හැමෝම එහෙම කළා කියලා , ඔයත් ඒකම කරන්න ඕනිද?







 හැමෝම එහෙම කළා කියලා , ඔයත් ඒකම කරන්න ඕනිද?

කදවුරකට නව කඳවුරු අණදෙන නිලධාරියකු පත්වි පැමිණියේය. දිනක් ඔහු එම කදවුරේ  ස්ථාන පරීක්‍ෂා කරන විට බංකුවක්ආරක්‍ෂාවට සිටි සෙබළුන් දෙදෙනකු සිටිනු දුටුවේය.

ඔවුන් එය ආරක්ෂා කරන්නේ මන්දැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය.

"අපි දන්නේ නැහැ, කලින් හිටිය  අණ දෙන නිලධාරියා අපිට එහෙම කරන්න කිව්වා - අපිත් කළා.

"එය යම් ආකාරයක රෙජිමේන්තු සම්ප්‍රදායක් විය හැකි යැයි, අපි සිතුවා" කියා පිලිතුරු දුන්නොය.


එම නව නිළධාරියා අන්තිම අණදෙන නිලධාරියාගේ දුරකථන අංකය සොයා ඔහුට කතා කළේ  මෙම විශේෂිත බංකුව ආරක්ෂා කිරීමට හේතුව දැනගැනිමටය 

"මම දන්නේ නැහැ. මට කලින් හිටපු හමුදාපති එය ආරක්ෂා කළා, මම  ඒ සම්ප්රදාය රැකගත්තා."


මේ ගැන තව තවත් අතීත තොරතුරු  සොයාගෙන යද්දී ඔහුට 92 හැවිරිදි විශ්‍රාමික ජෙනරාල්වරයෙකු හමු විය.

"සමාවෙන්න මහත්මයා. මම දැන් අවුරුදු හැටකට කලින් ඔබතුමා අණ කරපු රෙජිමේන්තුවෙ නව නිලධාරියා"

ඔබ බංකුවක් මුර කිරීමට මිනිසුන් දෙදෙනෙකුට පවරා ඇති බව මට පෙනී ගියා.

කරුණාකර මෙම බංකුවේ වැදගත්කම ගැන මට  කියන්න පුළුවන්ද?"

 එම ජෙනරාල්වරයා  කම්පනයට පත් විය:

 "මොකද? තාම මුර කරනවද? තීන්ත තවම තෙමිලාද?"


සම්ප්‍රදායන් බිහිවන්නේ එලෙසය.

මෙය කියවා අවසන් වනවිටම තේරුම් ගැනීමේ ශක්තිය කොපමණ අඩියක තිබුනද. පොඩිම හෝ අදහසක් ඔයාගේ හිතටන් එන්න ඇති. ඒ වෙන කවුරු ගැනවත් නෙවෙයි. අපි  ගැනම. 

සමහර දේවල් තියෙනවා ඇයි කියලාවත් නොදැන අපිත් පුරුද්දට වගේ කරන. ඒ දේවල් වලින් මිදෙන්න වගේම එතැනින් එහාට අඩියක් එහාට තියන්නවත් අපි හිතන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් අපිට ඒකෙන් මිදෙන්න බැරි තරම් වටපිටාව අපිව හිරකරලා.

හැමවේලාවෙම කියන්වා වගේ, තමන් හරි නම් ඒ දේ නිසා වෙන කෙනෙකුට හිරිහැරයක්,අපහසුතාවයකට පත්වන්නේ නැතිනම් ඇයි අපි අපේ විදිහට ජිවත් වෙන්න බය වෙන්නේ?


මොහොතකටවත් හිතෙන්නේ නැතිද තීන්ත වෙලන්කන් බxකුව මුර කරන්න හිටිය සෙබළු දෙන්නා කරපු දේ මෙලෝ තෙරුමක් නැතුව අවුරුදු ගානක් මුරකරපු අය වගෙයි තමයි සමහර දෙවල් තේරුමක් නැතිව අපි අවුරුදු ගානක් කරගෙන යනවා. හේතුව ගොඩාක් වෙලාවට අනෙක් අයත් ඒ දෙවල් කරන එක.

අපි අපේ ජිවිතේ සන්කීර්ණ කරගෙන තියෙන්නේම මේ නිසා,අනිත් අයත් එක්කම දුවලා ජිවිතේ හොදම කාලවලදි ඇත්තටම අපි හති වැටිලා ඉවරයි.


උදාහරණ නම් ලියලා,කියලා ඉවර කර ගන්න බැරි තරමටම තියෙනවා. ඒ නිසා නොකියාම බැරි ටිකක් පහලින් ලියාගෙන යන්නම්. මේ දෙවල් මෙහෙම වෙන්න සධාරණ හේතු ඔයාට ඇති.ඒත් වැඩි ප්‍රතිශතයක් අනිත් අය කරන නිසා වීම. 

පාසැල් යන දුවෙකුගේ, අම්මා කෙනෙක් විදිහට මුලින්ම ඔළුවට එන්නේ අකුරු කියවපු දවසේ ඉදන් පුන්චි දරුවන් අමතර පන්ති වලට ඇදගෙන යාම. ඇත්තටම හොදම වචනේ තමයි ඇදගෙන යනවා කියන එක.මොකද ගොඩාක් පොඩි ළමයින්ගේ මුහුණ දැක්කහමත් හරි විඩාබරයි.

ඔයාගේ දරුවා යම් විෂයකට ගොඩාක් දුර්වලයි නම් ඔබටත් ඒ සදහා දැනුමක්, වේලාවක් නැතිනම් සධාරණයි කියමුකෝ. ඒත් බහුතරයක් අනිත් අය කරන නිසා කරනවා.නැහැ කියන්න එපා ඒක තමයි අමූලික ඇත්ත.රටේ පවතින වතාවරනයක් එක්ක පාසැල් අධ්‍යාපනය නිසිඅකාරව ලැබෙන්නේ නැතිනම් .අමතර පන්ති විකල්පයක් වෙන්න පුළුවන්.දැන් මේ රටට වෙලා තියෙන දේ පෙනවනේ අපිට වෙච්චි දේ එයාලට නොවෙන්න සම්ප්‍රධායික මේ ක්‍රමයෙන් මිදිලා. ළමයින්ට නිර්මානශිලි වෙන්න දෙන්න.තමන්ගේ කුසලතා වර්ධනය කරගන්න එක පුදුම වටිනවා

ගැහැනු දරුවෙකු වැඩිවිය පත් වුනහමත් ගන්න උත්සවය ගැනත් නොකියාම බැහැ. ඒ හා බැදුණු චාරිත්‍ර,වාරිත්‍ර ගැන නෙවෙයි කියන්න උත්සහා ගන්නේ. අර ලක්ෂ ගනන් වියදම් කරලා ගමටම කියලා කරන විගඩම ගැන.ඇත්තටම පොඩි බිස්නස් එකක් වගේ මට නම් පේන්නේ. ඔයාලා ගොඩාක් දෙනෙක් ඔය උත්සවේ මහා ඉහලින් සමරන්නේ අල්ලපු ගෙදරත් එහෙම කල නිසා කොන් වෙන්න බැරි නිසා කියලා වෙන්නත් පුළුවන්.නැතිනම් හේතුව හැමෝම එහෙම කරනවනේ.

කාට හරි ප්‍රසිද්ධ චරිතේකට මඩක් ගහන්නකෝ, නැතිනම් ගුණ් ගයලා කවි ලියන්නකෝ. හැමෝම කරනවනේ ඇත්ත දන්නේත් නැහැ බොරුව දන්නේත් නැහැ කට්ටියගෙම ෆෙස් බුකියේ වෝල් පිරිලා පුදුම රැලි.හේතුව අනිත් අයත් කරනවනේ.

නොකියාම බැහැ වෙඩින් ෆ්‍රී ෂුට් ගැන.ලෝකේට ණය වෙලා හරි වෙඩින් එක ගන්නවා මදිවට ෆ්‍රී ෂුට් එකටත් ණය වෙන්න පටන් ගෙන. වෙඩිමට කලින් අපි හිටිය විදිහ කොහොමද කියලා නෑ සන්හුරේට පෙන්නන්න තියෙන ඕනෑකම . ඒ ඕනෑකම එන්නේ අනිත් අය කලානේ අපි නොකෙරුවොත්, සමාජයෙන්  කොන්වෙයි කියන අනියත බිය.

අනිත් අය එහෙම කලානේ කියලා.තමන්ට ඔරොත්තු නොදෙන තරමේ දෙවල් කරන්න ගිහින් සරල ජිවිත පුදුම විදිහට අමාරු කරගන්නවා .තේරුමක් නැතිව ගොඩනැගුණු සම්ප්‍රධායන් අස්සේම අපේ ජිවිත දියවෙලා ගිහින්.හැමදාමත් එකම තැන.රටේ පවතින හොර මැරකම වන්චාව දුෂණයත් එක්ක තේරුමක් නැති සමහර සම්ප්‍රධායන් අපිව කවදාවත් ලෝකය නොදැකපු ළිx මැඩියන් කරලා තියාගෙන ඉන්නේ. අපේ හිතන විදිහ සම්ප්‍රධායෙන් බැහැර වෙලා හොද විදිහට වෙනස් උනොත්,අඩුමතරමේ අපේ සතුට අපිටම අපේම ක්‍රමයකට හොයා ගන්න බැරිවෙන එකක් නැහැ

 

උදාරි ජයතිලක


Post a Comment

0 Comments