ඔබ, දරුවෙකුට දෙන
අවවාදයට වඩා,
ආදර්ශය උතුම්ය.....
මවක් වු නුඹ, දස මාසයක් කුසයේ හෝවාගෙන හිටිය පමණින්වත් .මේ ලොව ඔබේ දරුවා එළිය දුටුව දා පටන් නිදි නැතිව කරන්නාවු අප්‍රමාන කැප කිරිම් කල නිසාවත්,
පියෙක් වු නුඹ, ඔබේ දරුවා මෙලොව එළිය දැකිමටත් මත්තේන් හා ඉන් පසුවත් දරුවන්ගේ වගකිම් සිත දරා යුතුකම් ඉටු කල පමණින් වත්.සාර්ථක මවක් හෝ පියෙක් වන්නේ නැත.
අවවාද, කෙසේ වෙතත් පුන්චි සිත් බැණුම්, ගුටි බැට වලින් තලා පෙලා දරුවෙකු යහමග ගැනිම, නම් පුද්ගලික මාගේ මතය සහ අත්දැකිම් අනුව නම් සාර්ථක ක්‍රමයක් නොවනු ඇත.ඉතින් ඔබ තර්ක කරාවි ඉස්සර මිනිස්සුත් දරුවෙකු හැදිම හැදි ගා රසවත් කිරි හොද්දකට සමාන කලා නේද?. එය ඔබගේ මතය වීමට පුළුවන, එහෙත් මාගේ දරුවෙකුට ගුටි බැට දී හැදීම සිතාගන්නටවත් නොහැකි තරමේ අප්‍රසන්න සිතුවිල්ලකි.
ගුටු බැට, බැණුම් නැතිව ළමයි හුරතල් කරන්න හොද නැහැ නරක් වෙනවා.එහෙම බයක් දැනේනවද ඔබටත් ? එහනම් විසදුම ඔබ හැමවිටම ආදර්ශවත් වෙන්න, සිතේ නොසගවා ආදරය දෙන්න,ඇහුන්කන් දෙන්න. පුන්චි මොහතකටවත් තනි නොකරන්න.
හැමදේටම කලින් ආදරය හදුන්න සන්වේදි දරුවෙක් ගොඩනගන්න, දරුවාට ඒ දෙවල් වලට වටිනාකම දැසින් දැක සිත තුල තැන්පත් වෙන්න ඉඩ හරින්න. කොහොමද ඒ සමාවෙන්න ඒ වට නම් බෙහෙත් නැහැ.මුලින්ම දෙමාපියන් වෙන ඔබ දෙපල එකිනෙකාට ආදරය කරන්න,ගරු කරන්න, සන්වේදි වෙන්න දරුවට හොරෙන් නෙවෙයි දරුවා ළගදීම, මොකද අම්මාගෙයි, තාත්තගෙයි ආදරය, පවුලක බැදිම ගැන දරුවාට ලැබෙන ප්‍රථම සළකුණ වනු ඇත
කියවීමට දරුවා හැකිතාක් සමීප කරවන්න,මේ ළමයා අසාවට පොතක් කියවන්නේ නැහැ , ගොඩ දෙනෙක් ගේ පැමිණිලල්ක්, පටහ් ගන්න ඔබේන්ම ලැබෙන හැම පුළුවන් අව්ස්ථාවකම ඔබ පොතක් කියවන්න, දරුවාට පෙනෙන්නම, මොකද ඔවුන් කරන්නේම ඔවුන්ට පෙනෙන දේ,ඒසේ නොමැතිව ඔබ , ලැබෙන හැම විටම ජන්ගම දුරකථනයෙන් කාලය කා දමනවානම් කණගාටුයි ඔබේ දරුවාගෙනුත් ඔබ බලාපොරොත්තු විය යුත්තේ එයමය. දරුවා එයට ඇබ්බැහි වු පසු දෙස් දෙවොල් තැබීම සාර්ථක දැයි නොදනිමි.
බත් ටික කවාගන්න, ඔබේ අන් සියළු වැඩ කරගැනීමට අවර ගණයේ කාටුන් දමා දී පසුවට දරුවාගේ දෙනෙත් දුර්වල වි එයට ඇබ්බැහි වු පසු ඔබේ දෙනෙත් විවර වී හතර අතේ දිව්වාට ඒ වෙනවිට්ත් ඔබ ප්‍රමාද වි තිබෙන්නට පුළුවන.
රෑ හතට කකුල් උඩ තියාගෙන රෑ 10 වෙනකන්ම රූප පෙට්ට්යට වශිවි සිටින විට, දරුවාට ලැබෙන ආදර්ශයත් එයමය.ඉතින් දරුවා රුප පෙට්ට්ය ලගින් නොසෙල්වන විට දුරස්ථ පාලකය සැගවීම නම් තවකාලික පිලියමක්ම වනු ඇත, සම්පුර්ණ යෙන්ම තහනම් කිරිම නොව, අධ්‍යාපන වැඩසටහනක් හරවත් කලාවක්. විශේෂයෙන් ඉන්ග්‍රිසි භාෂාව දියුණු කිරිමට අවශ්‍යනම් දරුවා සුදුසු ඉන්ග්‍රිසි කාටුන් කිහිපයක් බැලිමට යොමු කල හැක. මතක තබාගන්න ඔබ ගේ අධීක්ෂණය එයට අවශ්‍යමය.
ඔබ කුමන ආගමක් ඇදහුවත් එයට සමීප කරවීම,වත් පිලිවෙත් දරුවා සමගින්ම කාලයක් නිවසේදි සිදු කිරිමට යොදා ගැනීම ගුන යහපත් දරුවෙකු රටට තිළිණ කිරිමේ මුලික අඩිතාලමයි.
ගරු කල යුත්තන් , පිදිය යුත්තන් නිවරදීව තෝරා ගැනීමට දරුවා හුරුකරවන්න. ඒ ඔවුන්ගේ නිලතල මතවත් වැඩිහිටි භාවය මතවත් නොවේ මානුසීය ගති මතය, මොකද සෑම වැඩිහියෙකුම ගරු කිරිමට සුදුස්සන් නොවේ* මා හට දොස් නොකියන්න එය ඇත්තකි, වර්ථමානයේ බොහෝ දරුවන් අපචාර වලට ලක් කරන්නේ සමහරක් වැඩිහිටියන්න්ම. පොත පතේ දැනුමට සමානවම සමාජ දැනුම දරුවන්ට දිය යුතුමය.නැතිනම් අකාලයේ මිලින වන්නේ අනාගත දරුවන්මය.
හැම දෙනා ගේම බහට අවනත් වී නම් ඔබට කීකරු ඔබේ දරුවෙක් ගොඩ නැගිම අපහසුය හැම දෙනාගේම අවවාද දරුවාට කන් කරච්චලයකි, මොහොතට හෝ ඔබේ කුඩා වියට මනසින් ගොඩවි සිහිකරන්න.
*ඉල්ලන හැම දේම දරුවන්ට දෙන්න එපා ලමයි නරක් වෙනවා* ඔබත් මෙය විශ්වාස කරනවාද? ඔබේ අවශ්‍යතාව මත මේ ලෝකට ආ දරුවා ආස දේ,කැමති දේ ඔබට හැකි අයුරින් ලබා දෙන්න. මොකද ඔවුන්ගේ කැමැත්ත ඉටු කිරිමට පිටස්තරයන් ඉදිරිපත් වන්නේ නැත. මතක තබා ගන්න මුදල් ඉපයීමට ඔබ දෙදෙනා වන මහන්සිය,කැප කිරිම දරුවන්නට අවබෝධ වන්නට ඉඩ හරින්න. නාස්ති කාරයෙක් නොවි මුදලෙහි වටිනාකම ඔවුන් තේරුන් ගනිවි.
ඔබගේ වගකීම ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරිමට මුදල් සෙවීම පමණක්ම නම් නොවේ,හැකි හැම විටම දරුවා වෙනුවෙන් කාලය වෙන් කරන්න එය කිසිදා මිල කල නොහැකි දෙයකි.
මා මෙය ලිව්වේ ළමා මනෝ විද්‍යාව ගැඹුරට හදාරා නම් නොවේ. ඔබට දහසකුත් වැරදි පෙනේවි, එය මේ රටේ ස්වභාවයයි. කණගාටු නොවේම්. මෙය අකුරු කෙරු මම දසවැනි වියේ ආදරණිය දියණියහේ අම්මා කෙනෙකි. මා සටහන් කල සියළු දේ මා ලැබු අත්දැකිම් හා සිතුවිලිය. සත්තකින්ම එය ප්‍රයෝගික හා සාර්ථකය, ඒ නිසා කීකරු, සන්වේදි ආදරය හදුනන, දක්ෂ කලාවට ලැදි දියණියක් මේ වනතෙක් මා ගොඩ නගමින් පවති.එය ඉදිරියටත් එසේම වනු ඇත.
ඉතින් ඔබේ දරුවා, ඔබ ආදර්ශයක් වී ඔබ ගොඩ නගන්න, ඔබේ පීඩාවන් දරුවන් මත තබා ඔවුන්ව හින්සාවට ලක් නොකරන්න.
ලොව හැම දරුවෙකුගේම මුවගේ සිනාවක් රැදි තිබිම මාගේ පැතුමයි..
උදාරි ජයතිලක
0 Comments