුදු වුවා දැයි අරුමයකි.ඕනෑම 18 පහු කරපු කෙල්ලෙකුට කොල්ලේකුට තමන් කැමති ඇදුමක් තමන් කැමති කෙනෙක් ආශ්‍රය කිරිමට තහනමක් නැත. 

 විභාගයක් අසමත් වු කල නම් කතා නම් එමටය. ''අසමත් ප්‍රතිපලයට වඩා දරා ගැනීමට අපහසු වටේ පිටේ වුන්ගේ කතාමය. කතා ගොතන්නේ විභාගය ලියන වෙලාව එනකන්ම පස්සේන් සිටි අය වගේය.

එකට සිටීමට බැරි තැන දීගය අතහැර යාමට ඇති බාධකය නීතියෙන් වු කසාද සහතිකය නොව. අනිත් උන්ගේ කතාවලට ඇති බයයි.කාමරේ බිත්ති හතරේ ඇතුලේ සිදුවු දේ දන්නේ උන් දෙන්නාට වඩා ජනේලෙන් එබී බලා සිටියා වගේ සිටි චිත්තය.

තම උත්සාහයෙන් පොඩි තැනක සිට ඉහලට ඒමට බැරිය.ඒසේ ඒමට නම් කුඩු විකුණා හෝ පතාලයට සම්බන්ධ වි විය යුතුය.මෙහෙම හිතනා වුන් සිටිනා තාක් උන්ට මෙන්ම අපිටද වගතුවක් නම් නැත.

කාගේ ඇදුම් වල තුත්තිරි තිබුනත් වගේ වගක් නැතුව ඉන්න. දවසක ඒවා ගලවාගන්නට වන්නේ උන්ට මිස ඔයාට මට නෙවෙයි.

හිත් කැත වෙන තරමට ඒ කැත හිත්වලින්ම තමයි ලෝකය දිහා බලන්නේ ඉතින් ඒකට ඔයාටවත් මටත් කරන්න දෙයක් නැහැ.. තමන්ට හොද නම් අනිත් අයට අදාලම නැත. යනදාක හිත්වල එකතු කරගත් සියලු දේ ගෙනියන්නට වන්නේද තනි තනිවමය.

මත් වුන බඹරු ඉටි මල් වලත් වහනවලු . ඒක මලේ වරදක් නම් නෙවෙයි. කලා ඇදලා තමන් කැමති විදිහට ලස්සනට ඉන්න.ඒක විහිළුවක් වගේ නෙවෙයි නම් අනිත් අයගේ කතා ගැන අදාල කරගන්නම එපා.


උදාරි ජයතිලක

Post a Comment

0 Comments