ලැජ්ජාශිලිවන්න,ඇත්තෙන්ම ලැජ්ජාවිය යුතු දෙයට


 බොහෝ අය බොහෝ තැන්වල ලැජ්ජාශිලි වන්නේ, අනවශ්‍ය දේ වලටය. එහෙත් සත්‍ය ලෙසම ලැජ්ජා වියයුතු තැන්වල, කිසිදු ලෙසකින් පැකිලිමක් පැකිලිමක් නැත.


තමන්ගේ දුප්පත්කම ගැන ලැජ්ජා වෙන සමහරුන්, ඉන් මිදිමට අන්සතු දේ සොරා ගැනීමට ලැජ්ජා නොවෙති.


ඇත්ත කථා කිරිමට ලැජ්ජා වෙන බොහෝ දෙනා, බොරුව වන්චාව ඉදිරියේ නිවටයින් සේ සිටිමට ලැජ්ජා නොවෙති.


තම වැරැද්ද පිළිගැනීමට  ලැජ්ජා වෙන සමහරුන්, නැවත නැවතත් එකම වැරැද්ද කිරිමට පවා ලැජ්ජා නොවෙති.


තමන්ගේ  අඩුපාඩු වලට ලැජ්ජා නොවෙන බොහෝ අය,   24 පැය  අනුන්ගේ  කුණු සෙවිමට ලැජ්ජා නොවෙති.

 

අන් අය ඉදිරියේ තම සැමියාට/බිරිදට හාදුවක් දීමට ලැජ්ජා වෙන බොහෝ අය, හොර අඹුවන්/මිනිසුන් සමග කාමය වරදවා හැසිරිමට ලැජ්ජා නොවෙති.


අන් අය ඇගයිමට,ප්‍රශන්සා කිරිමට ලැජ්ජා වෙන සමහරුන්, අනිත් අයට ඉරිසියා කිරිමට,කුහක කම් කිරිමට ලැජ්ජා නොවෙති.


වැරැද්දක් විවේචනය කිරිමට ලැජ්ජා වෙන බොහෝ දෙනා, අන් අයට හොර රහසේ මඩ ගැසීමට ලැජ්ජා නොවෙති.


තමා සතු දෙයින් සමාජය ඉදිරියේ පෙනී සිටිමට ලැජ්ජා වෙන, තවත් සමහර අය අනුන්ගේ දේවල් තමන්ගේ දෙවල් ලෙස පාවිච්චි කිරිමට ලැජ්ජා නොවෙති

ලැජ්ජා වීමට ඇති බොහෝ දේ අමතක කර,අනවශ්‍ය දේවලට අනවශ්‍ය ආකාරයෙන් ලැජ්ජා වී බොහෝ අය ජිවිතය විදවමින් සිටීම නම් සැබවින්ම ලැජ්ජා සහගතය.

නිවරදි දේ දැකීමට, කථාකිරිමට,කොටින්ම ඔබ නිවරදි නම්,කිසිවෙකුට වරදක් සිදු නොවේ නම්, ඔබ ඔබේ විදිහට සිටිමට ලැජ්ජා නොවන්න.

උදාරි ජයතිලක


Post a Comment

0 Comments