තව ටිකක් කල් ඉන්න හිතුනට

 



තව ටිකක් කල් ඉන්න හිතුනට

බැහැනේ ඉන්නට මගේ දුවේ

අඩගහයි මට එන්න කියලා

දෙව්ලොවේ හිද පණිවිඩේ.......


යන්න ලෝභයි නුඹ ළගින් මට

තනි දැනේයි හෙට නුඹේ ලොවේ

මක්කරන්නද මගේ දුවේ මම

අසරණයි හොදටම අනේ........


ගිලන් යහනක දැනේන දුක මම

හන්ග ගත්තේ නුඹ නිසා

ලොකුවෙයන් මගේ පුxචි පැන්චියේ

තාත්තා ලග උණුසුමේ......


හොද නරක දෙක කියලා දුන්නේ

අම්මා තුරුලට ළx කරන්

කදුළු අතරින්  හිනැහියන් නුඹ

නික්මුනත් මම හෙට නුඹේන්............




එකම තත්පරයක්වත් නුඹ ළගින් මොහොතකටවත් ඈත් නොවුන මට ,ටික දවසකින් ඔයා ළගින් ඈතටම යළි නොයෙන්නම යන්න වෙන බව මම දැනගත්තේ දැන් සතියකට විතර කලින්.සොභාදහමට මට අවනත වෙන්නම් වෙනවා.

දන්නවද? මගේ දුවේ මම ඔයා වෙනුවෙන් ගොඩාක් දේවල් කලා. 

අපේ ජිවිත තණ අග රැදි පිණි බිxදුවක් වගේ කියලා. මම දැනගෙන හිටියා. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම පොදු දෙයක් ඉතින් හරියටම ඔයාට අවුරුද්ද පිරිච්ච දවස වෙද්දි,  මම නැතිවුන දවසක ඔයා වෙනුවෙන් දෙයක් ආයෝජනය කරන්න හොදම විදිහක් ගැන හිතද්දි මගේ හිතට ආවේ, ජිවිත රක්ෂණයක් පටන් ගන්න ඒ මම වෙනුවෙන් නම් නෙවෙයි ඔයාලා වෙනුවෙන්මයි.මොකද ඒ වෙද්දි මට අවුරුදු 25ක් ලැබුවා විතරයි.මේච්චර තරුණ කාලයේදි කවුරුත් හිතන්නේ නැහැ තමන්ගේ ජිවිතේ නැතිවෙන්න පුළුවන් කියලා. 

කොහොම වුනත් මම මගේ ජිවිතේ තරුණ කාලේ ගත්ත හොදම තීරණයත් ඒකමයි.පුළුවන් විදිහට මගේ මාසික ආදයමෙන් ගානක් ජිවිත රක්ෂණය වෙනුවෙන් වෙන් කරපු එක. ඒ දේ මම කලේ හරිම ආසාවකින් තෘප්තියකින්.

ඇත්තමයි මට දැන් මරණයට භය නැහැ. මොකද මම දන්නවා මම මියගිය දිනක ඔයාගේ හීනවලට ඔයාට පණ දෙන්න පුළුවන් ඒ මුදල් වලින්. දුක හන්ගගෙන වුනත් ඒ ඇති මට සැනසීමෙන් මේ ලෝකෙන් සමුගන්න. මොකද මම දරුවෝ වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරපු දුර දිග බලපු ආඩම්බර අම්මා කෙනෙක්.


පසුවදන

ගොඩාක් අය කියපු කථාවක් තිබ්බා. මැරැණට පස්සේ මොකටද අනේ සල්ලි? ඒක හරිම ආත්මාර්‍ථකාමි සිතුවිල්ලක්. අම්මෙක් තාත්තෙක් කියන්නේ හැමවෙලාවෙම තම දරුවන් ගැන පරාථකාමී සිතුවිලි දරණ අය. මොන දෙමව්පියෝද තමන් ගැන විතරක් හිතලා දෙවල් , තින්දු තීරණ ගත්තේ. හැම තිස්සෙම හිතුවේ. අපි නැතිවුණ දවසක දරුවන්ට උදාවෙන කල දසාව ගැන නේද?ඉතින් අපි වෙනුවෙන් ජිවිත රක්ෂණයක් ආරම්භ කරන්නේ.අපි එක්කම වලදාන්න නෙවෙයි. තමන්ගේ ආදරණියන් වෙනුවෙන්මයි.


කවුරු මොන කතා කිව්වත් ජිවිත රක්ෂණයක් කියන්නේ හිතට හරි සැනසීමක් ශක්තියක් ගෙන දෙයක්. තමන්ගේ ආදරණියන් මේ ලෝකෙන් සමුගත්ත වේලාවට දැනේන තනිකම,පාඩුව දුක සල්ලි වලින් පිරිමහන්න බැහැ තමයි ඒ ගැන විවාදයක් නැහැ. ඒත් මානුෂිය හැගිම් වලින් එහාට ගිය ජිවිත යථාර්තය ඊටත් වඩා එහා ගිය දෙයක්. අපි නැතිවුනත් අපේ පවුලේ ආදරණියන්ට ජිවිතේ එතැනින් එහාට ගෙනියන්න වෙනවා. ඇත්ත තමයි ඒක. ජිවිත රක්ෂණයකින් ලැබෙන වන්දියක වටිනාකම මිල කරන්න අමාරුත් ඒ නිසාමයි.

ජිවිත රක්ෂණයක් ආරම්භ කිරිමට වයසට යන්කන්ම ඉන්න එපා. ඔබ තරුණ වයසේ නම් ඒ තමයි හොදම කාලේ.මොකද ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩාක් වැඩියි එතකොට.


බදු වලින් නිදහස් වන නිසා සාමාන්‍ය ඉතුරුකිරිමකට වඩා ජිවිත රක්ෂණය ඉදිරියෙන් සිටී.


ජිවිත රක්ෂණයක් යනු, රක්ෂිතයාගේ මරණය හෝ ශාරිරික අකර්මන්‍ය වීමකදි,රක්ෂකයාට හෝ යැපෙන්නන්ට මූල්‍ය ප්‍රතිලාභ ලබා දීමයි.ගොඩාක් දෙනා කියන විදිහට මියගියාට පසුව විතරද එහි ප්‍රතිලාභ ලැබෙන්නේ? නැහැ එය නිවැරදි නැහැ රක්ෂනය වාරික ගෙවීම සිදුවන්නේ යම්කාලසීමාවකට පමණයි එතැනින් පසු රක්ෂණ හිමියාට ජිවත්ව සිටියදි පවා ප්‍රතිලාභ විදිය හැක. ජිවිතයේ සැදෑ සමය සැනසීමෙන් ගෙවීමට එය මහගු රුකුලක් වනු ඇත.


උදාරි ජයතිලක



(හැම අම්මේක්ටම මේ ලෝකෙන් ඉක්මනට යන්න බැරි හේතුව දන්නවද?

ඒ තමයි තමන්ගේ දරුවෝ ගිලන් වි සිටින සෑම මවක්ම සුවපත් වේවා).

Post a Comment

0 Comments