අනාදරය ළග නවතින්න එපා............
ජිවත් වෙන්න හුස්ම ඕන.ඒ තරමටම නැතිවුනත් ආදරෙත් ජිවිතේකට ඕන. මොකද ආදරේ ළග ගොඩාක් අය මැරි මැරි උපදිනවා.ආදරේ කිව්වාහම ගොඩාක් අයට වගේ ඔයාටත් මතක් උනේ ආදරවන්තයින් ළග තියෙන ආදරේ විතරද?ආදරේ කියන්නේම ඊට වඩා එහාට ගිය දෙයක් දෙයක් දෙමාපිය ආදරේ,පවුලක සැමියා බිරිද ළග තියෙන ආදරේ. තමන්ගේ යාලුවන්ට තියෙන ආදරේ, කොටින්ම ගෙදර ඇතිකරන සුරතල් සතාට පවා ආදරේ බෙදන්න පුළුවන්. ඒ වගේම ආදරේ කියන්නේ ගණුදෙනුවකට ,එහෙම කිව්වේ මුදල් ගැන නෙවෙයි. අපි දෙන ආදරේ පෙරළා අපිත් බලාපොරොත්තු වෙනවාමයි . හිතට එකගව ඒක එහෙම නෙවෙයි කියලා කියලා කියන්න පුළුවන්ද ඔයාට?
හැමදේටම වඩා ආදරේදි හිත් බිදෙන්නේ වැඩිපුරම ආදරවන්නයින් ගේ ආදරේ ළගදි. මොකද අද වෙනකොට ඒ ආදරේ තේරුම,වටිනාකම අගය ගොඩාක් හිත් හරියටම අදුනගෙන නැහැ. නැතිනම් ආදරේ කියලා රැවටිලා තියෙන්නේ අසහනය පිරිච්ච හිතක් ළග. ආත්මාර්ථකකමී කම ඕනෑවටත් වඩා තියෙන රැලි වලට පාවෙන හිත් ඇතුලේ ආදරේ හරි හිගයි.පරිස්සම් වෙන්න. බිදුණු හිත් හදාගන්න හරි අමාරුයි. ඒ වගෙම මේ සමාජය ඒකට ඉඩ දෙන්නේත් හරි අඩුවෙන්. මොකද විරහව අසරණකම මේ දවස්වල විකිණෙනවා.
අපි දෙන ආදරේ පෙරළා නොලැබුන තැන හිත් බිදෙන එක සමාන්‍යයි නේද? ඒත් ඒ බිදෙන හිත් එක්ක හැමදාම ජිවත්වෙන්න හරිම අපහසුයි.අන්න ඒ නිසයි හිත් හදාගෙන ආදරයක් නොලැබෙන තැනකින් ඈත් වෙන්න ඕන. කොයිතරම් අමාරු වුනත් කරන්නම වෙනවා. ඔයාට අමාරුවෙයි හිත් හදාගන්න. ඒත් අනාදරයක් ළග ඇයි අපි නවතින්න ඕන, ඇයි අපි ඉකිබිදන්න කදුළු සලන්න ඕන? කා වෙනුවෙන්ද ? ඔයා වෙනුවෙන්ද එයා වෙනුවෙන්ද? ඒ කදුළු
අපේ වටපිටාව වගේම සමාජ මාධ්‍ය තුලත් අඩුවක් නැතිවම දකින්න තියෙන්නේ අහිමි වෙලා ගිය එහෙමත් නැතිනම් අහිමි වෙන්න ආසන්නයේම තියෙන ආදර ගැටළු,විරහව, රැවටිලි, එක්ක දුක් විදින ජිවිත වල කථා.මානසික රෝග වලින් පිඩාවෙන තරටමටම ආදරය කියලා අනාදරය ලග නැවතුනු ජිවිත පිරිලා ගිහින්. අමතක කරන්න බැරි මතක අස්සේ තාමත් ජිවිතේ විදවනවා. සිමා මායින් දැනගෙන ආදරේ කලා නම් ඇයි මේ තමන්ව දාලා ගිය ආත්මාර්ථකාමි චරිත ජිවිතේන් අතුගාලාම දාන්න බැරි. මොහොතක් වත් තමන්ගේ හිත් ඇතුලේ තියාගන්න තරම්වත් ඒ ජිවිත වටිනවද? තමන්ට අහිමි වෙච්ච දෙයක් තව කෙනෙක්ට අයිති වෙන එක බලා ඉන්න පුළුවන් තරමට හිත් හයිය කරගන්න. හැමෝගෙම හිත් වල ඒ ශක්තිය තියෙනවා. මොහොතක් නැවතිලා ඒ ගැන හිතන්න.ඔයා ආදරේ නෙවෙයි ඔයාට ආදරේ කෙනෙක් වෙනුවෙන් වැලපෙන හිත් වෙන් කරන්න.
විවාහයක් වෙලා මේ වෙනකොටත් පුන්චි පැටව් ඔයාට ඉන්නවනම් අනාදරය ලග වුනත් ඉවසලා බලන්න එක පාරක් නෙවෙයි සිය වතාවක්. මොකද පුxචි හිත්වලට ආදරේ ගොඩාක් ඕන. අම්මාගෙයි තාත්තගෙයි දෙන්නගෙම. අනාදරය ලග වුතත් එහෙම නැවතුන ජිවිත වලට සමාවක් තියෙනවා. ඒත් ඔයා නවතින්න හදන්නේ ආපසු හදන්න පුළුවන් කමක් තියෙන අනාදරයක් ළග නම් සමාවක් නැහැ. වැරැද්ද ඔයාගේ දුර්වල හිත.
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්
සතුටින් ඉන්න බලන්න,වැලපෙන් නැතුව, ඇයි දන්නවද කාලයක් ගිහින් අද ඔයා අඩපු දේවල් මතක් වෙලා ඔයාම, ඔයාටම හිනාවෙයි දවසක
උරුම නැති අය උරුම නොවෙනවා වගේම. ගැලපෙන හිමි දේවල් විතරක් දවසක ලැබෙයි ඔයාට එතකන් කදුළු පිහිදන් හිනාවෙලා සතුටින් ඉන්න
උදාරි ජයතිලක
0 Comments