නොගැලපෙන චරිත ළගින් ඈත් වීම,ඔබගේ මානසික සුවය ආරක්ෂාවිමක් මිස දුර්වලතාවයක් නොවේ.

 


නොගැලපෙන චරිත ළගින් ඈත් වීම,ඔබගේ මානසික සුවය ආරක්ෂාවිමක් මිස දුර්වලතාවයක් නොවේ.


හිත් රිදවීම්, අමනාපකම්,නොගැලපිම්,මැද්දේ හෙම්බත් වෙලා මොහතකට නිදහස් තැනක්  හුදකලා වෙන්න බලන්න.දැනේයිද ඔයාගේ හිතටත් පාළුවක් ,තනිකමක් ,අසරණ කමක් ඔව් දැනෙයි මොහතකට. අපි ගොඩක් දෙනා බයයි ඒකට. ඒ නිසාම නොගැලපෙන අය එක්ක, නොගැලපෙන තැන්වල ජිවිතේ හිරකරගෙන දුක් විදිනවා.

හිරවෙච ජිවිතවලින් එළියට ඇවිත් අළුත් විදිහට ජිවිතේ ගැන හිතුවොත්,අළුත් බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් නිදහස් තැනක හුදකලාව කියන්නේ ඔයාට ලැබෙන ආශිර්වාදයක් වගේ දැනෙන්න ගනිවි.

හිතේ සැනසීම, ලැබුණු දවසක ඔයාටත් දැනෙයි ඔයා ජීවත් වෙන්න පටන් ගත්තා කියලා.හැමදේම සම්පුර්ණ කරගෙන සතුට හොයාගන්න හිතන්නවත් එපා.මොකද කාලය හිමින් යන්නේ නැහැ.


යහළු මිත්‍රකම් වැඩිවෙන තරමට මානසික සුවයක් ලැබෙන්නේ නැහැ. සමහර අවස්ථාවල එක් යහලුකමක් විතරක් සැහෙයි ඔයාගේ ළගින්ම සැප දුක ලග ඉන්න.ගොඩාක් අය කතා වේ ඔයා නැති තැන්වල ඔයා ගැන අපෝ එයාට මිනිස්සු ආශ්‍රය කරන්න තෙරෙන්නේ නැහැ කියලා. ඒත් හිතන්නවත් එපා ඒ ගැන හැමෝම සතුටු කරන්න බැහැනේ ඔයාට


මාසේ අන්තිමට ලොකු මුදලක් ලැබෙන නිසා  පමණක්ම රැකියාව කරන්න එපා. මොකද ගොඩාක් තැන්වල ඉන්නේ අපිට රැකියාව විතරක් නෙවෙයි, ජිවිතෙත් එපා කරවන මිනිස්සු.තමන්ගේ හැකියාව,දැනුම ගැන ඔයාට  විශ්වාසනම් ඒ වගේ තැනක රැදෙන නොරැදෙන එක ගැන දෙපාරක් හිතන්න පුළුවන්  අවශ්‍ය වන්නේ ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසේ. එහෙම උනාමත් ගොඩාක් දෙනා කියයි,ඇයි අනේ එක තැනක ඉන්න බැරි,ඔයාට නම් රස්සාවල් හරියන්නේ නැහැ කියලා. ඒ දේවල් අදාල කරගන්නම එපා.මොකද මානසික පීඩාව කියන්නේ සුළු දෙයක් නම් නෙවෙයි.


අත්හරින්නම ලෝභ හිතෙන කෙනෙක්ව,මානසික පිඩා, නොගැලපිම්,හිත් රිදීම් මැද්දේ හිත අස්සේ තියාගෙන දුක් විදින්න එපා.ගැලපෙන දේවල් ගලපගන්න ඔයා උත්සහා කලත් අනෙක් කෙනාගේ සහයෝගක් නැතිනම් කවද හරි විවාහ වෙලා පැටව් ලැබුනාහම අසරණ වෙන්නේ ඔයා නෙවෙයි,ඒ මුකුත් නොතෙරෙන පොඩි ළමයි.ඒත් මොකක් හරි හේතුවක් නිසා විවාහ වෙලා දරුවොත් ඉන්නවනම් මේ කිව්ව තරම් බැදිම් වලින් ඈත්වෙලා ඔයාට යන්න බැරිවෙයි.ඒ ගැන ඒක පාරක් නෙවෙයි සියවතාවක් ඔයාට හිතන්න වෙනවා.

අපි,අපිට හිමිදේ,උරුම දේ මේ තමයි කියලා ඉන්නවනම් පොඩි හරි උත්සාහයක් නොගෙන අන්න එතැන තමයි හැබැම දුර්වල කම තියෙන්නේ,මිනිස්සු හිතෙන දේවල් වලට බයේ,කතාවලට බයේ නොගැලපෙන තැන්වල ජිවිතේ හිරකරගන්න එපා,හරි දේ, හරි අයත් එක්ක, හරි තැනක බෙදා හදා ගනිද්දි දැනේන හිතේ සැනසීම හරිම වටිනවා.ඉක්මන් නොවි හිතට එකගව තීරන ගන්න. හිතේ සතුට හැමදාමත් රැදේවා..............



උදාරි ජයතිලක

Post a Comment

0 Comments