මතක තියා ගන්න,
සතුටෙදි ළගින් ඉදන් හිනාවුන අය නෙවෙයි
ලෙඩකදි දුකකදි පිහිටක් වුණු අයව.......
ජිවිතේ හැම කාලයකටම වඩා ලෙඩ දුක්, වසන්ගත හැදිලා අපි හැමෝම අසරණ වෙන කාලයක් මේක. කොයි තරම් පරිස්සම් වුනත් නොසිතුව මොහොතක අපෙන් වෙන එක් අතපසුවීමක් නිසා කොවිඩ් කියන ඒ අත්දැකිම විදගන්න සිද්ධ වෙන්න පුළුවන්. ම මේ ලියන මොහොතේදිත් සතියක් පහුවුනත් වෙනදා නොදැනුනු තරමේ අපහසුවක් දැනේන අවස්ථා ගොඩාක් වැඩියි. මේ අවස්ථාවට මුහුණ දීලා තියෙන ඔයාලත් අඩු වැඩි වශයෙන් විදලා ඇති. කුඩා දරුවෝ ඉන්න අම්මෙක්,තාත්තෙක් නම් තමන්ගේ අමාරුකම පැත්තකින් තියලා පුන්චි දරුවන්ගේ වෙනස්කම් නිදි නැතිව බලාගෙනත් ඇති.
සැරින් සැරේ උණ ගතිය වැඩිවෙද්දි, හුස්ම ගන්න අපහසු අවස්ථාවල, මිල මුදල් වලට ගන්නත් බැරි, දෙන්නත් බැරි ගොඩාක් දේවල් මේ ලොකේ තියෙන බව තෙරුම් යන්නත් ඇති. ඒ අතිරින් නිරෝගී බව කියන්නේ මොන දේ නැතත් තියෙන්න ඕනි දේ කියලා තේරුම් යයි.
ජිවිතේ ගැන මිනිස්සු ගැන හරියටම නැතත්, පොඩි හරි වැටහීමක් තිබුනනම් මේ කාලේදි නිවැරදිම විදිහට කොරොනා ඔයා අපිට හැබෑ හිතවත් කම් මොනවද කියලා පෙන්නලා දෙනවා. ස්තූතියි ඒකටනම් ගොඩාක්.....
ජිවිත කාලයක් ගිහිල්ලත් තේරුම් ගන්න බැරි මිනිස්සුන් ගේ ගති පැවතුම් සිතුම් පැතුම් කොහොමද? අනිත් අයගේ දුකක් කරදරයක් තමන්ගේ කරගෙන වද වෙන මිනිස්සු කවුද? තමන්ගේ කම කියන්නේ ලේ නැකම් වලට එහා ගිය බැදිම්ක් කියලා සමහර යාළුකම් ඔප්පු කරන හැටි හරි ලස්සනට කියලා දෙනවා.
කොරොනා මේ කාලේදි ඔයා.....නිසා
දුරකථන ඇමතුමක් හරි දීලා දැන් කොහොමද කියලා හිතවත්කම් අහද්දි, ගෙයක් ඇතුලට වෙලා ඉද්දි දැනේන ඒ හැගිම මොහොතකට අමතක කරලා ඉන්න පුළුවන් ශක්තියක් අපිට එනවා. ඒක හරියට ප්‍රතිශක්ති පානයක් වගේ
සමාජ මාධ්‍යවලදි තමන් තරම් දන් දෙන, කෙනෙක් නැහැ කියලා ලෝකෙට ඔප්පු කරන්න දගලන පුස් චරිත, හැබෑවටම කොයි තරම් දන් දෙනවද කෙනෙක්ගේ දුකකදි පිහිට වෙනවද කියලා දැක ගන්න ලැබෙන හොදම අවස්ථාවක් මේක
හතර පෝයට සිල් නොගත්තාට , දෙන දාන පින්කම් සමාජ මාධ්යැඨැ ඇවිත් පුරසාරම් නොදෙව්වාට, නොදන්නාම ගේ ලගට ඇවිත් මාසෙකට විතර කන්න බොන්න ආස දෙවල් තියලා යන උතුම් චරිත අපි ලග ඉතුරුවෙලා ඉන්නවා කියලා සතුටු වෙන්නත් කියලා දෙනවා.තමන් අමාරුවෙන් හම්බ කරලා අනිත් මිනිහෙකුගේ දුකේදි පිහිට වෙන ඒ වගේ අයට. දුන්නා වගේ දගස් ගුණයක් හම්බුවෙන්න කියලා හරිම පහන් සිතුවිල්ලකින් හිතන්න පුරුදු වෙනවා.
උදව්වක් වෙන්න ඔනි කියලා. ඒ උදව්ව මග හරින්න නා නා විද හේතු වලින් තමන්ගේ හිත රවට්ටගෙන වැඩ කරන මිනිස්සු අතරේ, තමන්ට පුළුවන් විදිහට හේතු නොවිමසාව, උදව් කරන්න කිලෝ මීටර් ප්‍රමාණය බාධාවක් නොකර ගත්ත උතුම් යාලුකම් ගැන හිතේ ඇතිවන බැදිම නම් තවත් වැඩිවුණා ස්තුතියි.
අපි මේ ජිවිතය ජිවත් කරද්දි අනිත් අයට අපිට පුළුවන් තරමින් හරි උදව්වක් පිහිටක් වෙන්න ඕනි කියන එක සියයට සීයක්ම ඉගැන්නුව මේ කාලේ. උදව්වට උදව් කරද්දි ඒක නිකන්ම නිකන් කරන්න වාලේ නොකර අපේ ආදර්ය, කරුණාව සෙනහස දෙන බත් එකත් එක්කම ඔතලා දුන්නහම ඒකෙන් ලැබෙන ප්‍රතිපල ගොඩාක් වැඩියි කියලත් තේරුම් ගන්න පුළුවන් වෙනවා.
අනිත් දේ විශේෂයෙන් මත්ක තියාගන්න. ඔයා පොසිටිව් වෙච්ච මොහොතේ ඉදන් නෙගටිව් මිනිස්සුව මග හැරලා ඉන්න. මොකද මම ලබපු අත්දැකීමක් මේක . මගේ අම්මට අසනීපයෙන් හිටිය වෙලාවෙ කෙනෙක් කියලා තිබ්බා. *එයා දන්න කෙනෙක් කොරොනා හැදිලා මැරිලා වැටුණකියලා*
ඒ එක උදාහරනයක් විතරයි. පරිස්සම් වෙන්න මේ කාලේ සමන්ය දැනීම තියෙන මිනිස්සු අඩුයි .
පුළුවන් දෙයක් පුළුවන් විදිහට උදව් අවශ්‍ය වෙලාවට කරලා දෙන්න කෙනෙක් වෙනුවෙන් .මොකද ඒ දේවල් ආපිට, අපිට දහ ගුණයකින් වැඩිවෙලා ලැබෙනවා.අපිට අපි හැර උදව් කරන්න පිට සක්වලින් එන්නේ නැහැ.
අවස්ථාවක් කරගන්නවා මේ ලිපිය අපි වෙනුවෙන් තමන්ගේ කාලය මුදල් හොද හිත වැය කරපු හැමෝටමත්. වචනයකින් හරි සොයා බලපු හැමෝටමත්. වේලකින් හරි අපේ කුස පුරවන්න දායක් වුණු හැමෝටම බොහෝම ස්තුතියි සහ පින්...මොකද මේ වගේ වෙලාවක ලැබෙන උදව් වලට මිලක් දෙන්න මම දන්නේ නැහැ.
තවත් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න අපේ සිත් තුල පහල වේවා.
අපි වෙනුවෙන් අපි......සැබැම කාලයේ අවශයතාව ඒයයි
උදාරි ජයතිලක
0 Comments