හිතට එකගව ඔයාට දෙන්න පුළුවන් පිළිතුර කියන්න බලන්න

 






හිතට එකගව ඔයාට දෙන්න පුළුවන් පිළිතුර කියන්න බලන්න. ඔව් ගොඩ දෙනෙක් කියාවි පිළිතුර (1) කියලා. ඔව් තෑගි ලැබෙනවට අකමැති කවුද නේද?

මේ දේ මට ලියන්න හිතුණේ මගේ වයස අවුරුදු දහයක් වෙච්චි දියණිය නිසා. මේ ඇයට ලැබුණු ප්‍රශ්ණ පත්‍රයක තිබුණු ප්‍රශ්ණයක්. එත් එයා මේ ප්‍රශ්ණ මට පෙන්නලා කිව්වේ වෙනස්ම කතාවක්

.'' අම්මා මේකේ හරි උත්තරය (1)  ඒත් මගේ හිතට අනුව මගේ පිළිතුර (3) "

ඇයි දන්නවද? මම ගොඩාක් ආස වටිනා තෑග්ගක් මට ලැබුනොත් මම මුලින්ම මට සතුටු හිතෙයි ඒත් ඊළග මොහොතේම මට මතක් වෙන්නේ. ඒ තෑග්ග මම පරිස්සම් කරගන්න ඌනි, නැති වුනොත් මට ගොඩාක් දුක හිතෙයි.මට ඒක මහා බරක් වගේ. තෑග්ග ලැබුණු වේලාවේ දැනුනු සතුටට වඩා ඒ දුක ගොඩාක් වැඩියි. ඒ නිසා ගොඩාක්ම හොද ගොඩාක් සතුටු නොවි ඉන්න එක""

මේ ජිවිතේ  ජිවත් කරවද්දි අපිට කරන්න අපහසුවම නොසැලි ඉන්න එක සතුට වගේම දුකේදිත් සම සිතින් භාරගන්න පුළුවන් නම් හැමදාමත් අපි සතුටින්.

ඇත්ත දේවල් අපේ වෙද්දි, අපිට අයිති වෙද්දි අපිට දැනේන්නේ සතුටක්, ඒත් හැබැවටම වෙන්නේ වගකීමක් බැදිමක් එකතු වෙන එක.

අපි හැමෝටම එකම අවස්ථාවක් හරි ලැබෙවි ජිවිතේ  අහිමි වීමි වලදි හිත හදාගන්න.කන්දක් නැග්ගොත් කොයි මොහොතේම හරි පල්ලමක් ලැබෙන බව දැනගෙන ඔබේ ඔබේ ගමන යන්න.

දුක, සතුට, හිමිවීම් අහිමිවිම්, නිනිදා ප්‍රශන්ශා, ලාභ, පාඩු වලට මුහුණ නොදි අපි මේ ගමන යන්නේ කොහොමද, නොසොල්මනේ ගලන දිය පාරකට වඩා ගල් වල බාදක වල හැප්පිලා යන දිය පාරක අමුතු ලස්සනක් ,ජවයක් තියෙනවා, ජිවිතේත් ඒ වගේ

''වැඩිය හිනාවෙන්න එපා අඩන්න වෙයි'' ඉස්සරම මෙහෙම කථාවක් අහලා තිබ්බට කාලයක් යද්දි තේරුම් යනව ඈහෙම කිව්වේ ඇයි කියලා.


දුකෙන් ඉන්න නෙවෙයි මම මේ දේවල් කිව්වේ.සතුටින් ඉන්න හැම මොහොතේම, ඒත් හැම තත්පරේම උදාවෙන්නේ අපේ ජිවිතේ වෙනසක් කරන්න බලාගෙන,අන්න ඒ යථාර්තය පොඩියට හරි ඔයාගේ හිතේ කොණක තියා ගන්න. එතකොට හැමදාමත් සතුටින් ඉන්න ඔයාට පුළුවන් වෙයි. මොකද සතුට කියන්නේම සාපේක්ෂ දෙයකට.හරියට වැස්සට තෙමන එක කෙනෙකුට සතුටක් වෙන්න පුළුවන් වගෙම තව කෙනෙකුට දුකක් ඒක.

හැම මොහොතක්ම මැදහත්ව භාරගෙන හැමදාම සතුටෙන් ඉන්න හැකිවේවා !!!


උදාරි ජයතිලක




Post a Comment

0 Comments