අනිත් අයගේ
වැරදි හොයන්න
ලේසි උනාට
තමන්ගේ වැරදි
හොයාගන්න
අමාරුයි....
තමන්ගේ වැරදි හදාගන්න නෙවෙයි ගොඩාක් අයට තමන්ගේ වැරැද්ද අවබෝධ කරගන්න, වැරැද්ද පිළිගන්න තරම්වත් හිතක් පහළ වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් නිහතමානී මනසක් නැහැ.
අපිට මේ ජිවිතේ ජිවත් කරවද්දි මුහුණ දෙන්න වෙන ලොකුම ප්රශ්ණයක් තමයි.ඒ වගේ අයත් එක්ක වැඩ කටයුතු කරන්න සිද්ධ වීම.තමන්ගේ අතින් වෙන වැරදිත් අනුන්ගේ ගිණුම් වලට බැර කරලා ඇග බේරගන්න උපන් හැකියාවක් ගොඩාක් අයට තියෙනවා. තේරෙන විදිහට කිව්වොත් බොලේ පාස් කරන්න පුදුම හැකියාවක් තියෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අද දවස වෙද්දි රටේ වගකිම් දරණ ඉහල පුටුවල පවා මේ දේ තමයි සිද්ධ වෙන්නේ.
සමාවෙන්න වැරැද්ද මගේ,මම ඒ වැරැද්ද හදාගන්නම් කියලා කියන්නේ කීයෙන් කී දෙනාද? ඔබට හැකි නම් ඒ කිහිප දෙනා අතරට එකතු වෙන්න බලන්න
අනිත් අයගේ වැරදිත් තමන්ගේ මත පටව ගෙන ජිවිතේ විදවන්න තරම් හොද වෙන්න උත්සහා කරන්න එපා කවදාවත් ඒවට අනුබල දෙන්නත් එපා. මොකද මිනිස්සු ඒ දේවල් පුරුද්ද්ට ගන්නවා
අනිත් අයට ඇගිල්ල දික් කරන්න ඉක්මන් වෙන්න එපා මොකද තමන්ගේ පැත්තටත් ඇගිලි හතරක්ම එල්ල වෙන්න තියෙන අවස්ථාව වැඩියි
අපෝ අරයා නම් මෙහෙමයි මෙයා නම් මෙහෙමයි කියලා කෙනෙක් පිටිපස්ස හැරිලා යනකන් ඉදලා හරි නැති තැන්වල හරි කියන්න එපා පුළුවන් නම් එයා ඉදිරිපිටම කියන්න. එතකොට නිහතමානි කෙනෙක්ට එයාගේ වැරැද්ද හදාගන්න අවස්ථාවක් ලැබෙනවා
අනුන්ගේ වැරදි හොයන්න මහන්සි වෙන කාලය ඔයා වෙනුවෙන් වැය කරලා මොහතකට හිතලා බලන්න ඔයාගේ වැරදිත් කෝටියක් හොයාගන්න පුළුවන් වෙයි.හැබැයි අනිත් කෙනාගේ වැරැද්ද හොයන තරම් ඒක පහසු වෙන එකක් නැහැ ඔයාට.ඒත් උත්සහ ගන්න ගොඩාක් වටිනවා ඒක
හැමෝම හිතන්න උත්සහා ගන්නේ අනිත් අය වැරදියි කියලා, නිකමටවත් හිතුවොත් මගේත් වැරැද්දක් ඇති කියලා අපේ වටපිටාව ගොඩාක් ලස්සන වෙයි
තමන්ට නොපෙනන තමන්ගේ වැරදි ගොඩාක් අනිත් අයට පේනවා ඉක්මනටම.විවේචනත් එල්ල වෙනවා නොඅඩුවම.ඔයාට ඔයාව හරි වගේ පෙනුනත් ඇත්තටම වැරැද්ද ඔයාගේ වෙන්නත් පුළුවන්.
අනිත් අයගෙන් මට වැඩක් නැහැ. මම ඉන්නේ මට ඕනි විදිහට කියලා ඔයාටත් හිතෙන්න පුළුවන් එහෙම හිතෙන එක හරි වෙන්න පුළුවන් ඒත් ඒ ඩේ වැරැද්දක් නම් ඒ වැරැද්දෙන් අනිත් අයට පොඩිම හානියක්වත් වෙන්න දෙන්න එපා.ශාරිරිකව වගෙම මානසිකවත්.
තමන් සියයට සියයක් හරියි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් ඔයාටත් නොදැනෙන නොතේරෙන වැරැද්දක් ඔයා ළගත් තියෙන්න පුළුවන් අන්න ඒ දෙත් හොයාගන්න උත්සහ කරන්න ඒක හරිම වටිනවා.
අපේ වැරදි වලට අනිත් අය විදවන්න ඕනි නැති බව විශ්වාස කරන්න උත්සහා ගන්න. අපි හැමෝම එහෙම උනොත් කොච්චර බාධක මැද උනත් අපේ ජිවිත ගෙනියන එක පහසුවක් වේවි.
උදාරි ජයතිලක
0 Comments