පැන පැන තලන අයට, තැලෙන යකඩයක් වෙන්න එපා........

 

තැලෙන යකඩේ දුටුවාම ආචාරියා උඩ පැන පැන තලනව ලු 

ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙන්නම තැලෙන යකඩ පැන පැන තලන්නමයි.පිඩාව,දුක, වේදනාව විදින අයව තව තවත් අඩියටම වට්ටලා අපේ සමහර මිනිස්සු උපරිම තෘප්තියක් ලබනවා.මේ දේවල් මිනිස් ආත්ම ලබපු අය කොහොම පුරුදු වුනාද කියලා ඇත්තටම පුදුමයි.ඇත්තටම ගත්තොත් තමන්ගේ අඩුපාඩු වසා ගන්නත් ගොඩාක් අය අන් අයව පිඩාවට දුකට පත් කරනවා.එහෙම අයව හදන්න යනවට වඩා ලේසියි. ඔයා අනිත් අයගෙන් නොතැලි ඉන්න. නැතිනම් හැමදාමත් නිකරුනේ තැලෙන්න වෙනවා.

* සමහර පවුල්වල සැමියා බිරිදව පුලුවන් තරම් පීඩාවට පත් කරනවා. තමන්ගේ පිඩාව පිටකරන්නම යොදාගන්නේ අනිත් කෙනාව නම් ඒ වගේ තැන්වලින් පුලුවන් තරමින් ඈත් වෙන එක නුවනට හුරුයි මොකද ඒ දේවල් වලට සීමවාක් නැහැ. ඇයි අපි වෙන කෙනෙකුගේන් තැලෙන යකඩයක් වෙන්නේ.

ඔයා අළුතෙන් විවාහ වුණ කෙනෙක් නම් ගොඩාක් පවුල්වල අලුත් සමාජිකයන්ටත් තැලෙන යකඩ බවට පත් කරනවා. තමන්ට කියලා වෙනම ගෙදරක් නැතිව පවුල් ජිවිතයක් ගත කරන්න පටන් ගත්තාහම හැමෝම නෙවෙයි ඒත් බහුතරයක් එහෙමයි.ඔයාහේ හිත හයිය නම් ඔයා දන්නවානම් ඔයා නිවරදි කියලා ලේසියෙන් තැලෙන්න යන්න එපා පුරුද්දට යයි ඒ දේ. 

සමහර සේවා ස්ථානවලත් ඉන්නවා ඒ වගේ මානසික ලෙඩ්ඩු.තමන්ගේ ගෙදර දොරේ ප්‍රශ්න, පවා පිටකරන්නේ තමන්ට වඩා පහල මට්ටමේ ඉන්න සේවකයන්ගේන්. කොටින්ම තමන්ගේ ගෙදර බිරිදටත් බය පීඩනයෙන් ඉන්න පිරිමි තමන්ගේ පිරිම් කම පෙන්නන්න හදන්නේ අහින්සක තමන්ට වඩා පහලින් ඉන්න සේවකයන්ට.ඔවුන්ගේ ඇති දුර්වලතාවයන්ට ඔයා තැලෙන යකඩයක් වෙන්න එපා.කොච්චර පීඩා කලත් ඒ අනුකම්පා විරහිත මිනිස්සුන්ට සැනසීමක් නැහැ .හීනවු පොරුෂයක් තියෙන අයට  ඔයාව තැලෙන යකඩයක් විතරයි. එක දවසක් විරුද්ධ වෙලා බලන්න. ඒ මිනිස්සු ඒ තරම් දුර්වල අය.


ගොඩාක් දෙනාගේ කටවල් වල හයිය, අතේ පයේ ශක්තිය වැඩිවෙන්නේ තමන්ට වඩා දුර්වල යැයි හැගුණ අය ළගදි විතරමයි. ඒ අවස්ථාවලින් ඒ අය උපරීම ප්‍රයෝජන අරගෙන අනිත් අයව පීඩාවට පත් කරනවා.අන්න ඒ නිසා ලේසියෙන් තැලෙන යකඩයක් වගේ වෙන්න එපා.එහෙම ජිවත් වෙන්න අමාරුයි. කොටින්ම ඉහ ගහගෙන ඉන්න බැහැ.


අද වෙනකොට අපේ රටේ මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ තැලෙන යකඩ වගේ හැමදාම තැලෙන්න. මොකද පාලකයෝ අපිට උඩ පැන පැන තලනවා.ඒ දෙයින් ගොඩ එන්න නම් රටක් හැටියට අපේ එකමුතුකම අxක එක වෙන්න ඕනි. අන්න ඒ නිසා එ ගැන කතා නොකරන තරමට හොදයි මොකද වචනත් අපරාදේ.

වැරැද්ද දැක්ක තැන කථා කරන්න

අසාධාරණයට එරෙහි වෙන්න

ලේසියෙන් පැගෙන්න එපා.

තමන් නිවරදි නම් කාටවත් බය වෙන්න එපා

ඕනෑවට වඩා පාවිච්චි වෙන්න යන්න එපා

නිවට ගති තියාගන්න එපා

තමන්ට ලැබෙන, ලැබී තියෙන තැන අමාරුවෙන් හරි රැකගන්න

අපි හැමෝටම තියෙන්නේ සමාන අයිතිවාසිකම් බව හිතට මතක් කරලා දෙන්න

ඕනැවට වඩා මිනිස්සුන්ව උඩින් තියන්න යන්න එපා මොකද අපි හැමෝම වටින අය, වටිනාකම හදුනාගන්න



මේ හැමදේම අදාල වෙන්නේ අපි නිවරදි නම් විතරයි. තමන් හරි නම් බය වෙන්න එපා.අපි කාගේවත් පයට පැගෙන දුවිලි නෙවෙයි. 


උදාරි ජයතිලක

Post a Comment

0 Comments