ජීවත් වීමේ ලොකුම අභියෝගය ඇත්තේ කිසිදා නොවැටී සිටීම තුළ නොව අප වැටෙන සෑම අවස්ථාවකදීම නැවත නැඟී සිටීම තුළයි









ජීවත් වීමේ ලොකුම අභියෝගය ඇත්තේ කිසිදා නොවැටී සිටීම තුළ නොව අප වැටෙන සෑම අවස්ථාවකදීම නැවත නැඟී සිටීම තුළයි.........



ඉපදුන දවසේ ඉදන් මැරෙන දවස වෙනකන්ම මිනිස්සු විවිධ අවස්ථාවල වැටෙනවා.ශාරිරිකව වගේම මනසිනුත්. ඒ වැටෙන හැම වෙලාවෙම වැටිච්ච තැන්වලම අපි නැවතුනානම් මේ ජිවිතේ කොහොම වෙයිද?ඔයා කැමති උනත් නැතිවුනත් වැටෙන හැම වාරේකම අපිට නැගිටින්නම වෙනවා. ජිවිතේ ඇත්තම අභියෝගය වෙන්නේ නොවැටි ඉන්න එක නෙවෙයි වැටි වැටි නැවත නැවතත් ශක්තිමත්ව නැගිටින එක නෙවෙයිද?

ඔයා දැක්කේ හිතුවේ නැති වුනාට අපි වැටෙනකන් බලන් ඉන්න අය අපි ළගම වුනත් ඉන්නවා. එයාලා නැවත අපේ නැගිටිම තුල හිත ඇතුලෙන් පරාජය වෙනවා මොකද බහුතරයක් කැමතිම අපි වැටෙන වාරයක් ගානෙම හිතින් වගෙම ගතිනුත් අපි ඔත්පල වෙනවට. ඉතින් ඒකට ඇයි අපි ඉඩදෙන්නේ?

වචන වලින් පවා ඔබව වට්ටන කී දෙනෙක් නම් ඉන්නවද? ඔයා කොහොම ජිවත් වුනත් එයාලට පෙන්නෙම වැරැද්දක් නම් ඇයි අපි ඒවට සැලෙන්නේ. මිනිස්සු පුදුම සතුටක් ලබනවා අපි වැටෙන හැටි දැකලා . ඒත් ආයෙත් අපි නැගිටින දිහා බලන් ඉදලා හදවතින්ම සුභ පතන්නේ කීයෙන් කී දෙනාද නේද? දුක් වෙන්න එපා ඒ තමයි මේ ලෝකෙ හැටි.ඔයා ඇතුලුව ඔයාගේ දියුණුව දැකලා සතුටු වෙන කීප දෙනා වෙනුවෙන් හරි ආයෙත් නැගිටලා ශක්තිමත්ව ජිවිතේට මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙන්නම වෙනවා.

නොවැටි ඉන්න ජිවිත වලට වඩා වැටි වැටි නැගිටින ජිවිත වල අමුතුම රිද්මයක් තියෙනවා වගෙම නැවුම් ගතියක් තියෙනවා හරියට ජිවිතේ අළුතෙන්ම පටන් ගත්තා වගේ හැගිමක්. ඔයා වැටිච්ච වෙලාවේ අත නොදි හිනාවුණ අයට පෙන්නම ආයෙත් නැගිටලා සතුටෙන් ඉන්න අර වැටිච්ච වෙලාවේ හිනාවුන අයට පෙන්නම එයාලගේ ඇස් වලට කටු අනිනවා වගේ තියෙයි එතකොට

අපේ ජිවිත නතර කරන්න පුලුවන් මරණයට පමණයි කියන එක හිතේ තියාගන්න. වෙන කාටවත් ඔයාගේ ගමන නවත්වන්න ඉඩ තියන්න එපා. අතරමගදි වලවල් වල, බෑවුම් වල වැටෙයි ඒත් නැගිටින්න. ඔයාගේ ගමන යන්නම වෙනවා, අරමුණ ජයගන්නම වෙනවා. මතක තියාගන්න හැබැයි එකම වලේ නම් ආයේ ආයේ වැටෙන්න එපා. එතකොට ඒ ඔයාගේ වැරැද්ද.

ජිවිත ගමන යද්දි ඔයා අපි හැමෝම වගේ බොරු වළවල් වල එක පාරක් හරි වැටිලා ඇති. ඒ අපේ ගමනට බධා කරන,අපේ ගමන බලන් ඉන්නම බැරින් මිනිස්සු අටවපු ඒවා. කල්පනාවෙන් හරිම පරිස්සමට ආයෙත් නැගිටින්න. 

වැටෙන වැටෙන වාරයක් ගානේ නැගිටින්න මහන්සියක් දැනුනොත් මතක කරගන්න පොඩිම දවස්වල අල්ලන් ඇවිදිද්දි, අපි සතුටෙන් නැගිටලා ආයෙත් උත්සහා කරපු හැටි. මතකයට එන්නේ නැති වෙන්න පුළුවන් ඒත් අපි වැටි වැටි නැගිටලා තමයි අද මේතැන ඉන්නේ.

වැටෙන හැම වෙලාවෙම ජිවිතේ අපිට තවත් එක් අවස්ථාවක් දෙනවා. අන්න ඒ අවස්තාව මහන්සි වෙලා නිවැරදිව හොයාගන්න. මොකද ඒ අපිව වැට්ටුවේ ජිවිතේ තවත් එක් පරික්ෂාවකට වෙන්න පුළුවන්. ජයගන්න ඒ අභියෝගය. හිනාව දුර ඈත නෙවෙයි. ඔබට ජය

උදාරි ජයතිලක

Post a Comment

0 Comments